උපුටාගැනීම්විශේෂාංග

මධු පෙරා ගැනීම හා සතුට බෙදා ගැනීම

මධු පානයට අපේ හුදී ජනයා පරම සතුරුය. කංසා පානයට ඊටත් එහා ට ගිය සතුරු විරෝධයක් ඇත්තේය. අවාසනාවකට මේ හුදී ජනයාගේ වීරයා වූ දුටුගැමුණු ගේ දස මහයෝධයන් පමනක් නොව ඊට පෙර බුදුන් විසූ දවස නාලාගිරිට රා බොන්න දෙන්නට කලින් ඇත්ගොව්වන් ද රා බී මත්වු වග සැබෑ බෞද්ධයෝ දනිති. මේ ඈත අතීතය නොදන්නා බෞද්ධයෝ නුතන ජනප්‍රිය බෞද්ධ පාසල් පටන් ගැනීමට ධන පරිත්‍යාග කලේ රේන්දකරයන් හෙවත් අරක්කු පෙරන්නන් හා බාර් හිමියන් බව හොඳින් දනිති. මේවග නොදන්නෝ මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ හැටි’ කියවිය යුතුය.කංසා අපේ ඉතිහාසය පුරාම දේශීය ඔසුවක් හැටියට භාවිතා කෙරුණි. නමුත් අපි කළු සුද්දන් වූ තැන් පටන් කංසා ගර්හිත පැලැටියක් බවට පත් වුණේය. නමුත් මේ කෙටි සටහනේ අරමුණ ඉතිහාසය ඉගැන්වීම නොව නිවසේ පෙරා ගැනීම කියා දීමය.

බොයිලේරුව, සලංක [දඟරය] හා සීතල කිරීමේ වතුර භාජනය යොදා ස්පිරිත්තු පෙරා ගැනීම අපට ලැබුනේ පෘතුගීසීන් ගෙනි. ඔවුහු කුරුඳු වලින් මේ අකාරයට වයින්, අරක්කු පමනක් නොව කුරුඳු තෙල් ද පෙරා ගත්හ. නමුත් අපේ විශ්වාසය ඊට පෙර පටන් අපි වාශ්ප ක්‍රමයට ස්පිරිත්තු පෙරා ගත් බවය. මෑතක් වෙන තුරු නිවෙස්වල හැලි අරක්කු පෙරා ගැනීමට යොදා ගත්තේ මේ ස්වදේශීය තාක්ෂනයයි. අවසාන වරට මා මේ ක්‍රමයට ස්පිරිත්තු පෙරනු දුටුවේ කොස්ලන්දේ අක්කර සීය පාරෙන් ගිය විට හමුවෙන පට්ටිය තැන්න ගමේදීය මීට වසර 10 කට පෙරය. මේ ක්‍රමයට ස්පිරිත්තු පෙරා ගැනීම හැඳින්වෙන්නේ පත්තෙන් පෙරා ගැනීම නමින්ය. මෙ ක්‍රමය අපේ ගම්වල ද බහුලව යොදා ගැනුණි.

පොල් රා වලින් හෝ කිතුල් රා වලින් පත්ත යොදා ගෙන ස්පිරිත්තු පෙරා ගන්නේ මෙසේය. රා වර්ගය මුට්ටිය බහා ගින්නෙන් රත් කරන අතරේ අතක හැඩයට කපා ගත් ලී හෝ තඹ තහඩුවක් මුට්ටියේ වාෂ්ප එකතුගැනිමට යොදා ගෙන එය රැස් කිරීමය. මේ පත්තේ කොලයයක රේකා ඇති ආකාරයට ඉරි ඇඳ ගැන්නිමෙන් වාෂ්ප පහලට ගලා ඒම පහසු කිරීමය. මෙහිදී වාෂ්ප පිටතට යාමක් සිදු වූවත් සැලකියුතු ස්පිරිත්තු ප්‍රමානයක් එකතුකර ගැනීමට පුළුවන. ඔබට මුට්ටියෙන් පිටවෙන වාෂ්ප සියල්ලම රැස කර ගැනීමට නම් යොදා ගන්නා පත්ත මුටිටියට සම්පුර්ණයෙන්ම ආවරණය වනසේ තැබිය යුතුය එයින් ගලා එන වාෂ්ප පහසුවෙන් එකතුකර ගැනීමට සැලකිලිමත් විය යුතුය.

රා නැති පලාතක දී සීනි කරිඤ්ඤං ඒ වෙනුවට තනා ගත හැකිය. මේ සඳහා ජලය සීනි හා යීස්ට් යොදා මේ කෘතිම රා හදා ගත යුතුය. නමුත් මේ පහසුව නැති විටදී ඔබට ගෝඩා තනාගෙන පෙරා ගැනීමට සිදුවේ. ගොඩා හදා ගැනීම පොතු තාක්ෂනයකි. නමුත් එය පැසවා ගැනීම හා මුල් ස්ප්‍රිත්තු ඉවත් කර ගැනිමට හොඳ තේරුමක් තිබිය යුතුය. [එය දන්න කෙනෙක් ලියන්න]

මේ යෝජනාව නීති විරෝධි එකක් නොවේ කරිඤ්ඤං තනා රා හැටියට විකිනීම මහා පරිමාන වශයෙන් කල්Uතර දිස්ත්‍රික්කයේ දැනටමත් සිදුවේ. ඔබ කලුත දිසාවේ ඇති ඉස්කාගාරයකට වසරකට ලැබෙන රා ප්‍රමානයත් දිස්ත්‍රික්කයේ වසරකට මදින ගස් ප්‍රමානයත් දැන ගත් විට අප කියන රහස පහසුවෙන්ම සොයා ගැනීමට පුළුවන. මෑතක දී අලුත්ගම ප්‍රදේශයේ ප්‍රාදේශීය ජනමාධ‍ය්කරුවෙක් හ ඔහුගේ සහකාරිය හොඳටෝම බැට කෑවේ මේ කරිඤ්ඤං මුදලාඉලාගෙන්ය.

ඉතින් අපි අපිට වුවමනා ප්‍රමානය පෙරා ගැනීමෙන් රටට සිදුවෙන හානියක් නැත. මධු පානය කෙරෙන්නේ ගහ මරා ගැනීමට හෝ සිංදු කීමට නොව ස්නායු නිදහස් කිරීමට හෙවත් රිලැක්ස් කිරීමට බව සුරාවේ අගය නොදන්නා හුදී ජනයාට කියා දෙන්න. මේ අපේ ගමේ තිබුනු ප්‍රකට සුරා කවියක්:

සුරාවේ අගයත්
එහි ඇති මහඟු ගුනයත්
බොන සුදනෝ මිසක්
නොබොන අනුවන දනෝ නොදනිත්

 

අයිතිය: නන්දන වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *