ලෝකයේ ඕනැම රටක වෙසෙන්නෙක් ඉතා පැහැදිලිව දන්නා කාරණය වන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය මැයි පළමු වෙනිදාට යෙදී තිබීම ය. එහි විවාධයක් හෝ තර්කයක් නැත. මැයි දිනයේ ඉතිහාසය චිකාගෝ නුවරට ගමන් ගනිමින් එහි ඇති වූ ඓතිහාසික සිදුවීම පදනම් කරගෙන සම්ප්‍රධායක් ලෙස එම සටනේ දී මිය ගිය කම්කරුවන් සැමරීම සිහිකරනු පිණිස වැඩ කරන ජනයා ලෝකය පුරා මැයි පළමු වැනිදාට එය සමරණු ලැබීම සංකේතයක් සේම මැයි පළමුවැනිදා කම්කරුවන්ගේ දිනය වන්නේ ය. 2018 වසරේ මැයි දිනය ලංකාවේ දී මැයි පළමු වැනිදා පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවත්නා ආණ්ඩුව විසින් ඇති කර ඇත. එම ගැටලුව හඳුනා ගත යුත්තේ සංස්කෘතික හා ආගමික ගැටලුවක් ලෙස ය. ඒ බෞද්ධයාගේ වෙසක් දිනය පදනම් කරගෙන ය. දැන් මේ පිළිබඳ ප්‍රායෝගික යැයි සිතෙන, ගැටුමකට ඇද නොවැටෙන, ප්‍රචණ්ඩත්වයක් ඇති වීමට ඇති ඉඩ වලකා ගත හැකි, එසේම කම්කරුවාගේ පැත්තෙන් හා කම්කරුවා නියෝජනය කරන වාමාංශික ආස්ථානයේ සිට අදහසක් ඉදිරිපත් කිරීම තරමක අවධානම් හා ඉතා පහසුවෙන් ගිලටීනයට දක්කන වරදකරුවෙකු වීමේ අවධානම මෙහි ඇත. නමුත් මා මෙයින් යෝජනා කරන අරමුණ කිසිසේත්ම කම්කරුවාට හෝ මැයි දිනයට හෝ වාමාංශික ධහරාවට එරෙහි වන්නක් නො වන නිසා මගේ අදහස මෙසේ දක්වමි.
මැයි දිනය කල් දැමීම කම්කරුවාට ගැටලුවක් ද
මැයි සම හත් වැනිදාට කල් දමමින් ජාත්‍යන්තර මැයි දිනයට ලැබෙන නිවාඩුව ද වැඩ කරන ජනතාවට ලැබේ නම්, එම ජනයා වෙසක් නිවාඩුවට අමතරව තවත් දිනයක් ලැබීම පිළිබඳව වඩාත් සතුටු වනු ඇත. මෙම නිගමනයට එරෙහි වන්නේ නම් යම් අයෙක් එයට සැබෑම හිමිකරුවා සත්‍ය වශයෙන්ම කම්කරුවෙක් වන්නට පුළුවන. එනම්, කොමියුනිස් ප්‍රකාශනයේ කම්කරුවා පිළිබඳ නිර්චවනයට අනුව. එනම් වැඩ නො කළොත් වැටපුත් නැත. එවැනි කම්කරුවන් අතරට ගැනෙන කම්කරුවන් කොතෙකුත් ඇති අතර මොවුන් අතරින් තව පිරිසක් වඩ කරන (එනම් නිවාඩු නැති) දිනයන්හි සමාජ වටපිටාව මත තම ශ්‍රමය යොදවා ජීවත් වන්නන් ය. ඒ හැරුණු විට පුද්ගලික හා රාජ්‍ය අංශය තුල වැඩ කරන ජනයාට මෙම නිවාඩු දිනය තවත් අතිරේක දිනයක් වන්නේ නම්, ඊට විරුද්ධ වීමේ තර්කයට ස්විස්ටර්ලන්තයේ ජනයා හා සමපාත කළ නො හැකි වනු ඇත.
