උපුටාගැනීම්විශේෂාංග

ප්‍රභාකරන්, ඔහු ඉතිහාසයේ විශිෂ්ටම නායකයා – ශ්‍රීධරන්

දෙමළ ජාතික විමුක්ති අරගලය වෙනුවෙන් සිය ජීවිත පූජාකළ විරුවන් සැමරීමේ මහවිරු දිනයට (Maaveerar Naal ) එරෙහිව කොළඹ ආණ්ඩුව හමුදාව සහ හමුදා බුද්ධි අංශ යොදාගනිමින් විසින් තර්ජන ගර්ජන සිදුකරමින් සිටිති. නමුත් මේ සියලු තර්ජන මධ්‍යයේ මෙවර මහවිරු දිනය සැමරීමට උතුරේ පවත්න්නේ දැඩි උනන්දුවකි. මන්ද දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභා මැතිවරණයේදී මතුකළ එක් කාරණාවක් වූයේ උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනයාට යුද්ධයේදී අහිමිවූ සිය ආදරණීයයන් සැමරීට අයිතියක් අැති බවත් එම අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත්ය.

දෙමළ ජනයාට සිය ආදරණීයන්න සැමරීසට ඉඩ නොදීම තුළම ශ්‍රී ලංකා රජයේ වර්ග සංහාරක ක්‍රියාදාමයේ තරම ලෝකයයටම පෙනෙන බව මේ සම්බන්ධය අදහස් දක්වන උතුරේ දේශපාලන ක්‍රියාකාරීන් පවසා සිටිති.

ඊයේ දිනයේදී යාපනය සරසවියේ ආචාර්යවරුන්ගේ සංග​මයේ ඊ. රාසකුමර්න් ත්‍රස්ථ විමර්ෂණයට කැදවා පැය සවස 3.00 සිට රාත්‍රී 7.00 දක්වා ප්‍රශ්ණ කරනු ලැබ ඇති අතර මේ වන විට යාපනයෙන් ලැබෙන වාර්තා සදහන් කරන්නේ යාපනය සරසවිය අවට විශාල වශයෙන් හමුදාව රදවා ඇති බවයි.

පසුගිය වසරේදී යාපනය සරසවියේ පැවැති නිහඩ මහවිරු අනුස්මරණ සැමරුමට හමුදාව විසින් පහර දුන් අතර සිසුන් අත්අඩංගුවට ගනිමින් , තර්ජනය කරමින් මාස 2 කට අසන්න කාලයක් විශ්ව විද්‍යාලය වසා තැබීමටද කොළඹ ආණ්ඩුව කටයුතු කලහ.

මේ අතර යාපනයේ සහ අවට ප්‍රදේශයන්ගේ සාමාන්‍ය ජනයාට හමුදාව තර්ජනය ඊයේ තර්ජනය කර ඇත්තේ අද(27) සවස 6.00 ය වන විට නිවෙස් බලා පැමිණ දෙරවල් වසාගෙන සිටින ලෙසත් කිසිදු පහනක් දැල්වීම නොදල්ලවන ලෙසයි. එසේම බොහෝ ප්‍රදේශයෙන්ගේ හමුදා බුද්ධි අංශ යොදවා සියල්ල නිරීක්ෂණය කරමින් සිටින බව එම ප්‍රදේශයන්ගෙන් වාර්තා වෙයි. එසේම සියලු ආගමික ස්ථාන වල ඝන්ඨාර නාදකිරීම, පහන් දැල්වීමද තහනම් බවට හමුදාව විසින් දැනුම් දෙමින් සිටිති

මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසා සිටියේ උතුරේදී දෙමළ සන්ධානයට දෙමළ ජනයා දැක්වූ සහය දෙමළ විමුක්ති කොට සංවිධානයේ නායක වේලුපිල්ලලේ ප්‍රභාකරන්​ෙග් අදහස් අනුමත් කිරීමක් බවයි. එසේම දෙමළ ජනයාට ඔවුන්ගේ වීරයන් සැමරීමට අයිතියක් තිබෙන බවත් එසේම අද (27) දිනයේ උදෑසන සිට සන්ධ්‍යාව දක්වා සියලු ජනයාගේ සිත්තුල ඔවුන් ස්මරණය වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

සියලු දෙමළ ජනයාට අහිම වූ සිය ආදරණීයන්,විරුවන් වෙනුවෙන් මලක් තබා ඔවුන් අනුස්මරණය කිරීමට අයිතිය ඇති බවත් එය අයිතිය වලක්වාලන්නේ කෙසේද කියාප්‍රශ්ණ කර සිටියේය.

යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේදී හමුදාවට බාරවී අතුරුදහන් වී ඇති දෙමළ විමුක්ති ​ෙකාටි සාමාජිකයන්ගේ නම් ලැයිස්තුවක්ද පාර්ලිමේන්තුව හමුවේ තැබූ මන්ත්‍රීවරයා පවසා සිටියේ දෙමළ ජාතියට එ​රෙහිව වර්ග සංහාරක ක්‍රියවලියක් සිදුවූ බවත් එය තවමත් ක්‍රියාත්මක බවයි.

” දෙමළ ජනයාට වේලුපිල්ලේ ප්‍රභාකරන් කිසි​දිනෙක අමතක කළ නොහැකිය. ශ්‍රී ලංකා ආණ්ඩුව ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස නම්කළද, දෙමළ ජනයා ඔහු දෙමළ ජාතිය ආරක්ෂා කිරීමට කටයුතු කළ ​පිළිගන්නේ ඉතිහාසයේ විශිෂ්ටම නායකයා ලෙස. ඔහු දෙමළ ජාතික නිදහස් අරගලයේ සලකුණ.”

“දෙමළ ජනයාට අයිතියක් තිබෙනවා ඔහුන්ගේ නිදහස් අරගලය වෙනුවෙන් සිය ජීවත කැප කළ කිසිවෙකු හෝ වේ නම් ඔවුන් අනුස්මරණය කිරීමට” යනුවෙන්ද මන්ත්‍රීවරයා පවසා සිටියේය.

LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *