එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ අවසාන දින කිහිපයේදී පමණක් සාමාන්‍ය වැසියන් තුන් දහසකට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති බව ඔවුන්ගේ ඥාතීහු පවසති. මන්නාරමේ ප්‍රජා එකමුතු සංවිධානය විසින් උතුරේ වැසියන්ගේ අතුරුදහන් වීමේ ලියාපදිංචි කිරීමේදී එම සංඛ්‍යාලේඛන හෙලිදරවු වූ බවයි, සංවිධානයේ සභාපති ඇන්ටන් සහායම් මහතා කියා සිටියේ.
අතුරුදහන්වූවන්ගේ විස්තර ලියාපදිංචි කිරීම වවුනියාවේදී සිදුවූ අවස්ථාවේ එයට විශාල පිරිසක් සහභාගි වී සිටි බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.
මෙසේ ලියාපදිංචි කරන තොරතුරු ඉන් අනතුරුව අතුරුදහන් වූවන් සොයා බැලීම පිණිස පත් කොට තිබෙන ජනාධිපති කොමිසමට භාර දෙන බවද මන්නාරමේ ප්‍රජා එකමුතු සංවිධානයේ සභාපතිවරයා සඳහන් කළේය.
The New York Times පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගන්නාලද මෙම ඡායාරූපය දහසක් දේ පවසන නිසාවෙන් අප මෙය පළ කිරීමට අදහස් කළෙමු. යුද්ධයේ අවසන් දින කිහිපයේ පමණක් තුන්දහසක් අතුරුදහන් බව වව්නියාවෙන් වාර්තා වීම මෙම කුරිරු යුද්ධයේ අතුරුදහන් හෝ මරාදැමුණු මිනිසුන්ගේ වාර්තා එලියට ඒමට ඇරඹුණා පමණකි.
මේ සේයාරුව අපට පවසන්නේ ඒ අතුරුදහන් කළ හෝ මරාදැමූවන්ට ඒසේ කිරීම ” හොඳවැඩේ ඔය දෙමළුන්ට ඔහොම කරපු එක ඉතාම හොඳ වැඩක්” යැයි කියමින්, වෙරිමතින් උඩ පැන නාඩගම් නටන දකුනේ සින්හලයින්ගේ උන්මාද යයි. වියරු ආෂාවයි. මීට සියවස් කීපයකට පෙර බෞද්ධ අධ්‍යාපනයෙන් කරුණාබරිත වූ අපේ ජාතිය මිනිසුන් සමූල ඝාතනය කර ලේ ගංගාමතින් අවසන්වූ තිස් වසරක යුද්ධය, එය උද්දාමයෙන් සමරණ ජාතියක් වූ අයුරු. බුදුන්ගේ දේශය යැයි පාරම්බාන මේ රටේ මිනිසුන් එසේ වූයේ කෙසේදැයි තාමත් සිතාගත නොහැකි අරුමයකි. සිංහල බෞද්ධයන් තව දුරටත් කාරුණික මිනිසුන් නොව ලේ රහට ගිජු වූ ජාතියක් බවත් තවෙකුගේ විනාශයෙන් ඩෙඟා නටන්නට පුලුවන් ජාතියක් බව ලොවට කියා සිටින සේයාරුවකි.
තව දුරටත් අපි ගෞතම බුදුන්ගේ දේශයේ වැසියෝද…..?
සටහන: ඩෙස්කා කුඩාවිල