ස්විස් කතාව:
මෑතක දී ස්විස් ජ්‍රජාතන්ත්‍රවාදයේ හා ව්‍යවස්ථාවේ පරිදි, ජනමත විචාරණයක් 2012 දී පවත්වන්නට වූයේ වාර්ෂික නිවාඩුව සති හතරේ සිට 6 දක්වා වැඩි කිරීම පිළිබඳ කමැත්ත අතමැත්ත ප්‍රකාශ කිරීමට ය. මෙහි දී, තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූයේ එසේ කිරීමට විරුද්ධ වෙමිනි. නිවාඩු දිනය බුකති විඳීමේ අර්ථයෙන් මෙයට ලාංකින ජනයා අකමැති වේද යන්න කියවන ඔබ තේරුම් ගනු ඇත.
විරුධවන්නේ කවුද ඒ ඇයි?
අපට වැටහෙන හා මාධ්‍ය තුලින් පෙන්වන තොරතුරු අනුව මෙයට විරුද්ධත්වය පානු ලබන්නේ වෘත්තීය සමිති හා වාමාංශික දේශපාලන පක්ෂ කාණ්ඩායම් හා පුද්ගලයින් ය. එසේ නම් මොවුන්ගේ විරෝධයේ සාධාරණ හේතුව කුමක් ද?
නිදර්ශනයන්
“වෙසක් උත්සවය නිමිති කරගෙන මැයි 1 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 7 දිනට කල් දැමීමට තීරණය කළ බවත්, ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කොට තිබුණි. මෙසේ කම්කරුවන්ගේ දිනය වූ ජාත්‍යන්තර කම්කරු දිනය කල් දැමීමට ගත් කැබිනට් තීරණය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය දැඩි විරෝධය පළ කර සිටී. “(ලංකා නිවුස්වෙබ්)
මෙහිදී වඩාත් අවධානයට ගෙන ඒමට අදහස් කරනු ලබන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඉදිරිපත්කර ඇති අදහසට ය. මුලින්ම කිව යුතු වන්නේ මෙම ස්ථාවරයට පදනම් හේතුවට හෝ එම අරමුණේ ඇති අපේක්ෂාවට ඇති විරෝධයක් හෝ එහි අදහස්වන කරුණුවල සාරාර්සථය අත්‍යයක් යන්න නොවන බව ය.
(පෙසපේ මාධ්‍ය නිවේදනය)
එසේ නම් මගේ යෝජනාව වන්නේ රාජ්‍ය විසින් කරන්නට සැරසෙන්නේ එවැනි දෙයක් නම් ඊට නිර්මාණශීලීව මුහුණ දෙන ලෙස ය.
පවත්නා ආණ්ඩුව එම පෙසපේ සඳහන් කරන අරමුණට අනුව මැයි දිනය දියාරු කිරීමට යටයුතු කරන්නේ යැයි කියන්නේ නම් එහි ඇත්තේ අර්ධ සත්‍යතාවකි. එනම් ආණ්ඩුව විසින් මැයි දිනය තහනම් කරීමක් හෝ අවලජංගු කිරීමක් කොකර සිදු කරන්නට යන්නේ කල් දැමීම ය. එම නිසා එම සංකේතීය දිනයේ වටිනාකම ගැන සිතා මැයි හත් වැනිදාට කම්කරුවන්ගේ චින්තනය, ශක්තිය, සටන් ජවය දිය වීමට හේතු වන්නේ නම්, එය සම්ප්‍රධාය පිළිබඳ ඇති තත්ත්වයකි. වෙනත් භාහිර හේතු යම් වටක තිබෙන්නට පුළුවන.
නමුත් රාජ්‍ය දැන් මුහුණ පා සිටින අර්බුදයන් සැලකිල්ලට ගනිමින් සමාජ විඥ්ඥාණය වෙනත් අතකට හැරවීමේ අරමුණෙන් මෙය සිදු කරන්නේ නම්, එම උගුලට හසු වීමෙන් වැලකී, විකල්ප සොයා යා යුතු ය.
