මේ ළඟදී දෙහිවලදි මට පාරේ තියාගෙන පෙරුම්කායම් විකුණන වෙළෙන්ඳෙක් හම්බවුණා. ‘රුපියල් 100යි දරුවෝ ඉන්නවනම් අනිවාර්යයෙන් අරං යන්න.. පොඩි කෑල්ලක් සුදු රෙදිකෑල්ලක ඔතලා බෙල්ලේ එල්ලන්න. කොරෝනා නෙවෙයි මොකවත් හැදෙන්නේ නෑ’. මේ අස්සේ ඊයේ මගේ මිතුරියක් පෙරුම්කායම් කෑල්ලක් සුදු නූලකින් බෙල්ලේ එල්ලගෙන ඉන්නවා දැක්කා. ඇත්තටම ඉස්සර සරම්ප එහෙම හැදුනම සුදු රෙදි කඩක ඔතලා පෙරුම්කායම් බෙල්ලේ එල්ලනවා. නැත්තං බොන්න දෙනවා. පෙරුම්කායම් කියන්නේ මොනවද? පෙරුම්කායම් කියන වචනය දෙමළෙන් ආපු වචනයක්. ඇෆ්ගනිස්තානයේ එහෙම බහුලව හැදෙන Asafetida කියන ගසට තමයි පෙරුම්කායම් කියන්නේ. හැබැයි අපි පෙරුම්කායම් කියන්නේ මේ ගසෙන් ගන්න කිරට. ගසේ මුල අලෙන් තමයි මේ කිරි ගන්නේ. ඒක ටික වේලාවක් යනකොට ඝන වෙනවා.
ඉතිං මේ ඉටි කැබලි කඩේ තිබෙනවා. එහෙම නැත්තං පවුඩර් තිබෙනවා. කොරෝනාවලට විරුද්ධව දැන් මේක අපි බහුලව පාවිච්චි කළත් මේකට කෙළින්ම වෛරසය මර්දනය කරන්න හැකියාවක් නෑ. නමුත් මේක දේශීය වෙදකමේ අපිට හම්බවෙන ප්‍රබල ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ඖෂධයක්. මේක ලෝකය පුරාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ඔසුවක් විදිහට ගන්නවා. ඊට අමතරව ඉන්දියාවේ මේ කුඩ කුළුබඩුවක් වදිහට සෑහෙන්න පාවිච්චි කරනවා. ආහාර රසවත් කිරීමට වගේම ආහාර ජීරණය සඳහාත් මේකට ලොකු ශක්තියක් තියෙනවා කියලා කියනවා. ඉතිං මේ බෙහෙත කරේ එල්ලගත්තා කියලා ඒකෙන් ලොකු බලපෑමක් වෙනවා කියලා හිතන්න අමාරුයි. ඒත් මේක යම් ප්‍රමානයක් උණු වතුරෙන් පානය කළොත් ඒක අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන විටමින් සී වගේ වෙයි.
ඇත්තටම ඉස්සර මේවගේ දෙයියන්ගේ ලෙඩක් ආවාම පෙරුම්කායම් වලට අමතරව වඳකහ, සුවඳකොට්ටන් තිප්පිලි, වියලි ඉඟුරු, වගේ ජාති අපි තේ බොන්නැහේ බිව්වා. ඒවායින් ලොකු ශක්තියක් ලැබුණා. සුදර්ශන චූරණය කියන බෙහෙතේ මේවගේ ප්‍රතිශක්තිකරණට ඕනී ඔසු වර්ග 54ක් තියෙනවා කියලා කියනවා. තේ හැන්දකින් එකක් උණුවතුරට දාලා උදේට දරුවෙකුට දුන්නට කිසි අනතුරක් නැහැ කියලා දේශීය වෛද්‍යවරු කියනවා. ඉස්සර පොඩි කාලේ රතගාය හැදුනාම දුන්න රතකල්කේ කියන බෙහෙත හදන්නෙත් වඳකහ රත්හඳුන් කොල්ලු එක්ක එකට අඹරලා කියලා කියනවනේ.
කොහොම වුණත් කංසා ගහ වගේම ලෝකය පුරාම භාවිතා කරන ගහක් තමයි මේ පෙරුම්කායම්..!