ශ්‍රී ලංකා හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම්කර ඇති වලිකාමන් උතුර ප්‍රදේශයේ තුළ වන දෙමළ ජනයාගේ නිවාස හමුදාව විසින් බුල්ඩෝසර් යොදාගෙන විනාශ කරමින් සිටින බවට එම ජනයා කළ පැමිණිල්ලකට අනුව ඊයේ දිනයේදී එම ප්‍රදේශයට ගිය දෙමළ සංධානයේ නියෝජිත පිරිසට සහ ඔවුන් සමග ගිය මාධ්‍යවේදීන්ට, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට ශ්‍රී ලංකා හමුදා මරණ තර්ජනය කර තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනභවන්, උතුරු පළාත් සභාමන්ත්රීන් එම්.කේ සිවාජිලංගම්,ධර්මලිංගම් ශ්‍රීධරන් යන අය හමුදාව විසින් බුල්ඩොසර් යොදාගෙන දෙමළ ජනයාගේ නිවාස කඩන අයුරු නිරීක්ෂණය කරමින් සිටියදී එම ස්ථානයට වටවූ ශ්‍රී ලංකා හමුදාවේ සෙබලුන් සහ ඔවුන්ගේ ඉහල නිළයන් දරන පිරිස් පැමිණ දෙමළ සංධානයේ නියෝජත පිරිසට තර්ජනය කර ඇති අතර අසළ පිහිටි හමුදා මුරපල අසලදී කැමරා වල තිබෙව ඡයාරූප, විඩියෝ දර්ශණ එම මොහොතේම මකා දමා වහාම එම ස්ථානයෙන් පිටව වන ලෙසට තර්ජනය කර තිෙබ්.
දෙමළ සංධාන නියෝජිතයන් සමග ගිය මාධ්‍යවේදීන්ටද ඡායාරූප සහ විඩියෝ දර්ශණ මකාදමන ලෙසට හමුදාව විසින් තර්ජනය කර ඇත.
කාඩ්ඩුවන් හී හමුදා මුරපලෙහි රෑදී සිටි හමුදා පිරිස් මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇත්තේ “මොනවා හරි පළකරොත් , අපි උඹව මරලා දානවා” යනුවෙනි.
එසේම මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් පිටව ගිය පසුවද යාපනය ඊනියා ‘සිවිල්-හමුදා සම්බන්ධීකරන’ මධ්‍යස්ථානයේ මල්ලවආරච්චි නම් හමුදා නිළධාරියා විසින් මාධ්‍යවේදීන්ට තර්ජනය කර අැත්තේ අධි ආරක්ෂිත කලාපයෙන් ගත කිසිදු ඡායාරූපයක් හෝ විඩියෝ දර්ශණයක් පළනොකරන ලෙසට තමන් ‘අවවාද’ කරන බවයි. . යම් දෙයක් පළකරනු ලැබවහොත් එයට වගකිව යුතු අදාළ තැනැත්තා කවුද යන්න ශ්‍රී ලංකා හමුදාව දන්නා බවද අදාළ හමුදා ප්‍රකාශකයා මාධ්‍යවේදීන්ට අනතුරු අගවා තිබේ.
වලිකාමන් උතුරු කාඩ්ඩුවන් ප්‍රදේශයේ පිහිටි දෙමළ ජනයාගේ නිවෙස් හමුදාව බුල්ඩෝසර යොදාගෙන විනාශ කරන අයුරු දැක්වෙන මේ ඡායාරූප එහි ගිය නියෝජිත පිරිසේ සමහරෙකුගේ කැමරාවලින් ලබාගත ඒවා වෙයි. හමුදාව විසින් එම ප්‍රදේශය අවරණ කරමින් මෙසේ නිවාස බුල්ඩෝසර් කිරීම ආරම්භ කර ඇත.
නියොජිත පිරිස අවරණය කර ඇති ප්‍රදේශයට පිටතින් සිට සිදුවන දෑ නිරීක්ෂණය කර ඇති අතර එම මොහොතේම එතැනට පැමිණි හමුදා නිළධාරීන් සහ හමුදා පිරිස් පැමිණ වහම පිටවන ලෙසට තර්ජනය කර තිෙබ්.
දෙමළ සන්ධානයේ නියෝජත පිරිස සමග එම ස්ථානයට ගිය මාධ්‍යවේදියෙකු පවසා සිටින්නේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට සහ උතුරු පළාත් සභාවේ නියෝජතියන්ට හමුදා විසින් හමුදා මුරපොලක් අසලදී මරණ තර්ජන එල්ල කිරීමින් දැක්වූ ‘ ගෞරවය’ පිළිබද තමන් සාක්ෂිකරුවන් බවයි.හමුදා නිළධාරියෙකු විසින් නියෝජිත පිරිසට තවදුරටත් තර්ජනය කර ඇත්තේ හමුදාවේ පවුල් පදිංචි කිරීම සදහා මෙම ප්‍රදේශය සකස්කරමින් සිටින එය ආපසු හැරවීමට උත්සහ නොකරන ලෙසත්ය.
අදාළ ප්‍රදේශයේ පිහිටි දෙමළ ජනයාගේ නිවාස කඩ ඉවත් කිරීමේ ක්‍රියාවලිය තවත් වේගවත් වී ඇති බවත් අදාළ මාධ්‍යවේදියා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගවූ පිරිසට දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී ගජධීපන්ද, වලිකමන් උතුරු සහ චුන්නකාමන් ප්‍රදේශීය සභාවන්ගේ සභාපතිවරුද ඇතුලත් විය.
ස්තූතිය – ටැමිල්නෙට්