(ෆේස්බුක් සටහනකි)
කුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය උදුරා ගැනීමට එරෙහිව පවත්වා ගෙන යන අඛණ්ඩ විරෝධතාවයට තව නොබෝ දිනකින් වසරක් සම්පූර්ණ වනු ඇත.
දේශපාලන සිරකරුවන්, පොලිස් අත්අඩංගුවේදි මෙන්ම මහමඟදී පහරදී මරාදැමෙන සිද්ධීන් වලින්ද පැනවීමට නියමිත හා තවදුරටත් පවත්වා ගෙන යන මර්දන නීති ද ඇතුළුව කුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය පිළිබඳ ඉල්ලීමද ගෙන එන්නේ ලංකාවේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ තවත් පැතිකඩකි.
ඔහුට පුරවැසිභාවය නොදීමෙන් ආණ්ඩුව සිදුකරමින් සිටිනුයේ ඔවුන් ප්රජාතන්ත්රවාදය දිගු කරන්නේ කාටදැයි යන්න කියාදීමය. එය තම පිලට, තමන්ට හිතෛෂින්ට මිස ප්රගතිශීලින්ට, වාමාංශිකයන්ට, පීඩිත ජනතාවට අදාල නොවන බව මින් යළිත් වරක් කියාදයි. එය එක පැත්තක කතාවකි.
එයට එරෙහි අරගලය දියත්ව ඇති එක් ආකාරයක්ව ඇත්තේ අට්ටාලය නමින් ජනප්‍රියව ඇති කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවයය.
පෙ.ස.ප සාමාජිකයන් සෙසු වාමාංශිකයන්ගේද සහයෙන් දිවා රෑ වසරක් පුරා අඛණ්ඩව මේ අරගලය රැගෙනවිත් ඇත. එය වාමාංශික දේශපාලන පක්ෂයක් සිය සටන්පාඨයක් සමඟ අඛණ්ඩව පළ කළ විරෝධතාවයක් ලෙස දැනටමත් අරගල ඉතිහාසයට එක්ව ඇත. වාමාංශික ව්‍යාපාර ලොව පුරා සිය අවභාවිතය පළ කළ වකවානුවක අරගලය පිළිබදව සිය අපරාජිත බලාපොරොත්තු යළි යළිත් කැඳවමින් කොටුවේ අට්ටාල පරිශ්‍රයේ වාමාංශික සහෝදරත්වයද, සටන්කාමිත්වයද දිගු ගමනක් අවසන් කොට ඇත.
දහස් ගණනක් දිනපතා සැරිසරන නගරයක බොහෝ ජනයාගේ නෙත ගැටෙන, වරෙක ඔවුන්ටද පරිත්‍යාගයෙන් දායක විය හැකි, සහෝදරාත්මක සහාය පළ කළ හැකි සටන් ආකෘතියක්ව ඇති අට්ටාලය අඛණ්ඩ විරෝධතාවයක් සඳහා ගොඩනැංවුන ආකෘතියක් බවට පෙන්වා දී අවසන්ය
ඒ ගැන පළවන විවිධ අදහස් අතරට, එයට එරෙහිව ආ ක්‍රියාකාරකම්ද නැතිවා නොවේ. කොටුවේ අට්ටාලයට මුල් කාලයේ බත සැපයූවේ වරායේ මහ කුස්සියෙනි. තම සහෝදර කම්කරුවන්ගේ බත් පතින් කොටසක් අට්ටාලයේ සොයුරන්ට අහර ලෙස ලබාදීමට වාමාංශික පිරිසක් ගෙනගිය උත්සාහය වලකාලූයේද ජවිපෙ සහෝදර පිරිසකෙග් පැමිනිලි වලිනි. ජවිපෙ එසේ කටයුතු කරන අතර, වරින්වර ජවිපෙ සහෝදරවරු අට්ටාලයට පැමිණ පෙසපයට එකඟ නැතිවුනත් කුමාර් සහෝදරයාගේ පුරවැසි අයිතිය ලබා ගැනීමේ අරගලයට තමන්ද සුබපතන බව කීමට පසුබට නොවූ බව සඳහන් කළ යුතු කරුනකි.
මෑතක සිදුකළ විශ්‍රාම වැටුප් අරගලයකදී කොටුවට පැමිණි පිරිස් අතර සිටි පැරණි වාමාංශික පක්ෂ නියෝජනය කළ බොහෝ අය අට්ටාලය අසළට පැමින සිය සහෝදරාත්මක සහාය පළකරමින් වසරක් ගෙවී යන සටන පිළිබඳව තම අදහස් පළ කළහ. මෙසේ වරින්වර දිනපතාම අට්ටාලය පසු කරන් යන විවිධ පිරිස් දිගුකාලීනව අත්නොහැර සිදුකරන දේශපාලන අරගලයට සිය හැකියාවෙන් සහය වන සම්ප්‍රදායක්ද ක්‍රමානුකූලව ගොඩ නැගුනි.
ඒ අතර වරින් වර, අනවසරයෙන් කොටුව දුම්රියපොළ පරිශ්‍රයේ අට්ටාලයක් ඉදිකිරීමට එරෙහිව නඩුවක්ද විභාගයට ගැණිනි. එහි චූදිතයන් අතරට පෙසප සාමාජිකයන් මෙන්ම වමේ හඬ සංවිධානයේ ලංකාපේලිද, කුමාර්ගේ නැගණියද සිටී.
එසේ විවිධ තර්ජනයන්ටද නීතියේ දඬුඅඬුවටද ලංවෙමින්, එහෙත් සිය නොසිඳෙන අරගල සම්ප්රදාය ඉදිරියට කැඳවමින් රට පුරා විසිර සිටින සටන්කාමින්ගේ සහෝදරාත්මක සහාය ලබමින් කුමාර් ගුණරත්නම්ට දේශපාලනය කිරීමේ අයිතිය ලබා ගැනීමට කෙරෙන උද්ඝෝෂණය ඉදිරියට යමින් සිටී.
පැහැදිලිවම ඔහු පිළිබඳ ඇත්තේ කොළකෑලිවල හෝ ආගමන විගමන නීති කැඩීම පිළිබඳ ප්‍රශ්ණයක් නොවේ.
ඒවා ඉදිරියට දමන්නේ ප්‍රශ්ණය සඟවා වසන් කොට ආණ්ඩුවේ සෙළුව වසා ගැනීමටය. අරගලය ඉදිරියට යමින් සිදු කරන්නේ ආණ්ඩුවේ නිර්ලජ්ජිත වෑයම හෙළිකිරිමය. කුමන බාධා පැමිණියද සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේ සම්ප්රදාය ඉදිරියට ගෙනයන තවත් අරගලයක් ලෙස මෙය දැකිය යුතුව අැත.
– සදුන් සූරියබණ්ඩාර –
උපුටාගත්තේ LV