උපුටාගැනීම්වීඩියෝ

බැදපු ගැහැණියකට ප්‍රේම කරමුද ?

බැදපු ගැහැණියකට ප්‍රේම කරනවා කියන්නේ මාර එකක්. මොකද අපි හැම මොහොතේ ම හොයන්නේ පිරිමියෙක් අතින්වත් අල්ලපු නැති තරුණියක්. පිරිමි විදිහට අපි කැමති එහෙම තමයි. අපි කොච්චර ගැහැණු එක්ක sex කරත් , Love කරත් කමක් නෑ හැබැයි අපි බදින්න හෝ සිරා කරන්න හොයන තරුණිය zero Milage වෙන්න ඔනේ. කොටින්ම කියන්වනං ටිං body වෙන්න ඔනේ.

නමුත් බැදපු ගැහැණියකට ආදරය කරනවා කියන්නේ වෙන කතාවක්. ඒක සංස්කෘතික විදිහට පට්ට කැරි වැඩක්. පිරිමි ආස්ථානයට අනුව නං ගහන්න බලාගෙන තමයි Talk or Love කරන්නේ. ඒ කියන්නේ සිවිල් සමාජයේ අසම්මතේ ප්‍රේමය කියන්නේ ඉතාම බරපතළ නින්දාවට ලක් විය හැකි වැඩක්. නමුත් මගේ පුද්ගලික අදහස මීට වඩා වෙනස්. ඒ තමයි බැදපු ගැහැණියකට අවංකව ආදරය කිරීම කියන්නේ මට නං මාර Magic එකක්. හැමෝටම බෑ හැම තැනම නෑ….

නමුත් මම ආදරය කරන ගැහැණිය තම සැමියා සමගින් sex කරන තැන පටන් සියලු බෙදාහදාගැනීම් මට පේනවා සහ දැනෙනවා. එහෙම තියෙද්දී ත් ‘ මම ඔයාට ආදරෙයි ‘ කියන්න පුළුවන් කියන්නේ මාර දෙයක් ම තමයි. ලිංගිකත්වයෙන් තොර අව්‍යාජ ප්‍රේමයට ඉඩ හැදෙන හැම මොහොතේ ම මට හිතන්නේ අසම්මතේ ප්‍රේමය කියන්නේ ඉතාම දියුණු තත්ත්වයක් කියලා. සම්මත නිද්‍රාවෙන් බැහැර වෙන හැම මොහොතේ ම නාඩියට සාපේක්ෂ ව හුස්ම ගන්නවා කියලා දැනෙන දෙයක්.

වෙන මිනිහෙකුට නිත්‍යානුකූලව අයිති ගැහැණියක් බදින්න පුළුවන් මානසික ශක්තියක් තියෙනවා කියන්නේ ඌ පිරිමියෙක් විදිහට මාරයි. මොකද එතැන් පටන් බමුණු ආගමික හා සාමාජීය ගොබ්බයෝ ගල් ගහන්න ගන්න නිසා.

මේ සියල්ල පරයා අපි හොයන උතුරා යන ස්ත්‍රීත්වය සහිත ගැහැණිය ඉදිරියේ අපි අපි නොවන තැනක දී ඇය වැළද ගන්නේ උතුරා යන ආදරයෙකිනි. ප්‍රේමය , අසම්මත , අනියම් , හොර , තක්කඩි , පාහර , ජඩ යනුවෙන් වර්ගීකරණය කල නොහැකි අතර ප්‍රේමය කොයි විදිහට ගත්තත් ප්‍රේමය විදිහටම විකසිත වෙනු ඇත.

මම කියන පිලිවෙලට ප්‍රේම කරන්න ඊනියා සුචරිතවාදි සාදූ චරිත වලට බැහෑ……..එහෙම කරන්න නං මනුෂ්‍යත්වය ආදරේ අංශුමාත්‍රයක් එක්ක පැහෙන පිරිමියෙක් විය යුතුයි. ඉතිං අපි කුමක් කරමුද ?

     අයිතිය : නදීර සේනානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *