ලංකාවේ යුද්දය අවසාන කාලයේදී සාමාන්‍ය ජනතාව ඉලක්ක කොටගෙන පැවැති යැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිට් කැමරන් පවසයි.
ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයින්ගෙ සමුළුවට සහභාගී වීම සදහා එන අතරවාරයේදී ඊයේ (14) ඉන්දියාවේ දී ඔහු මේ බව පවසා ඇත. මෙහිදී ලංකාවේ සමුළුව සදහා සහභාගී නොවීම හා පත්ව ඇති අර්බුදයන් සම්බන්ධයෙන් ඉන්දීය අගමැති මන්මෝහන් සිංග් සමග සාකච්ඡා කළ අතර දකුණු ඉන්දියානු ඇමැතිවරුන් සමග ද සාකච්ඡා කොට ඇති බව වාර්තාවේ.
ඩේවිට් කැමරන් ඔවුන්ට ද අවධාරණය කර සිටියේ සමුළුවේදී අනිවාර්යෙන් ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් තමා මීට පෙරද ජනාධිපති රාජපක්ෂ සමග මේ සම්බන්ධයේ සාකච්ඡා කළ බවත්ය.
එසේම මෙවරද ඒ සම්බන්ධයෙන් දැඩිවේ ප්‍රශ්න කරන බවද පවසා සිටියේය. කැමරන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීමට නියමිතව ඇත.