උපුටාගැනීම්විශේෂාංග

නිහාල් සිල්වා, ශුර නළුවා හා දේශපාලකයා – නන්දන වීරරත්න

ඔහුගේ 30 වෙනි මරණ අනුස්මරණය සංස්කෘතිකමය ලංකාවට වැදගත් වන්නේ ඇයි? ඔහු ජනප‍්‍රියත්වයේ හිනිපෙතේ ඉහලම තැනට නැඟ සිටිද්දී මරා දැමූ නිසා ද ? එසේත් නැතිනම් ඔහු බඳු ව්කට නලූවෙකු හා ශූර නළුවෙකුගේ අඩුව මේ රටේ දිළිඳු කලා ව්‍යාපාරයට දැනෙන නිසා ද? නමුත් නිහාල් සිල්වා නම් චරිතයේ පැවැත්ම තිබෙද්දී ඔහුගේ කලාව නිදහසේ වැඩුනේය. දේශපාලනය හා දේශපාලකයා ඔහු සොය ඔහු සොය ආවේය. ඔහු නොන්ඩි දේශපාලනයට කිහිලිකරුවක් වූයේ ඉන් පසුවය.%

කවටයා හෙවත් හාස්‍ය උත්පාදකයා මානව ශිෂ්ටාචාරය පුරාම සිටියේය. රජගෙදර සිටි කවටයා තනි අන්දරේ කෙනෙක් බවට පත් වුනේය. 19 වෙනි සියවස අවසාන වෙද්දී අපට ‘කවට කථිකයා ‘ නමින් පත්තරයක් ම මුද්‍රණය වුණේය. නුර්ති නාඩගම් යුගයේ පටන්ම කවටයා වේදිකාවේ සිටියේය. කෝලම් ගැමි නාට්‍ය සම්ප‍්‍රදාය මුළුමනින්ම හිනාව වෙනුවෙන් කැප වුනේය. සිනමාව ජන්ප‍්‍රිය කලාවක් වෙද්දී එඞී ජයමාන්න ජනප‍්‍රිය කවටයා වූයේය. ජෝ අබේවික‍්‍රම සිනමාවට ඇතුළු වුනේ විකට නළුවෙක් හැටියටය. පසුව සිනමාවේ විකට කිරුළ ෆෙඞී සිල්වා අතට ගියේය. වේදිකාවත් සිනමාවත් එකවර සිනාහවෙන් පිරෙව්වේ නිහාල් සිල්වා ය. ඔහු පෙර සිටි සියල්ලන්ම පරදවමින් ලංකාවේ ආණ්ඩුවට බදු ගෙවන එකම නළුවා විය. සෙසු නළුවෝ දේශපාලනයට යමින් ජීවත්වීමට උපමාරු දමද්දී ඔහු දේශපාලකයා තමාගේ දෙපා මුලට කැඳවා ගත්තේය. දේශපාලන නරා වලට දමා නිහාල් සිල්වා විනාශ කිරීමට පෙර ඔහු නිසග කුසලතාවයෙන් ජනප‍්‍රිය තරුව බවට පත්වී සිටියේය. පිරිහුණු දේශපාලකයා ඔහු පසුපස ආවේ ඔහුගේ ජනප‍්‍රියත්වයට මුවාවෙන්නටය. ඔහු ඒ බව නොදැන සිටියේය. ඔහු මේ විනාශයෙන් ගලවා ගන්නට නිදහස් හා ශක්තිමත් කලා ව්‍යාපාරයක් රටේ නොතිබුණේය. අවුරුදු 34 පමණ කෙටි ජීවිත කාලයකින් ඔහු තමාටමත් රටටත් අහිමි වන්නේය.

තමා අවට ලෝකය දෙස හාස්‍යයෙන් උපහාසයෙන් හෝ සිනාවෙන් දකිමේ කුසලතාවය ඉතාම දුර්ලභ මිනිස් ගුනාංගයකි. කෝපය, වෛරය හෝ ඊර්ෂාව වෙනුවට හැමවිටම සිනාව මතු වේනම් ලෝකය මීට සම්පුර්නයෙන් වෙනස් තැනක් වනු ඇත්තේය. සිනාව උපදවන්නා හෙවත් හාස්‍යෝත්පාදකයා සමාජයකට අගනා මිනිසෙක් වන්නේ මේ නිසාය. දෙවන ලෝක යුද්ධයේදී ඇමෙරිකා යුධ නායකයෝ මෙසේ කියන්නට පුරුදු වී සිටියහ. ” මේ යුද්ධයේ බරපතල වියදම් දෙකක් තිබේ ඉන් පලමු වැන්න ආයුධ තැනීමටය. දෙවැන්න සෙබළුන්ගේ විඩාව නිවීමට චාලි චැප්ලීන් ගෙන යාමය” මේ දුර්ලභ ප‍්‍රතිභාවේ තරම දැන් ඔබට තේරුම් ගැනිම පහසු කරනු ඇත. මේ අතිශය දුර්ලභ ප‍්‍රතිභාව හුතු උපතින්ම ගෙන එන්නක් නොවේ.

