අප්‍රේල් 19වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කියුබාවේ නව ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඉන්ජිනේරුවෙකු වන 57 හැවිරිදි ඩයස් කානල් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
විප්ලවිය නායක ෆිදෙල් කැස්ත්‍රෝගෙන් පසු කියුබාවේ ජනාධිපති ධුරය හොබවනු ලැබූවේ රාවුල් කැස්ත්‍රෝ විසිණි.
ඉදිරි වසර 05 සඳහා කියුබානු පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කරගැනීමේ මැතිවරණය මාර්තු 11 වැනි දින පැවැත් වූ අතර රාවුල් කැස්ත්‍රෝ එම මැතිවරණයට ඉදිරිපත් නොවීම මත ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවේ. ඒ හේතුවෙන් ඔහුට ජනාධිපති ධුරය නොලැබෙන අතර ඉදිරි කාල වකවානුව සඳහා කියුබාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇත්තේ 57 හැවිරිදි ඉන්ජිනේරුවෙකු වන ඩයස් කානල් ය. ඔහු කියුබාවේ හිටපු උප ජනාධිපතිවරයෙකි.
මාර්තු 11වනදා පැවති ඡන්ද විමසීමේදී ඡන්ද දායකයන් මිලියන 7.3ක් ඡන්දය පාවිච්චි කර ඇති අතර එය ලියාපදින්චි ඡන්ද දායකයන්ගෙන් 82.9%ක් වේ. මෙහිදී නියෝජිතයන් 605 දෙනෙකු තෝරා පත්කර ගැණුනි.
තේරීපත් වු සභිකයන් අතරින් 53.22%ක් කාන්තාවන් වූ අතර 13.22%ක් තරුණ නියෝජිතයෝ වූහ. 40.51%ක් අප්‍රිකානු සම්භවයක් ඇති නියෝජිතයන්ය.
කියුබානු පාර්ලිමේන්තුවේ මීලඟ සැසිවාරය ආරම්භ වෘමට නියමිතව ඇත්තේ අප්‍රෙල් 19 වැනි දිනය.
කෙසේ නමුත් රාවුල් කැස්ත්‍රෝ මහතා තව දුරටත් කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.