හොල්මන්ද බේරේ පොල්කොල හෙඩිමක් වගේ පෙනුනට, ලියන්න යන්නේ ඇත්තම ඇත්ත කතාවක්.
රත්නපුරේ මුලු ලෝකේ පුරාම පරසිද්ද මැණික් වලට නේ. ඒ උනාට මෑතක් වෙනකන් එළවළු බ්ස්නස් එක තිබුනේ, කොළඹ මැනිං මාකට් එකේ වගේ, රත්නපුරේ මැණික් හම්බ උනාට, බිස්නස් එක තියෙන්නේ නුවර සහ කොළඹ. මේකට හේතුව ලෙස මාතලන් නම් දකින්නේ මුන්ගේ එකමුතු කමක් නොමැති කම. අනික කාළකන්නි කිසිම දැක්මක් නැති දේශපාලුවෝ.
සපරගමු පලාතේ අගනගරය රත්නපුරේ උනාට ඒක මහා මූසල නගරයක්.. පැරණි ගරා වැටිච්ච ගොඩ නැගිලි හැම තැනම. එත මහින්ද මහත්තය්ගෙ කාළේ මහ ඇමති වෙලා උන්න මහීපාලයා, උගේ උපන් ගම වෙන කෑගල්ල දිවිය ලෝකයක් කලා.. එකේ කිසි වරදක් නෑ.. ඒක උගේ ටැලන්ට් එක.. සහ රත්නපුරේ උන්ගේ කාළකන්නි කම.. කොටින්ම අපේ පවිත්තරා නෝනගෙ ඇහැලියගොඩ සත්නපුරේට වඩා දියුණුයි.
කියන්න ගියේ ඒක නෙමෙයි…
මේ අවුරුදු දවස්වල මෙහේ මැනික් මුදලාලිලා අවුරුද්දට මිනිස්සුන්ට සල්ලි බෙදනවා. මම ඉන්න හරියේ ඉන්නේ සමරේ අප්පෝ… “අප්පෝ” කියන්නේ හාමු වගේ ගෞරව නාමයක්. පතලේ බැහැගෙන අඳෝනා අස්සෙ රිංගගෙන උන්න එකාත, මැණික් බිසිනොස් කාරයෙක් උන ගමන්, අප්පෝ කෙනෙක් වෙනවා.
මේ මැණික් අප්පොලා අවුරුද්දට කිසි ලෝස් එකක් නැතිව සල්ලි බෙදනවා තරඟෙට වගේ. ඒ සල්ලි ගන්න පෝලිම් හෝ ගාලා. ඒ පෝලිම් වල සල්ලි ගන්න උන්ට ඒවා මේවා විකුණලා කීයක් හරි හොයා ගන්න වෙළෙන්දෝත් පිරිලා. එකම සැණකෙලියක්. ඊයේ “පැරඩයිස් හන්දියේ”, “තිස්ස අප්පෝගේ” “දෙණු උස්සවේ”. ඒක බොහෝම පරසිද්දයි. පිට පලාත් වලිනුත් සෙනග එනවා.
මම ඉන්න හරියේ ඉන්නේ සමරෙ අප්පෝ. මිනිහත් මිනිහට පුළුවන් විදියට කීයක් හරි දෙනවා. අනෙක් පැතිවල අප්පොලත් එහෙමයිලු. මේ දෙන මුදල අනිවාර්යයෙන් මහ උන්ට වගේම පොඩි උන්ටත් ලැබෙනවා. ඒ නිසා පවුල් පිටින් එන්නේ. පයින් එන උන්, සයිකල් වල එන උන් වගේම, ස්කූටීවල මෝ බයිවල එන උනුත් ඉන්නවා. ඒවා ඈතින් පාක් කරලා එන්නේ. එන උනුත් හිඟන්නොම වගේ එන්නේ නෑ.. හොඳට අවුරුද්දට ගත්ත අළුත් ඇඳුම් එහෙම ඇඳලා එන්නේ.
මේ එන හැම එකාටම කවරෙක් දාපු රුපියල් දාහකට වැඩි ගනනක් ලැබෙනවාමයි. දැන් ඉතින් මේක බලලා රට වටේම ඉන්න උන් සත්නපුරේ එන්න පටන් ගනීද දන්නේ නෑ. කොහොම හරි මේ අප්පොලාට වැඩි වැඩියෙන් ලැබේවා කියලා මාතලනුත් ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. මේක වෙසක් එකට දෙන දන්සල් වලට වඩා ලොකු පිනක්. අපරාදෙ කියන්නේ මේ අප්පොලා වෙසක් එකටත් බඩ පැලෙන්න සුපිරි දන්සලුත් දෙනවා.
මේ පුරුද්ද අනික් සල්ලි කාරයන්ටත් බෝ වෙනවා නම් කොච්චර දෙයක්ද..?