මේ සිනහවේ මරණය සැඟව ඇත්තේ කොහේදැයි බොහෝ වේලාවක් තිස්සේ මම සොයමි.
ඇය එවකට මා වඩාත්ම ප්‍රිය කල නිළියයි.
පිට රට රැකියාවකට ගොහින් ආ මාගේ පියාගේ එක් මළණුවෙකු වූ ‘සුනිල් බාප්පා’ රැගෙන ආ තඩි සෝනි ටීවී එකක ඇගේ රුව මුළින්ම දුටු දා පටන් මම ඇයට සිතින් පෙම් බැන්දෙමි.
මා ඇය මුලින්ම දුටු චිත්‍රපටයේ ඈ රඟ පෑවේ මා තවත් ඇලුම් කල අති දක්ෂ රංගවේදියෙකු වන කමල් හසන් සමඟය. චිත්‍රපටයේ නම ‘සද්මා’ ඉඩක් තියේ නම් ඔබත් නරඹන්න.
මෙලෝ භාෂාවක් නොතේරුණත් ඒ චිත්‍රපටයේ කමල් හසන් සහ ශ්‍රී දේවී රංගන විළාසයන්ට වශී වූ බව නම් තාමත් මතකයි.
ඒ අපේ ළමා කාළයේ සුරංගනාව ඊයේ රාත්‍රියේ අපෙන් වෙන් වෙලා ගිය බව දැන ගත්තේ උදෑසන.
සිය පවුලේ හිතවතෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වන්නට ඩුබායි දේශයට ගොස් සිටියදීයී ඇගේ හදවත නතරවන්නට තීරණය කොට ඇත්තේ.
සොඳුරු හදවතක නපුරු නැවතීම.
මේ පින්තූරේ ඈ හිනාවෙලා හිටි අන්තිම පින්තූරය.
ආයෙත් ඈ මෙහෙම හිනාවෙන එකක් නෑ.
ඒ දෙනෙත් සදහටම වැසී ගිහින්.
තරහයි.
අපි නිදාගෙන අවදි වෙද්දී ඔබ යන්නම ගිහින්.
කමක් නෑ… ගිහින් එන්න චන්ද්‍රමුකී.
මට මේව පුරුදුයි.
ඔබේ මතකය පමණක් හිත පුරා තිබුණාවේ.
ඔබට නිවන් සුව පතමි.
සුදේශ් කරුණාතිලකගේ බුකියෙන් උපුටාගන්නා ලද්දකි