සිග්මන් ෆ්‍රොයිඞ් සුමිතුරු චාලි චැප්ලින් ගැන කියූ ” අපි සිනා සෙන්නේ ඔබේ අත්දැකීම් පිරුණු ලමාවිය ට ය. යන්න නිහාල් සිල්වා තට් පොදුය. හැම දුර්ලභ විකට නළුවෙක්ම මතු වන්නේ කටුක ලමාවිය කිනි. නිහාල් උපන්නේ කිරුල්ලොපොනේ ප‍්‍රකට කුණු මෝල වත්තට යාව පිහිටි වත්තේය. දැන් එහි කුණු මෝලක් තබා කුණු කරත්තයක්වත් දකින්නට නැත. නමුත් කිරුල්ලෝපොන හංදිය අවට පිහිටි කොළඹ මහ නගර සභාවේ ක‍්‍රියාකාරී සේවා පොළවල් හා කම්කරු නිවාස මේ අතීත උරුමයේ සාක්ෂි පෙන්නුම් කරයි. ඔහු උපද්න්නේ නුව?ළිය දිස්ත‍්‍රික්කයේ වටවල උවත් ලමාවියේම කොළඹට සංක‍්‍රමනය වන්නේය. දෙමාපියන් සමඟ කොළබට සෙසු ලමාවිය හා තරුන විය ගෙවූ නොවැරදීම නිහාල් සිල්වාට මේ දිළිඳු නාගරික සමාජයේ අපමන මිතුරන් සිටින්නට ඇත. අතට හිතට වැටුණු සියල්ල ඔහුගේ අතින් හාස්‍යක් බවට නිර්මානය කරන්නට ඇත්තේ ඔහුගේ මේ නේක අත්දැක්කිම් බහුල ළමා වියයි. සෑම පොදුජන ජීවිතය ඇතුලෙන් මතුවෙන කලාකරුවෙක් මෙන්ම ඔහු මතුවන්නේ ද ආගමික නාට්‍ය තුලින්ය. කිරුල්ලපොනේ වෙසක් නාට්‍ය ඔහුට වේදිකා රංගනයේ අත්පොත් තබන්නට උපකාර කලේය. ඔහු කොළඹ නාට්‍යකරුවන් වැඩි දෙනෙක්ට මුල් නිවහන වූ බොරැුල්ල තරුන බෞද්ධ සමීති ශාලාව හෙවත් වයි එම් බී යට එන්නේ ඉන් පසුවය. නාට්‍යකරුවන්ගේ අභයභූමිය වූ සුදර්ශිය හෙවත් සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයට එන්නේ මේ අවසාන නවාතැන හැටියටය.

ඔහුගේ දීප්තිමත් රංගන ජීවිතය බැබළුනේ වසර පහකි. ඔහු මරා දමන විට වයස 34 කි. ඒ වනවිට ඔහු චිත‍්‍රපට 54 ක චරිත වලට පණ දී තිබුණේය. ජනප‍්‍රිය වේදිකා නාට්‍ය හාරසීයකට පමණ රංගනයෙන් දායක වී සිටියේය. ඔහුගේම නිෂ්පාදනයක් වූ සාජන්ට් නල්ල තම්බි දහස් වාරයකට වඩා මේ රටේත් මැද පෙරදිග විසූ ලාංකිකයන්ටත් පෙන්වා ජනාදරය දිනා සිටියේය. පින්ලන්තයේ කොළබ තානාපතිගේ නාට්‍ය නිෂ්පාදක බිරිඳ හෙලෙනා ලෙන්තමකී තමාගේ මුල්ම ලාංකික නිශ්පාදනය වූ පුන්තිලා නාට්යයේ බැරැුරුම් ප‍්‍රධාන චරිතය ඔහුට දෙන්නට දෙවරක් නොසිතුවාය. ඔහු යුද්ධය මැද යාපනයේ සිටි රජයේ හමුදා සෙබළුන්ටද සාජන්ට් නල්ල තම්බි පෙන්නෙඋවේය. රටේ ඇමති මණ්ඩලය ද අගමැති ද ජනාධිපති ද ඔහුගේ රසික සමාජයේ සිට්යෝය. උපන් කිරුල්ලොපොන නාගරික වත්ත ද අගමැති විසු අරලිය ගහ මන්දිරය ද ජානාධිපතිගේ නිල නිවස වූ ජනාධිපති මංදිරය ද ඔහුට හුරුපුරුදු තෝතැනි වී තිබුණේය. නමුත් ඔහු මේ සියල්ල වින්දේ වසර පහක් පමණ සුලූ කාලයකි. තමා කලකට පෙර රඟ පෑ හා සාජන්ට් නල්ල තම්බි නාට්‍යට විෂයය වූ නෙයිනාගේ සුදුව මිලදී ගෙන මුල්ම දර්ශනය මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේ වේදිකාට නංවා අවසානයේ සතුටෙන් සෙසු නළුවන් ඇරලවන්නට පිටත් වූ ඔහුගේ සිතේ කවර තරමක බලාපොරොත්තු තිබුනේදැයි කවුරු දනිද්ද?

සුදර්ශියේ පැරණි මිතුරන්ට අනුව නිහාල් සිල්වා එහි එන්නේ වේදිකා නළුවරණයකටය. එකල බජාර් තලයට සරමක් ඇඳ බජාර් බසින් කතාකරන නිහාල සිංහල වේදිකාව නොදැන සිටි අඩවියකින් දැනුම රැුගෙන පැමිණෙමින් සිටින බවක් එකල සුදර්ශිය නොදැන සිටින්නට ඇත. නමුත් ඔහු නවමු අත්දැකීම් බහුල චරිතයක් බව සුදර්ශිය අවබොධ කරගත්තාසේ ඔහුට සමකාලීන සගයන් අතරේ වඩා පිලි ගැනීමක් ලැබුනේය. කිරුල්ලපොනෙන් ඔහු නාට්‍ය කරන්නට පැමිණි ප‍්‍රදේශය කුරුඳුවත්ත කොළඹ 07 මැද පිහිටිය් සුදර්ශිය වූවත් එහි පිටුපස තිබුනේ තාරාවත්ත මුඩුක්කුවය. නමුත් තාරවත්තේ වත්ත අමතකකර මුල් කාලයේ නිහාල් ගේ බජාර් පෙනුමට හා හා බසට ගැලැපෙන නාමයක් විකට නාමයක් ලැබුනේය. ඒ බෝම්බ නිහාල්ය. නමුත් සුදර්ශිය ඔහු සාදරයෙන් ආදරයෙන් බාර ගත්තේය. නිහාල් සිල්වාට තිබුනේ සහජ දස්කම් හා අපුරු ජීවන අත්දැකීම් යොදාගෙන චරිතවලට පණ දෙන්නටය.

1980 ගනන්වල මැද් භාගයේ ඔහු නිර්මාණය කල මුල්ම නාට්‍ය සාජන් නල්ල තම්බි නමින් නම් කලේය. ඒ ඔහු ඊට පෙර රඟ පෑ දයා වයමන් ගේ නෙයිනගේ සුදුවේ පණ දුන් චරිතයයි. සාජන් නල්ල තම්බි ලංකාවේ නාට්‍ය කලාවේ නව යුගයක් සනිටුහන් කලේය. මධුර ජවනිකා බඳු නාට්‍යවල තිබූ ගීතමය ගතිය සාජන් නල්ල තම්බි තුලත් තිබුණේය. එය ඉතා ඉක්මනින් ජනප‍්‍රසාදයට දිනා ගත්තේය. දේශපාලකයා ඔහු පසුපස එන්නේ ඔහුගේ මේ අපුරු කුසලතාවයෙන් හා නිර්මානාත්මක භාවයෙන් ලබාගත් ජනප‍්‍රියත්වය ට මුවා වෙන්නටය.

ජන අප‍්‍රසාදයට බිය දේශපාලකයා ජන ප‍්‍රසාදය දිනා ගත් කලාකරු උඩදමන්නේ මන්දැයි කලාකරුවා දැන සිටියේ නැත. ඔහු සිතන්නට ඇත්තේ තමාට පෙම්බැඳි රසිකයෙක් පසුපසි ඒමේදී ඇතිවෙන හැඟිම බඳු එකකඉ. එකල පැවති ගම් උදා වැඩසටහනට නල්ල තම්ම්බි නාට්‍ය පෙන්වීමට ඇරයුම් කිරීම ඔහුට දැනෙන්නට ඇත්තේ නාට්‍ය කන්ඩායමට නිතිපතා ආධායම් ලැබෙන ක‍්‍රමයක් හැටියටය. ලංකාව බඳු රටකදී නාට්‍ය කරුවන්ගේ ආර්ථික පැවැත්ම අතිශයින්ම අස්ථාවරය. ඉතින් ස්තීර ආධායමක් යනු වාසනාව ගෙන ඒමක් නොවේද?

නමුත් 1988 දී නිවසට පැමිණි දේශපාලකයා තමාගේ මැතිවරණ ව්‍යාපරයට උපකාර කරන්නැයි ඉල්ලා සිටින විට සාජන් සිටියේ බැහැයි කියන්න බැරි තැනකය. ඒ වන විටත් කපටි දේශපාලකයාඅ බලයේ රස ඔහුට විඳිනට අවස්තා දී තිබුනේය. නිහාල් සිල්වා වැටෙන්නේ මේ වලටය. නමුත් තමා බසින්නේ පතුලක් නැති වලකට බව ඔහු නොදැන සිටියේය. විශේෂයෙන්ම ලන්කා ඉතිහාසයේ අඳුරුම කාලයක ඉංදියානු හමුදා ලක්ෂ දෙකකක් රටේ බලෙන් වාඩිලා ගෙන සිටින යුගයක දෙමළ නමක් ඇති නාට්‍ය පෙන්වමින් එහි චරිත වෙනම දේශපාලන වේදිකාවල මැවීම කලාවට එහා ගිය දේශපාලනයක් බව මේ තරුණ කලාකරුවාට නොපෙණුනේය. වෙනම රටක් වෙනුවෙන් සටන් වැදී සිටී එල්ටීටීය පවා දෙමළ නමක් ඇති නිහාල් සිල්වාගේ සාජන් නල්ල තම්බි බලා එය දෙමළ ජාතියට හෝ බෙදුම්වාදී සටනට සම්බන්ධයක් නැතිබව සැක හැර ගත් බව සමහරවිට නිහාල් සිල්වා දැන සිටින්නට ඇත.
1989 වෙද්දී මේ විශිෂ්ඨ විකට නළුවා හා රංගධරයා සිටියේ දෙලොවක් අතරේය. එක් පැත්තකින් දේශපාලන බලයයි. දේශපාලන බලය ඔහුට චිත‍්‍රපට සංස්ථාවේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂක ධූරය ලබා දී තිබුනේය. පුත්ගලික පාවිච්චියට ගිනි අවියක් දී තිබුනේය. පුත්ගලික ආරක්ෂාවට ඊලම ප‍්‍රතික්ෂේප කරන පැරනි දෙමළ සටන්කාමි තරුණයෙක් ද දුන්නේය.

මීට වඩා මිනිසෙකුට කලාව කරන්න උවමනා කරන්නේ මොනවාද? සමහරවිට නිහාල් සිල්වා එකල එසේ සිතන්නට ඇත. මේ බලය හා අභිමානය ඔහුට සැබැ ලෝකය අමතක කරවන්නට ඇත. තමා බලයට ගෙනා දේශපාලකයා වත් ලොක්කෙකු නොවේ යයි ඔහුට විටෙක සිතෙන්නට ඇත. ජෝතිපාල කියන ආකාරය මධුලෝලී මනහාරී ජීවිතය තුල ඔහු ත්මාගේම වීරත්වයේ සීමාවන් උරගා බලන්නට පෙළබෙන්නට ඇත. එය 1989 දෙසැම්බර් තුන්වෙනිදා අලූයම අවසන් වුයේ නිහාල් සිල්වා මේ රටේ කලාවට සංස්කෘතියට අහිමි වීමෙන් පමනක් නොවේ. වසර පහක් තුල ඔහු පෙන්වූ නිර්මානාත්මක ප‍්‍රාතිහාර්‍යයන් දකින්නට ලාංකික රසිකයා තවත් අවුරුදු දෙතුන් සීයක් බලා සිටින්නට සිදුවෙන තැනට තල්ලූ කිරීමෙනි. එය ඔහු ට කල අපරාධයක් නොවේ මුලූ මානව සංස්කෘතියටම එරෙහිව කල අපරාධය්කි. චාලි චැප්ලීන් ඉපදී දැනට වසර දැනට අවුරුදු 120 කි ඔහු මියගොස් වසර වසර 43 කි නමුත් බටහිර යුරෝපයට තබා උතුරු ඇමෙරිකාවවත් තමත් දෙවැනි චැප්ලීන් කෙනෙක් තවමත් ලැබී නැත. ලංකාව බඳු කුඩා රටකට නිහාල් සිල්වා කෙනෙක් උපදින්න්ට තවත් කොපමන කාලයක් උවමනා වනු ඇත්ද?
අයිතිය: නන්දන වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *