කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ 7වැනි සමුලූව පසුගිය අප්‍රේල් 16 වැනිදා සිට 19 වැනිදා තෙක් පැවැත්විණි. 19වැනිදා එහි සමාප්ති සැසිය අමතා කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස් විසින් කළ ප්‍රකාශයේ පරිවර්තනයක් අප විසින් පළ කරන ලදී. කියුබානු නායකයා වෙන්ව ගිය පසු අප නැවත එම අදහස් කියවිය යුතු යැයි සිතේ.
“අර්බුදකාරී අවස්ථාවකදී ජනතාවට නායකත්වය දීමට සුපිරි මානව උත්සාහයක් අවශ්‍ය වේ. එසේ නොමැතිව වෙනස්කම් කිරීමට තබා සිතීමටත් නොහැකිය.
විප්ලවකාරී ජනතාව අතුරින් ඔවුන් තෝරාගත් නියෝජිතයන් දහසක් පමණ මෙහි රැුස්ව සිටී. ඒ ජනතාව සතු අධිකාරී බලය නියෝජනය කරන්නට මෙහිදී ඔවුන්ට හැකි වනවා මෙන්ම එය ඔවුන්ට ජිවිතයේ ලැබිය හැකි උපරිම ගෞරවය ලෙස සැළකිය හැකිය. හෘදසාක්ෂිය තුලින්ම විප්ලවවාදීන් ලෙස කටයුතු කරන අපට එය සැබෑ ගෞරවයකි.
මා සමාජවාදියකු, එසේත් නැතිනම් මා කොමියුනිස්ට්වාදියකු වූයේ ඇයි? මානව ශක්තියෙන් උපදවන සියලූ ද්‍රව්‍යමය සම්පත් අහිමි කරන ලද දුප්පතුන් හා දේපළ අහිමිවූවන් සූරාකෑමේ වරප්‍රසාදය හිමිව ඇතිවුන් විසින් එම වචනය පවා විකෘතිකර එම අදහසට හානි පමුණුවා ඇත. මිනිසා මේ තත්වයට ඇද දැම්වේ කවදා සිටද? මෙහි සිටින ඔබට මේ ගැන විස්තර කිරීම අවශ්‍ය නැති බව මා දන්නා නමුත් සමහර අසන්නන්ට මෙය දැනගැනීම අවශ්‍ය වේවි.
මා සරලව කතා කරන්නෙ එයින් මා කිසිවක් නොදන්නා අයකු අන්ධයකු හෝ අන්තවාදියකු නොවන බවත් මේ සියල්ල ආර්ථික විද්‍යාව හැදෑරීමෙන් දැනගත් දේ නොවන බවත් වටහා ගන්න හැකි වනු පිණිසයි. මා නීතිය හා දේශපාලන විද්‍යාව ඉගෙන ගනිද්දි මට ගුරුවරයෙක් හිටියෙ නෑ. එවැනි විෂයන් ඉගෙන ගනිද්දි ගුරුවරයාගේ මගපෙන්වීම වැදගත්. ඒ වනවිට වයස 20ක් වූ මම ප්‍රිය කළේ ක්‍රීඩාවටත් කඳු නැගීමටත්. මාක්ස්- ලෙනින්වාදය ඉගැන්විමට කෙනෙකු නැති නිසා මා න්‍යායවාදියෙක් පමණක්ව සිටියා. ඇත්තෙන්ම මා සෝවියට් දේශය ගැන පූර්ණ විශ්වාසයකින් හිටියා. විප්ලවයෙන් හැත්තෑ වසරකට පසුව ලෙනින් කළ දේ සියල්ල උල්ලංඝනය කරනු ලැබුවා. ඒක කොයි තරම් ඉතිහාස පාඩමක්ද? රුසියානු විප්ලවය වැනි සිදුවීමක් ඇතිවන්නට තවත් වසර 70ක් ගතවෙන එකක් නැති බව නම් නිසැකයි. යටත්විජිතවාදයටත් එහි වෙන් කළ නොහැකි මිතුරාවන අධිරාජ්‍යවාදයටත් එරෙහිව දැවැන්ත අරගලයක් කරමින් එබඳු අනර්ග විප්ලවයක් සිදුව ඇත.
අද වන විට මිහිතලය මත පවතින බලවත්ම අනතුර වන්නේ මේ ලෝකයේ සාමය නැතිකරන මිහිමත මිනිසා වාසයට සුදුසු නැති තැනක් බවට පත් කළ හැකි නූතන අවි ආයුදවල විනාශකාරී බලයයි.