මොකක් ද මේ උගුල,
අපි දන්නා පරිදි, උතුරේ අරගලය ද දකුණේ අරගලයන් ද නිවැරදි දිශාවන්ට ගමන් කරවීමට ජන විඥ්ඥාණය හා සංස්කෘතිය හරි හැටි තේරුම් නො ගැනීම එක් කරුණක් ය. මෙහිදී වෙසක් කාලය තුල දී රාජ්‍යයට අවශ්‍ය වන්නේ සමාජ නො සන්සුන්තාවක් නම් ඔවුන්ගේ පාර්ෂවයෙන් හා නීතියෙන් එය ඉටු කර ගැනීමට මාන බලනු ඇත. ඉතා පහසුවෙන් ජනප්‍රිය බෞද්ධ ජන විඥාණයට ඒත්තු ගැන්වීමට බලා පොරොත්තු වන අරමුණ ඉටුගැනීමට හැකි වන අතර ඊට ආගමික අන්තවාදීන්ගේ සහාය ද ලැබෙනු ඇත. ඉන් සිදුවය හැකි වනු දේ වන්නේ තව තවත් වම සමාජයෙන් ඈත් වීම මිස වෙන අත්වන වාසියක් නැත. අනෙත් අතට මෙවැනි ලියවිල්ලකින් කෙරෙන යෝජනාව සලකා බැලීමට තරම් වටිනාකමක් පිළිබඳව අදහසක් නැතත්, මෙය ඉන් මතුවට හෝ වැදගත් වේ යන විශ්වාසය නිසා ලියන්නේ මිස, මේ වනවිටත් තීරණය කර ඇති වමේ අදහස වෙනස් කිරීමට තරම් දූරදර්ශී වන්නේ නම් හිස නමා ආචාරය පුදු කිරීම හැර වෙන කිය යුත්තක් ද නැත. එය එසේ නොවී, සුපුරුදු ලෙසම මැයි පළමු වැනි දින රාජ්‍යයේ අණ නො තකා මැලි පෙළපාලිය පැවැත්වීමට අදහස් කරන්නේ නම්, ඉතා ඕනෑ කමින් යෝජනා කරනු ලබන්නේ ට්‍රාන්ස්සෙන්ඩන්ස් දේශපාලනික උපක්‍රමයක් භාවිත කොට ගැටුමකින් තොරව රාජ්‍යයේ හා නීතියේ ආකෘතියට පරිභාහිරව අරගලය ප්‍රකාශකිරීමේ ක්‍රමවේදයක් ද පාක්ෂිකයන් හා සහාභාගීවන්නන් විනයකට හා අවබෝධයකට යටත්ව ඉතා සමාකාමී, හිංසනයෙන් තොරව ජනතාවටත් මාධ්‍යයටත් වෙනම වමේ සංස්කෘතිය පෙන්වා දෙමින් වෙසක් හා බෞද්ධ සංස්කෘතියේ ඔවුන්ගේ අධ්‍යාත්මික අපේක්ෂා( එය හරි ද වැරදි ද යන්න නොව සංස්කෘතික අයිතියක් ලෙස සලකා) ආරක්ෂා කිරීමට වග බලා ගන්නා ලෙස ය. කිසිවෙකු මෙවැනි අරගලවලදී සිය ජීවිතය අහිමි කර ගැනීමක් හෝ මොනයම් හෝ ශාරීරික කැප කිරීමක් කිරීම අපගේ හාද සාක්ෂියට අනුව මේ මොහොත වැදගත් යැයි ඔබ අප හොඳින් දන්නෙහි ය. එසේම එය දේශපාලනික වාසියක් ලෙස සලක්න්නේ නම් ද මේ මොහොතේ ලාංකීය දේශපාලනයේ වාමාංශික අවකාශය යන්න තේරුම් ගත යුත්තේ වමේ හා වාමාංශිකයාගේ ගැටලුවක් ලෙස මිස, රාජ්‍යයේ හෝ සමාජයේ ගැටලුවක් ලෙස නො වන බව මගේ විශ්වාසය වන්නේ ය.
