ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහන විජේවිර නම් අසහාය නායකයාගේ පුත් උවිදු විජේවිර පිලිබඳ යම් කතා බහක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් ඇත. එහිදී ප්‍රචාරය වන යම් කරුණු කෙරෙහි අවධානය යොමු කිරිමට කැමැත්තෙමි . එහිදී එක් කාරනයක් වනුයේ තම පියාගේ ඝාතනයෙන් පසු හමුදා බාරයේ සිටියදී ඔවුනට අතිසය දුෂ්කර ජිවිත ගත කරන්නට සිදු වු බවයි. ඔවු එය සැබෑවකි. එනමුත් සාපේක්ෂව ඒ කාලය තුල ජවිපේ අනෙක් පවුල් වල දු පුතුන් විදි දුස්කරතාවයන් පිලිබඳ උවිදුට යම් අවබෝධයක් ඇති කිරිම පිනිස අපගේ පවුලේ එකල ජීවිත කතාව කියන්නට සිත් විය.
මමද 88/89 අවධියේ අවුරුදු 12 ක 13 ක වයසැති දරුවෙකි. මගේ පියාද එදා ඉන්දිය ආක්‍රමණයට එරෙහි සටනේ ක්‍රියාකාරිකයෙක් විය. එනිසා එකල අපි ජීවත් වු නිවස හමුදාවන් මගින් ගිනිබත් කලහ.
මගේ මවත් පියාත් සහෝදරයාත් සහෝදරියත් ජීවිත ආරක්ෂා කර ගැනීම සදහා පුරා වසර තුනකට ආසන්න කාලයක් වනගතව වාසය කලහ. ඒ කාලය තුල වයස අවුරුදු 8 ක් සහ 11ක් වයසැති මාගේ බාල නැගනියන් දෙදෙනාට අපේ නෑයකුගේ නිවසක දෙමාපියන්ගෙන් වෙන්ව ජිවත් විමට සිදු විය. මගේ මව මට පවසා ඇත්තේ සමහර දිනවල වනගතව සිටියදී ගස්වල පොතු වර්ග කුස ගින්න නිවා ගැනීම සදහා කෑ බවයි. අවුරුදු 3 කට ආසන්න කාලයක් ඔවුන් වනගතව දැඩි දුක් පීඩා විදිමින් ජීවත් වූහ. ඉන් අනතුරුව 91 දි පමන වන ගත ජීවිතයෙන් මිදි රටේ නොයෙක් ප්‍රදේසවලට යමින් පවුලේ සියලු දෙනාටම වෙන් වෙනව ජීවිත ආරක්ෂා කර ගැනිම පිණිස ගොඩාක් දුක් පීඩා විදිමින් ජිවත් වන්නට සිදු විය. උවිදුට මෙන් අපහට ආරක්ෂකයන් හිටියේ නැත. අවුරුදු 3 ක් මගේ නැගනියන් දෙදෙනා පාසල් ගියේ නැත. උවිදුලාට ආරක්ෂාවද සහිතව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබිනි. අවස්ය ආහාර පාන වල අඩුවක් නොවිය. එනමුත් මගේ පවුලේ සියලු දෙනාම කලක් තනමල්විල ප්‍රදේසයේ ජීවත්ව සිටියදී එකල අප ආහාර ලෙස සපයා ගන්නා ලද්දේ මුං ඇට වට්ටක්කා මෙනේරි මයියොක්ක බතල වැනි ආහාරයි. ඒත් තුන් වේලටම ඒවාද නොතිබින. බොහෝ දිනවල එක වේලෙන් දවස ගෙවා දමන්නට සිදු විය.
නමුත් මම දන්නා තොරතුරු වලට අනුව උවිදුලාට මෙවන් අතිසය දුස්කරතාවන්ට නේවි හමුදාව භාරයේ සිටියදී අත්විදින්නට සිදු නොවුණු බවයි. ඔවුන්ට තුන් වේලටම අහාර නේවි සෙබලියන් ලබාදුන් බව සහ රැකවරණය ලබා දුන් බව උවිදුගේම ප්‍රකාශ තුල අඩංගු විය. ඔහුට මුහුණ පෑමට සිදු වු දුස්කරතාවන් වුයේ සපත්තු දෙකක් ගන්නට කඩේට යන්නට නොලැබීම වගේ සරල කාරනාවන්ය. අපට අපේ පුංචි කාලයේ මරන බයෙන් අවුරුදු තුනක් රටේ නොයෙක් තැන්වල කුසට හරි ආහාරයක් නැතිව ජීවත් වීමට සිදු විය. මම දන්නා ආකාරයට උවිදුලාට එවැනි අමාරුකම් වලට මුහුණ දෙන්න සිදු නොවින. ඔවුන් සියලු දෙනා ආන්ඩුවේ රැකවරණය තුල ආරක්ෂා විය. අපිට එවැනි රැකවරණයක් ලැබුණේ නැත. බොහෝ විට හමුදාවන් අප ජිවත් වන ප්‍රදේශයන් දැනගත්තේ නම් අනිවාර්ය ලෙස අපව මරා දමනු ඇත. එදා පැවැති තත්ත්වය එයයි. මරනයේ අදුරු සෙවනැලි වලට බයේ ජීවත් විමට අපට සිදු විය. එවැනි අත්දැකීමක් උවිදුලාට ලැබී නැති බව මම හොඳින් දනිමි.