විද්‍යාඥයන් විශාල පිරිසක් අනුමාන කරන පරිදි, එවැනි අනතුරකදී ජිවී විශේෂ අතුරුදන්ව යනු ඇත්තේ ඩයිනෝසරයන් වැනසී ගිය ආකාරයටමය. සමහර විට හිරුගේ තාපය ඉහල ගොස් සෞරග්‍රහ මණ්ඩලයේම ග්‍රහලෝක මෙන්ම උප ග්‍රහයන් පවා වැනසී යනුනට ඉඩ ඇත. ජනතාව තවමත් හරිහැටි වොදන්නා සමහර වි,ඥයන්ගේ මත ඇත්ත විය හැකිය. එහෙත් ප්‍රායෝගික මිනිසා එවැනි යථාර්ථයන්ට හැඩ ගැසිය යුතුව ඇත. ජිවී විශේෂ වැනසී නොයා පැවතුනහොත් අනාගත පරම්පරා විසින් කාලය හා අවකාශය පිළිබඳ වඩා වැඩි දැනුමක් හිමි කරගනු ඇත. එහෙත් ඔවුන්ට පළමුවෙන්ම ඔවුන්ට වැදගත් ප්‍රශ්නයක් විසඳන්නට සිදුවනු ඇත. එනම්, මිහිමත ජලය හා ස්වභාවික සම්පත් සීමිතව පවතින අතර බිලියන ගණනක් මිනිස් සමූහයාට ආහාර සපයන්නේ කෙසේද යන්නයි.
සමහර අයථ සමහර විට බොහෝ අය කල්පනා කරනවා ඇති මේ කතාවෙ දේශපාලනය මොකක්ද කියලා. මාව විශ්වාස කරන්න, කියන්නත් කණගාටු කාරණාව ඒකයි. දේශපාලනය ඇත්තේ මේ මැදහත් වචනවලයි. මේ කාරණා පිළිබඳ සංඛ්‍යාත්මකව යම් පිරිසක් සලකා බැලූවොත්, ආදම් සහ ඒව තහනම් ගසේ ගෙඩි කෑව ආකාරයට කටයුතු නොකළොත් පමණක් වෙනසක් වෙයි. වැස්ස නැති, ජලාශ නැති තාක්ෂනික පහසුකම් නැති වැල්ලෙන් පිරුණු භූමියක් සහිත අප්‍රිකාවෙ පිපාසයෙන් පෙළෙන ජනතාවට ආහාර ලබා දෙන්නෙ කවුද? කාලගුණ වෙනස්කම් පිළිබද සම්මුතියට අත්සන් කළ රටවල ආණ්ඩු මොනවද කරන්නෙ කියලා අපට බලන්න පුලූවන්. අප විසින් මේ ප්‍රශ්න විසඳා අවසන් කළ යුතු බව ඒකාන්ත කාරණයක්. නමුත් ඉන් එහාට අත්‍යවශ්‍ය කරුණුවලට වඩා කතා කරන්න මා සූදානම් නෑ.
මම ඉක්මනින්ම අවුරුදු 90ක් ලබාවි. මා එවැනි කාලයක් ජීවත්වන අදහසක හිටියෙත් නෑ. නමුත් ඒක මා විසින් උත්සාහ කළ දෙයක් නෙවෙයි, මට ලැබුණු අවස්ථාවක්. අනෙක් අය වගේම මටත් වෙයි. අපි හැමදෙනාටම අවස්ථාවක් එනවා. නමුත් මිනිස් වර්ගයාට සෑහෙන තරම් ද්‍රව්‍යමය හා සංස්කෘතික සම්පත් ග්‍රහලෝකයේ උත්පාදනය කළ හැකි බවට, කැපවීමෙන් හා අභිමානයෙන් වැඩකරන කියුබානු කොමියුනිස්ට්වාදීන්ගෙ අදහස් සාක්ෂි වශයෙන් තියේවි. ඒ සම්පත් ලබාදෙන්නට අප විසින් නොකඩවා සටන් කළ යුතුයි. ලතින් අමෙරිකාවේ සහ ලෝකයේ අපේ සහෝදර ජනයාට කිවයුතු වන්නේ කියුබානුවන් ජයග්‍රහණය කරනු ඇති බවයි.
මෙය, මා මෙම ස්ථානයේ සිට කතා කරන අවසාන අවස්ථාවක් වෙන්න පුලූවන්. සමුලූව විසින් යෝජනා කළ සියලූම අපේක්ෂකයන් වෙනුවෙන් මගේ ඡන්දය ප්‍රකාශ කළා. ඔබ සැමටම මා සුභ පතනවා. ඒ වගේම මට කළ ඇරයුමට ස්තුතියි, සවන් දිමෙන් ලබා දුන් ගෞරවයටත් ස්තුතියි. ඔබ සැමට මා සුබ පතනවා. ප්රමුඛ වශයෙන් රාවුල් කස්ත්‍රෝ සහෝදරය ගෙන යන උත්සාහය ගැන මා සුබ පතනවා.
අපේ ඉදිරි ගමන වෙනුවෙන් සූදානම් විය යුතුයි, එසේම අප විශිෂ්ඨ විය යුතු දේ වෙනුවෙන් විශිෂ්ඨයන් විය යුතුයි. ඉහළම විශ්වාසවන්තභාවයකින් යුතු ඒකාබද්ධ බලවේගයක් ලෙස මාර්ටි, මැසියෝ සහ ගාමේස් මෙන් නවතාලිය නොහැකි ගමනක් ඉදිරියට යා යුතුයි.“
උපුටාගත්තේ LV