මැයි දිනය හත්වැනි දාට එකඟ වන්නේ නම් විප්ලවකාරී ප්‍රායෝගික
විකල්පය කුමක් ද ?
වමේ ව්‍යාපාරය නියෝජනය කරන්නා වූ දේශපාලනික පක්ෂ හා එහි වෘත්තීය සමිති සඳහා මගේ හිතීම අනුව ඉතාමත් නිර්මාණාත්මක කාර්යයක් ඇත. ජවිපේ, පෙසපේ වැනි වැඩි කාඩර්වරු සිටින හා වෘත්තිය සමිති ඇති පක්ෂ ලෙසත්, යම් එකමුතුවක් ඇත්නම් එය කණ්ඩායමක් ලෙසත් කළ හැකි වන්නේ මැයි පළමුදා සිට දින හතම සංකේතීයවත් ප්‍රායෝගිකවත් යොදා ගැනීම ය.
වැඩසටහන (එක විකල්පයක්)
පක්ෂයේ සමාජිකයින් දැනුවත් කරමින් වමට සම්බන්ධ නැති එහෙත් එක් එක් සමාජිකයින් හා ඉතාමත් කිට්ටුවෙන් සබඳහා ඇති මිනිසුන්ට අමාණ්ත්‍රණය කොට ඔවුන් දිනා ගැනීමට විශ්වාසය ගෙන දීම
කාඩර් වරුන්ගේ ප්‍රමාණය පරිද්, ප්‍රාදේශීයව හා සුවිශේෂී ප්‍රශ්න සම්බන්ධයෙන් කුඩා කුඩා හමු පවත්වා එම සතිය ක්‍රියාකාරී ජීව ගුණය නිර්මාණය කිරීම ය
නායකත්වය ඊට අවශ්‍ය මගපෙන්වීම හා සහාය ලබා දීම
වෙසක් සංස්කෘතිය සුවිශේෂී බැවින් එහි සංස්කෘතිකාංගයක් වන්නා වූ දැන්සැලට වෙනත් අර්ථකතනක් ගෙන දී “ කම්කරු දන්සැල” හෝ “ වැඩ කරන ජන දන්සැල් නිර්මාණාත්මකවත් විනයවත් ලෙසත් කළ හැකී වීම ගැන අමුතුවෙන් කිව හැකි නො වන්නේය.
මාධ්‍ය ප්‍රචාරණය හා වෙනත් මාධ්‍ය විසින් මෙය අවල් කරන්නට නො දී එහි අර්ථය සැබෑ ලෙස සන්නිවේදනය කිරීමට වගබලා ගත යුතු වීම
බෞද්ධයා යන්නත් සිංහලයා යන්නත් වෙනත් කුමන වර්ගයක අනන්‍යතාවය සිටියත් අපි දුක් විඳින වැඩ කරන ජනයා යන සහෝදරත්වය ඒ තුලින් අවංකව ප්‍රකාශමාන කිරීමට අඩුම තරමින් උත්සාහ කිරීම.
මැයි හත් වැනිදා ආණ්ඩුවේ නැතිනම් රාජ්‍යයේ අපේක්ෂා බිඳලමින් බෞද්ධයන්ගේ ද සිංහලයන්ගේ ද හොඳ හිත සමඟ දුක්විඳින ජනයාගේ නිදහස හා අයිතීන් වෙනුවෙන් අභිමානවත්වත් බලාපොරොත්තු ඇතුවත් පෙළ පාලිය ද අවසානයේ දේශනයන් ද කළ හැකි වන්නේ ය. මෙම විශේෂත්වය විශේෂණ පදයකින් තොරව මාධ්‍යයට ද අමතක කළ හැකි වේ ද?
බුදුන් යන දාර්ශනික ශ්‍රේෂ්ඨයා ලබා දුන් අවස්ථාව ද එහි විප්ලවීය ගුණයන් සංස්කෘතිකවත් මාක්ස්එංගල්ස් නම් ශ්‍රෙෂ්ඨයින් විසින් දුන් දාර්ශනික දේශපාලනය භාවිතයට ගැනීම විප්ලවයන් නො වන්නේ ද