අද (14) සමගි බලවේගය විසින් පිටකෝට්ටේ එජාප මූලස්ථාන පරිශ්‍රයේ පැවැත්වූ ‘මානව හිමිකම් උළෙලේ’ අවසාන දිනයට සහභාගි වීම සඳහා පැමිණි පිරිස් මේ වන විට පිටතට යා නොදී නිවාස අඩස්සියේ තබා ගෙන සිටින බව ‘සමගි බලවේගයේ’ සංවිධායකයන් ‘ලංකා නිව්ස් වෙබ්’ හා මීට ස්වල්ප වේලාවකට ඉහතදී පැවසීය.
මෙසේ මානව හිමිකම් උළෙල පැවැත්වූ ස්ථානය පොලීසිය, ත්‍රස්තවාදී විමර්ශන ඒකකය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආණ්ඩුපක්ෂ මැරයන් විසින් මේ වන විට වටකොට ඇත. මොවුන් මෙම ස්ථානය වටලා උළෙලට සහභාගි වූ පිරිස් නිවාස අඩස්සියේ තබා ගෙන සිටින්නේ ඔවුන් විසින් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත පන්දම් පාලිය (Candle light vigil) වැලැක්වීම සඳහා බව එහි සංවිධායකයෝ වැඩි දුරටත් පැවසීය.
මෙම ස්ථානයේ පිටව යමින් සිටි නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ මහතාගේ රථයේ සිටි මුලතිව් ප්‍රදේශයේ සිට පැමිණි සුධර්ශන් නැමැති ද්‍රවිඩ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු දොඩම්ගොඩ මහතාගේ රථය බලහත්කාරයෙන් නවතා ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව මෙම මානව හිමිකම් උළෙල සංවිධානය කළ ‘සමගි බලවේගයේ’ ක්‍රියාකාරීන් සියලුම දෙනා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ආරක්ෂක ලේකම්වරයා විසින් නියෝග නිකුත් කර ඇත. එම නියෝග අනුව ඉදිරි පැය කීපය තුලදී ත්‍රස්තවාදී විමර්ශණ ඒකකයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම ස්ථානයට බලෙන් ඇතුලු වී ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගය ක්‍රියාත්මක කරනු ඇත. වැඩි දුර විස්තර පසුවට බලාපොරොත්තු වන්න.
….LNW….