අපරාධඋපුටාගැනීම්සාමාන්‍ය

උතුරේ මිලිටරිකරණය දිගටම තවත් ජනමාධ්‍ය​වේදියෙකුට තර්ජන

පසුගිය අගහරුවාදා සවස මන්නාරමේ ජ්‍යෙෂ්ඨ නිදහස් ජනමාධ්‍ය​වේදියෙකු වන ​පී.ඒ ඈන්තනි මාර්ගේ නිවසට පැමිණ ඇති හමුදා බුද්ධි අංශවලට අයත් හදුනානොගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ප්‍රශ්ණ කර තිබේ. ඔහු මේ තර්ජනය පිළිබද මන්නාරම් පොලීසියට පැමිණිලි කර තිබෙන අතර මන්නාරම් පොලීසිය විසින් මෙම තර්ජනය සම්බන්ධව ​පරීක්ෂණ බවත්වන බවත් ටැමිල් නෙට් වේබ් අඩවිය වාර්තා කර සිටී.

 මන්නාරමුර් විදියේ පිහිටි නිවසට යතුරු පැදියකින් පැමිණ ඈති මෙම බුද්ධි අංශ නිළධාරීන් තර්ජනය කරන ස්වරූපයෙන් ඔහුගේ පුද්ගලික තොරතුරු විමසා තිබේ. ඇන්තනි මාර් පෙර ඉලංගෙයිතමිල් අරෂු කච්චි පක්ෂය හා සම්බන්ධව කටයුතු කළ අයෙක් වූ අතර පසුගිය මැතිවරණයේදී ඔහු එම පක්ෂයෙන් මැතිවරණයට තරග කරනු කලේය.

උතුරේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන දිගින් දිගටම හමුදා බුද්ධි අංශ තර්ජනයන්ට සහ මර්ධනයට ලක්වන අතර මේ වසරේ ගෙවුනු මාස 8 ක කාලය තුළදී උතුරේ මාධ්‍ය මෙන්ම දකුණේ ජනමාධ්‍යවේදීන්ද අවස්ථා ගණනාවකදී තර්ජනයන්ට සහ මර්ධනයන්ට ලක්විය.

දේශසීමා රහිත ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ මාධ්‍ය නිදහස සහ භාෂණයේ නිදහස සම්බන්ධයෙන් වන දර්ශකයන්ට අනුව ශ්‍රී ලංකාව රටවල් 179 ක් අතුරින් හිමිකර ගෙන ඇත්තේ 162 ස්ථානය වෙයි.

මේ වසරේ අවස්ථා ගණානාවකදී උතුර් මාධ්‍ය ඉලක්කකර ගනිමින් ප්‍රහාර ගණනාවක් එල්ලවූ අතර මේ සියල්ල පසුපස හමුදා බුද්ධි අංශ සහ ඔවුන්ගේ සහය ලබන පිරිස් සිටින බව ප්‍රසිද්ධ රහසකි. ​කොළඹ රජයේ පොලීසිය මේ පිළිබද පරීක්ෂණ මෙහෙයවනවායැයි කීවද කිසිදු ප්‍රහාරයකට වගකිව යුත්තෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැත වීම විශේෂත්වයකි.

උතුරේ ප්‍රහාර මෙහෙයවීම පිටුපස යාපනය හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහ සහ ඔහුගේ කණ්ඩායමක් සිටින බවට ශ්‍රී ලංකා හමුදාවේම හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් පසුගියදා යාපනයේදී පැවසීය.

>>>>>> LNW >>>>>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *