උපුටාගැනීම්විශේෂාංග

අපි කාලකන්නි ඡනතාවක් වන්නෙමු ! – උපුල් ජයසිංහ

ලෝ‍‍කෙ කිසිම රටක් දියුනු වෙන්නෙ නෑ ඒ රටෙි ඡනතාව වෙනස් නොවුනානමි , මිනිස්සු මහද්ළුිප හොයාගන්නෙ නෑ මෙි රට විතරයි තියෙන්නෙ කියල හිතුවනමි ,මිනිස්සු රෝදය හොයාගන්නෙ නෑ ඔය ටික පයින් යන්න බැරියැ කියල හිතුවනමි, , අපිට කාර් එක භාවිතා කරනව තියා දකින්නවත් ලැබෙන්නෙ නෑ යුරෝපයේ මිනිහා කරත්තෙ ඇතියි කියල හිතුවනමි. කොටින්ම මෙි ලෝකෙ ඉස්සරහට ගියේ අපි දියුණු තාක්ෂනයෙන් ගොඩ නගපු භාන්ඩ හා සේවාවන් බුක්ති විදින්නෙ වෙනස්ව හිතපු, වෙනසක් පතපු ලෝක ඡනතාව නිසා. ඒක රටකටත් ඒ විදිහටම අදාලයි. හැබැයි අපිට සීගිරිය හොයල දුන්නෙත් සුද්දෙක්
.
අවුරුදු 70 ක් කියන්නෙ සාමාන්‍ය මිනිහෙක්ගෙ ආයුකාලය. මෙි ආයුකාලය තුල මෙි රටෙි මිනිහෙක් මෙි රටෙි ධනපති දේශපාලන පක්ෂ දෙක තේරැමි නොගත්ත කියන්නෙ ඒ මිනිහ මැරෙනකන් වෙනස් වෙන්න ලෑස්ති නෑ කියන එක ඇර වෙන මොකක්ද. උන් අවුරැදු 70 ක් සංවර්ධනය කියල පෙන්නුවෙ අපිට වෙන රටවල මිනිස්සු කරපු නිර්මාණ හෝ නිෂ්පාදන , එක්කො උන් ඒව සල්ලි දීල ගත්ත නැත්නමි ණයට ගත්ත. අපේ රටෙි මිනිස්සුන්ට නිර්මාණය කරන්න හෝ නිෂ්පාදනය කරන්න අවශ්‍ය පරිසරය හදනවට වඩා උන්ට කරන්න දේවල් තිබුණ. උන් හැමතිස්සෙම පෝෂණය කලේ එක්කො ඡාතිය නැත්නමි ආගම, අපේ මිනි්ස්සු තමන්ගෙ ඡන්දය පාවිචිචි කලෙත් එක්කො ආගමට නැත්නමි ඡාතියට මෙි එකෙක්වත් තමන්ගෙ දූ දරැවන්ගෙ අනාගතය වෙනුවෙන් එහෙම නැත්නමි හොද රටක් වෙනුවෙන් රටක සංවර්ධනය වෙනුවෙන් තමන්ගෙ ඡන්දය පාවිචිචි කලේ නෑ ! එහෙම පාවිචිච කරපු එක තැනක් කියන්න. සිරිමාවෝ බණ්ඩාරණායකගෙ කාලෙ තමයි ශ්‍රී ලංකාවෙ අයවැය ලේඛණයෙ ප්‍රථම වතාවට අතිරික්තයක් තියෙන්නෙ. ඒත් ගැණි ඊ ළග මැතිවරනෙදි පරාදයි. ඒකට වෙන හේතු තියෙනවා සහ එයා ඒ තත්වයට රට ගෙනාවෙ පිටරටින් භාන්ඩ රටට ගේන එක නතර කරල මිසක් රට සංවර්ධනය කරල නෙමෙි. හැම පාලකයම තමන්ගෙ දේශපාලන බලය ස්ථාවර කරගන්න වැඩ කරා මිසක් රට ස්ථාවර කරන්න මෙි රටෙි හිටපු කොයි පාලකයද හිතුවෙ කියල මට කියන්න.

මහින්ද රාඡපක්ෂ තමයි මවිබිමට ආදරේ එකම මිනිහ කියල හිතන ඡනතාවක් ඉන්න රටක් මෙික. ඒ මහින්ද අනීතිකව අගමැති කලාට පස්සෙ මිනිහගෙ දවස් විසි එකේ හෙළිකොප්ටර් වියදම ලක්ෂ 840 යි. දැන් මෙි මිනිහ සැබෑවටම රටට ආදරය කරන මිනිහෙක් නමි හිතන්න එපායැ මෙි වියදම දැන් රටෙි තියෙන ණය කන්දත් එක්ක දරාගන්න බෑ කියල. මෙි සල්ලි ටික ඉතිරි වුනානමි දරැවන්ගෙ පාසැල් නිල ඇදුම අරන් දෙන්න තිබුනනෙ එහෙම නැත්නමි කරාපිටිය ඉස්පිරිතාලෙ හෘදය සැත්කමි ඒකකයේ අඩුපාඩු පුරවන්න තිබුනනෙ. එහෙම නැත්නමි අඩු පහසුකමි තියෙන පාසැලකට විද්‍යාගාරයක් හදන්න තිබුනනෙ. නෑ උන් එහෙම හිතන්නෙ නෑ . උන්ට ඔන රටට කෙළ වුනත් බලය, මහන්තත්තකම . ඒක නිසා තමයි මහින්ද පාසැලක් විවෘත කරන්න ගියත් හෙළිකොප්ටරේ යන්නෙ. ඒ ගිහි්ල්ලත් මිනිහ පොලොවෙ අඩිය තියන්න එක පාරට කැමති නෑ ඉතින් පිටිටනියට උඩින් එලනව රතු කාපටි එකක්.ඩෙන්මාර්කය කියන්‍‍නෙ නෙදර්ලන්තය කියන්නෙ දියුනු රටවල්. ඒ රටවල්වල සියලු දේශපාලකයන්ට ඒ රටටල්වලට අවශ්‍ය නමි හෙළිකොප්ටර් ලබාදීමට තරමි සල්ලි තියෙනව ඒ වගේම දියුණුයි . නමුත් ඒ රටවල දේශපාලකයො කියන්නෙ තමන්ට වඩා රට ගැන හිතන දේශපාලකයො ඒක නිසා තමයි නෙදර්ලන්තෙ අගමැති පාර්ලිමෙින්තු එන්නෙ ෆුටි බයිසිකලෙන්. ඒක නිසා තමයි ඩෙන්මාර්කයේ 80% ක් මන්ත්‍රීවරැ පාර්ලිමෙින්තුවට එන්නෙ ෆුටි බයිසිකලෙන් .

අපේ රටෙි ඡනතාවට ඔින පා පැදියකින් පාර්ලිමෙින්තු එන දේශපාලකයෙක් නොවයි හෙළිකොප්ටර් එකකින් හරි ගුවන් යානයකින් හරි පාර්ලිමෙින්තු එන දේශපාලකයෙක් . එතකොටයි ලොකුකම එතකොටයි ගතිය. මෙික තමයි බහුතරයක් කාලක්නනි මිනිස්සු ඉන්න රටක අවසාන ගිණුමෙි ශේෂපත්‍රය.

අයිතිය: උපුල් ජයසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *