සාමාන්‍ය

IFJ මාධ්‍යවේදිනිය රටින් පිටුවහල් කරයි

කොළඹ ජානකී හෝටලයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩමුලුවකට සහභාගීවෙමින් සිටි අන්තර්ජාතික ජනමාධ්‍ය සංගමයේ (IFJ)  ආසියානු පෑසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ජැකී පාර්ක් මහත්මිය සහ තවත් එම සංගමයේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමට ලක්කිරීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා වන විට රටින් පිටවන ලෙස ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තුමේන්තුව නියෝග කර ඇති බව කොළඹින් ලැබෙන වාර්තා සනාථ කරයි.

එසේම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සුනිල් ජයසේකරගෙන් ඊයේ රාත්‍රී 11 වන තුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රශ්ණ කිරීමකට ලක් ඇත. ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ​පෙනීසිටිනවායැයි කියමින් රාජපක්ෂ ආණ්ඩුවේ කොන්ත්රාත්තුවක් මත කටයුතු කරන පිරිසකගේ ඔත්තුවක් මත එම ස්ථානයට හදිසියේ කඩාවැදී ඇති ආගමන විගමන නිලධාරීන් අදාළ විදෙස් ජනමාධ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් කර ඇති චෝදනා වනුයේ සංචාරක වීසා මත රටට ඇතුලු වී ‘අනවසර ක්‍රියාවල’ නිරත වීම යන්නයි.

මාධ්‍ය මර්ධනයට විවිධ උපක්‍රම භාවිත කරමින් සිටින රාජපක්ෂ හමුදා රජයේ එම ක්‍රියාවලියේම දිගුවක් බව කොළඹ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ මතය වෙයි.  ඔස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන් පොදු රාජ්‍ය මණ්ඩල සමුලුවට පූර්ණ සහයෝගය දක්විමන් සිටින අවස්ථාවක ඔස්ට්‍රේලියානු ජාතික මාධ්‍යක්‍රියාකාරිනියක වන ​ජැකී පාර්ක් හට මුහුණ දීමට සිදුවූ මෙම් සිදුවීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසේ තරම  මැනවින් පසක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *