අපරාධඋපුටාගැනීම්

උතුරේ වැසියන් හයදහසක් මරා දැමූ “ඉන්දියානු යුධ අපරාධ 01”

1987 ඔක්තොබර් 21 වෙනිදා උදැසන යාපන මහ රෝහල ඉදිරියෙන් ගමන් ගත් ඉන්දීය හමුදා කන්ඩායමකට රෝහල අසලින් ක්ෂනික වෙඩි ප්‍රහාරයක් එල්ල වුනේය. ඉන්දීය සෙබළුන්ගේ ක්ෂනික ප්රතිචාරය වුයේ සැනෙන් රෝහල් භූමියට පැන හතර අතට වෙඩි තැබීමය. මෙසේ විසි එක්වෙනිදා උදැසන පටන් ගැනුනු රෝහල් ප්‍රහාරය විසි දෙවෙනිදා උදැසන තෙක් පැවතුනේය . රෝහලට පමණක් නොව මුලු උතුරු පලාතටම සිටි එකම ළමා රෝග විශේෂඥයා වු දොස්තර ඒ සිවපාතසුන්දරම් වෙඩි තැබීම් ඇසි ස්වකීය කාඹරයෙන් හෙදියන් කන්ඩායමක් සමඟ එලියට ආවේ යටත් වීමටය. ඔහුට “අපි රෝහලේ අහිංසක වෛද්‍ය කණ්ඩායමක් යටත් වෙන්නයි ආවේ” කියා දැත් ඔසවද්දීම තුවක්කුව ඔහුගේ හිසට ලංකර වෙඩි තැබුනේය. හෙදියන් සමුහයටද වෙඩි වරුසාවක් එල්ල වුනේය.

උදැසන 11.30 පමන යාපන මහ රෝහලේ බාහිර රෝගී අංශයට එල්ලව්ය් ශෙල් ප්‍රහාරයකි රෝගීන් අටදෙනෙක් මරා දැමුනේය. රෝහලේ එක්ස්ට්‍රේ අංශයේ සිටි කාර්ය මණ්ඩලයද රෝගීන්ද ඉවක්බවක් නැතිව වෙඩි තැබුනේය. මරා දැමුණු මනුෂ්‍ය සිරුරු එවෙලේම රෝහල් භූමියේදීම ගිනි දමා විනාශ කෙරුනේය. ඝාතන ලැයිස්තුවේ ළමුන්ද සිටින නිසා මේ රෝහල් ප්‍රහාරය ළමා වාට්ටුවට පවා එල්ලවූ බව විශ්වාස කල හැකිය.

ඉන්දීය හමුදාවේ පැය විසි හතරේ රෝහල් ප්‍රහාරය අවසන් වෙද්දී ළමා රෝග විශේෂඥයා අතුලු වෛද්‍යවරුන් තිදෙනෙක් ද හෙදියන් දසදෙනෙක්ද සෙසු රෝහල් සේවකයන් හා රෝගීන් ඇතුලත් 76 රොහල් පරිශ්‍රයය තුළ පමණක් මරා දැමුණු බවට වාර්තා ඇත්තේය. මීට අමතරව ස්ටැන්ලි පාරේ ගමන් ගත් පදිකයකයන් සියදෙනෙකුට ආසන්න ප්‍රමණයක් මරා දැමුනු බවද වාර්තා වන්නේය.

එම සතියේ යාපනයේ මුද්රනය කෙරුනු සැටඩේ රිවීව් පුවත්පත යාපන මහ රෝහලේ සමුල ඝාතනය මේසෙ වාර්තා කලේය:

1987 ඔක්තොබර් 21 වෙනිදා එනම් හින්දුන්ගේ දිපවාලී ආගමික දිනයේ සවස 4 පමණ ඉන්දියානු හමුදාව යාපන රෝහලට කඩා වැදුනේය. මේ වෙනුවෙන් කෙරුණු ප්‍රහාරයේදී මරා මියගිය මනුෂ්‍යයින්ගේ සිරුරු 50ක් පමණ මරණ පරීක්ශන වලින් තොරව ඒ හැන්දැවේම රොහල් භූමිය තුලම ගිනි තබා විනාශ කෙරුනේය. ඔක්තොඹර් 23 වෙනිදා ඉන්දියානු හමුදාවේ බ්‍රිගෙඩියර් බරාර්ගේ නියොගය මත යාපන කොටුවේ පිහිටි මුලස්ථානයේ කැප්ටන් බිස්ට් ගේ අධීක්ෂනය යටතේ තවත් මිනිස් සිරුරු 81 ගිනිදමා විනාශ කෙරුනු බවවාර්තා කලේය.

යාපන මහ රෝහලේදී මරා දැමුණු රෝහල් කාර්ය මණ්ඩලයයේ සමාජිකයන් 20 දෙනා අතරේ විශෙෂඥ වෛද්‍ය ඒ. සිවපතසුන්දරම්, රෙජිස්ටාර් වෛද්‍ය එම්. කේ. ගනේශරත්නම් වෛද්‍ය පරිමෙලාලහර් ඇතුලු හෙදියන් ඔවර්සියර්වරුන් හා රෝහල් කම්කරුවන්ද සිටින බව නම් ලැයිස්තුව මුද්‍රනය කරමින් සැටඩේ රිවීව් මීට කියා සිටියේය මීට අමතරව රෝහල් භූමියේ සිටි රෝගීන් බැලීමට පැමිණ සිටිද්දී මරාදැමුණු ඥාත්හින්ගේ නම් ලැයිස්තුව හා ප්‍රහාරයෙන් බේරීමට රෝහලේ රැකවරණ පතා සිටිද්දී මියගිය පුත්ගලයන්ගේ නම් ලැයිස්තුවද එම පුවත්පත වාර්තා කර ඇත්තේය.

ඔක්තොබර් 26 වෙනිදා යාපන මහ රෝහලේ සමුල ඝාතනය වාර්තාකල ලන්ඩන් ටයිම්ස් පුවත්පතේ තෝමස් ඒ සැංක්ටන් වාර්තාකරුවන්ට හා වෙනත් සවාධීන නිරීක්ශකයන්ට ඇතුළුවීම තහනම් කර ඇති හතරවටින් වටකල යාපනය නගරයේ පිහිටි ප්‍රධාන රෝහල් භූමියේ මළසිරුරු 76 ක් ද රෝහල අසල වීදියේ කුණු වෙමින් පවතින මලසිරුරු සීයක් පමණ ඇතැයි ලීවේය.

අයිතිය : නන්දන වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *