යාපනයේ තරුණ ස්වාධීන ජනමාධ්‍යවේදියකු වන ශ්‍රී රාමචන්ද්‍රන් මයුරන් (26) හට ආයුධ සන්නද්ධව පැමිණි නාදුනන පිරිසක් විසින් දරුණු ලෙස පහර දී ඇති බව යාපනයෙන් ලැබෙන වාර්තා සදහන් කරයි.
වාලම්පුරි පුවත්පත සමග ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මයුරන්, යාපනය මාධ්‍ය සංධයේද ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අතර අලුතෙන් ආරම්භකරන ලද යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ පරිපාලනය මණ්ඩලයේ සභිකයෙකුද වෙයි.
ඊයේ (27) දිනයේ සවස 5.00 ට පමණ සාමාන්‍ය පරිදි තම නිවසට පිහිටා තිබෙන තිරුනෙල්වේලි ප්‍රදේශයේදී තම මිතුරා සමඟ කථාබහ කරමින් සිටි අවස්ථාවේදී හදිසියේම එම ස්ථනයට කඩාවැදුනු වෑන් රථයකින් පැමිණි මැර පිරිසක් මයුරන් හට පහර දී තිබෙන අතර එම හට පහරදීම වැලක්වීමට තැත්කළ ඔහු සමඟ සිටි මිත්රයකුද දැඩි ලෙස තුවාලවී තිබේ.
උල් ආයුධවලින් හා කම්බිවලින් පහරදුන් එම පිරිස ඔවුන්ගේ රන් මාලයද උදුරාගෙන ගොස් තිබේ. එම පහරදීම වැලක්වීමට තැත්කළ ඔහුගේ මිතුරාට කළ පහරදීමෙන් මිතුරාගේ හිසට දැඩි තුවාල සිඳුවී තිබේ. අද සිඳුවූ පහරදීමේ අරමුණ කුමක්දැයි මෙතෙක් කිසිම තොරතුරක් අනාවරණයවී නොමැති නමුත් මැතිවරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ව ඉලක්කකර ප්‍රහාර එල්ලකර තිබීම අවධානයට පාත්රවූ කරුණක්වී තිබේ.
මෙසේ පහර දීමට පැමිණි කණ්ඩායමට නල්ලුර් ප්‍රදේශීය සභාවේ තැනැත්තෙකුද පැමිණ සිටි බවට මේ වන විට කරුණ අනාවරණය වෙමින් පවතී.
මෙම ප්‍රහාරය මේ වසරේ ගෙවීයන මාස 7 තුළ පමණක් උතුරේ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර එල්ලවූ 7 වැනි ප්‍රහාරය වන අතර මේ වසරේ මාර්තු 8 වැනිදාද වාලම්පුරි පුවත්පතේ තරුණ ජනමාධ්‍යවේදියෙකු වන විසිහතර හැවිරිදි යූ. සාලින් (U. Salin) හට නාදුනන පිරිසක් විසින් පහර දුන්නේය. ඊට අමතරව උදයන් පුවත්පතේ මාධ්‍යවේදීන්ට,එම මුද්‍රණාලය ගිනිතැබීම,මාධ්‍ය සේවකයන්ට පහර දීම මාධ්‍යයට එරෙහි දරුණු ගණයේ ක්‍රියා ගණනාවක් වාර්තා විය.
විශේෂයෙන් උතුරු පළාත් සභා මැතිවරණයේ පූර්ව සමය වන මෙම කාලයේ දෙමළ මාධ්‍යට එරෙහිව එල්ල කරන මෙම ප්‍රහාර ඉදිරියේ අැතිවිය හැකි තත්ත්වයක සලකුණු පෙන්වන බව උතුරේ මාධ්‍යවේදීන් පවසා සිටිති.
නොදන්න පිරිස් ගැන දන්න කථාව
විශේෂයෙන් උතුරේ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ලකරන පිරිස් නාදුනන පිරිස් ලෙස හැදින්වූවද ඔවුන් කවුරුන් ද වග සැවොම දන්නා කරුණකි. හමුදාකරණයෙන් කාෂ්මීරයට පමණක් දෙවැනි වන යාපනය උතුරු පළාතේ ආයුධ රැගෙන පුද්ගලයෙක්ට පහර දී පලා යා හැක්කේ හමුදාවට, ඔවුන්ගේ බුද්ධි අංශවලට සහ හමුදා සහය ලබන පිරිස් වෙත පමණි.
උතුරේද දකුණේද ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්,පැහැර ගැනීම්,පහර දීම්,මාධ්‍ය ආයතන ගිනි තැබීම් මේ ආදී කිසිදු සිදුවීමක් සම්බන්ධව කිසිදු ආකාරයේ සැහීමකට පත්විය හැකි පරීක්ෂණයක් කිරීමට වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීමට කොළඹ රජය සමත් වී නොමැත.
උතුරේ ජනමාධ්‍යවේදීන් අන්තර්ජාතික ප්‍රජාවට බලකර සිටින්නේ මාධ්‍ය නිවේදන නිකුත් කිරීමේ එහා ගිය බලපෑමක් කොළඹ රජය වෙත සිදුකරන ලෙසයි.
මූලාශ්‍රය : LNW හා GTN