එමෙන්ම උවිදුලා වෙනුවෙන් ජවිපෙ කිසිවක් නොකල බවද පවසා තිබින. නමුත් එය සත්‍ය නොවන බව මම දනිමි. ජවිපෙ යුතු කම, යුතු කමක් ලෙස අවංකව නිස්සබ්දව සිදු කරනවා මිස එය ලෝකයට හඩගා කියන්නට තරම් පහත් මට්ටමට ජවිපෙ නොවැටෙන බව මම ඉතා හොඳින් දනිමි. ජවිපෙය, විජේවිර පුවුල වෙනුවෙන් බොහෝ යුතුකම් ඉටුකල නමුත් අප රටේ අනෙකුත් දස දහස් ගනනින් අසරණ භාවයට පත් ජවිපෙට සම්බන්ද පවුල් සහ දරුවන් වෙනුවෙන් ජවිපෙට කිසිදු එවැනි යුතු කමක් සිදු කිරිමට තරම් සක්තියක් නොවිය. ඒ පිලිබඳව කිසිවකු ජවිපෙට චෝදනා කරන්නෙද නැත. මන්ද ජවිපෙ යනු අපි අපිම වන බැවිනි. ඒ අවබෝධය සහිත කිසිවකු තමන් අසරණ භාවයේ සිට නමුත් ජවිපෙට උදවු වීමට මගක් සෙවුවා මිස ජවිපෙන් උදව් අපේක්ෂා කලේද නැත.
එබැවින් උවිදු මෙලෙස ආඩාපාලි දෙඩවීම විජේවිරගේ පුත්‍රයාට තරම් නොවටීය යන්න මගේ අදහසයි. එමෙන්ම ජවිපෙ බුදු දහම නොසලකා කටයුතු කරන බවටද ඔහු චෝදනා කරයි. බුදු දහමේ එන පංච සීල ප්‍රතිපත්තියට අනුව කටයුතු කරන දේසපාලනග්ඞයන් සිටින්නේ ජවිපෙ බව ඔහු නොදන්නව විය හැක. ඒ ගැන වැඩි යමක් මෙහිලා ප්‍රකාශ නොකරමි.
අපේ නිවස ගිනිබත් කල පසු නැවත අපි ගමට ගියේ අවුරුදු 4 කට පසුවයි. ඒ යන විට අපගේ නිවස තිබූ තැනක් සොයාගන්න බැරි තරමට වල් වැදි තිබින. අප හට පොඩි පොල්අතු හොයන ලද කටුමැටි පැලක අවුරුදු 6 කට වඩා කාලයක් අන්ත දරිද්‍රතාවයෙන් බොහෝ දුස්කරතා මධ්‍යයේ ජීවත් වන්නට සිදු විය. අප ඒ දුස්කරතාවයන් විදදරා ගනිමින් සහ ඒ අමාරුකම් තුලත් ජවිපෙට උදව් වුවා මිස උවිදුලා වගේ ආඩාපාලි කියමින් නහයෙන් ඇඩුවේ නැත.
මේ මගේ කතාවයි. මීටත් වඩා දුක් විදින ලද පීඩාවට පත්වන ලද තවත් දහස් ගනනින් මවුපියන් දරුවන් එම කාලවකවානුව තුල ඉතා දුස්කරතා මධ්‍යයේ ජීවිත ආරක්ෂා කර ගත්හ. බොහෝ පිරිසක් හිර කදවුරු තුල දුකට පීඩාවට පත් වුහ. වද බන්ධනයන්ට ලක්වුහ. එමෙන්ම සියලු නායකයන් ඇතුලු 60000 කට අධික දෙමවුපියන් දු පුතුන් ඝාතනයට ලක් විය. ජවිපෙ දේශපාලන ව්‍යාපාරයක් ලෙස මේ කල කැපකිරීම් හා විදි දුක් වේදනාවන් හා සන්සන්දනය කිරිමේදී උවිදුලා විදින ලද පීඩාවන් ඉතා සුලු බව සියලු දෙනාටම අවබෝධ වනු ඇත. එබැවින් උවිදුගේ මෙවැනි ප්‍රකාශ තුලින් කෙරෙන රිදවීම් වලට මේ රටේ දස දහස් ගනනක් විශාල කැප කිරිම් කල වීරෝදාර දූ පුතුන් සහ මවුපියවරුන් අපේක්ෂා කරන නිවහල් සාධාරන සමාජය ගොඩ නැගීම වෙනුවෙන් කෙරෙන දේසපාලන කාර්ය භාරය අත් නොහරිනු ඇත.