මේ වෙනකොට ලංකාව පුරා බොහෝමයක් නගරවල, විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර රැල්ලක් ( ප්‍රවණතාවයක් ) විදියට පැතිරයන තාප්ප / බිත්ති මත සිතුවම් ඇඳීම ලංකාවට අලුත් දෙයක් උනාට ලෝකයට නම් අලුත් දෙයක් නෙමෙයි. මේ වගේ තාප්ප/බිත්ති මත අඳින චිත්‍ර මා වැඩියෙන්ම කැමති ” අකීකරු චිත්‍ර ” විදියට හඳුන්වන්න. වීදි කලා මාධ්‍යයක් ලෙස කුරුටු චිත්‍ර ( graffiti ) මුලින්ම දකින්න පුලුවන් වෙන්නෙ 1920 / 30 වගේ කාලයේදී නිව්යෝක් නගරයේ තාප්පවල , බිත්තිවල , බස් රථවල සහ මෝටර් රථවල.විවිධ තරුණ ගැන්සි විසින් මේ චිත්‍ර ඇඳින්නට ඇතැයි සැලකෙනවා.1970 / 1980 දශකවල සමාජ , ආර්ථික සහ දේශපාලනික උපසංස්කෘතියක් විදියට මේ කුරුටු චිත්‍ර කලාවේ විකාශනය වේගවත් වෙනවා.මොකද ඒ වෙනකොට පැවති පීඩාකාරී ආර්ථික හා දේශපාලනිට තත්වයන්ට එරෙහිව අදහස් ප්‍රකාශන මාධ්‍යයක් විදියට තරුණ කොටස් විසින් කුරුටු චිත්‍ර කලාව යොදාගැනීම නිසා. මොකද පවතින සමාජ දේශපාලනික තත්වයන් කෙරෙහි තරුණ කොටස් තුල වර්ධනය වුනු විරෝධය ඉතා පහසුවෙන් , නිර්මාණශීලී හා වඩා කඩාකප්පල්කාරී ලෙස ප්‍රකාශ කරන්න කුරුටු චිත්‍ර මගින් පුලුවන් වුනා.
නමුත් පසු කාලයේ කුරුටු චිත්‍ර කලාව ජනප්‍රිය වීමත් සමඟ එය වෙලඳපොළ විසින් වෙලඳපොළ වෙත ඇඳගැනීමට ලොකු උත්සහයක් ක්‍රියාතමක වෙනවා. කලාගාරවල කලාකෘති වශයෙන් ලාභ අරමුණින් ප්‍රදර්ශනය ඉලක්ක කරගනිමින් කුරුටු චිත්‍ර නිර්මාණය වෙන්න පටන් ගන්නවා.කුරුටු චිත්‍ර ඇඳිම මුදල් උපයන වෘත්තියක් බවටත් මේ නිසා පත්වෙනවා.
කෙසේ නමුත් විරෝධතා අදහස් ප්‍රකාශන මාධ්‍යයක් විදියට කුරුටු චිත්රවල බලපෑම අඩුවෙන්නෙ නෑ. මොකද ජනමාධ්‍ය මුදල් බලයට යටවෙලා ජඩ මාධ්‍ය බවට පත්වෙද්දි , ජනතාවට ඇත්ත වෙනුවට පාලක පංතියේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් ජනප්‍රිය කලාවත් , ජනමාධ්‍යයත් පාවිච්චි වෙද්දි ඉතාම පහසුවෙන් සහා රැඩිකල් විදියට සාමාන්‍ය පහල පාංතික ජනයාගේ විරෝධතා අදහස් ප්‍රකාශ කිරීමේ නිර්මාණශීලී කලාමාධ්‍යයක් විදියටත් සමාජ දේශපාලනික උපසංස්කෘතික අංගයක් විදියටත් කුරුටු චිත්‍ර යොදාගන්න පුලුවන් නිසා. ඒ නිසයි මං කුරුටු චිත්‍ර කලාව ” අකීකරු චිත්‍ර ” කියලා හඳුන්වන්න කැමති.
වෙළඳපොළ විසින් ජනප්‍රිය සංස්කෘතිය මඟින් මත් කරවලා නිදිකරවලා ඉන්න තරුණ තරුණියන්ගේ ඇස් ඉස්සරහා ෆැන්ටසි කුඩුවෙන්න ගහන්න මේ අකීකරු කුරුටු චිත්‍ර වලට පුලුවන්.
ලංකාව පුරා මේ වෙනකොට පැතීරී යන තාප්ප හා බිත්ති අලංකරණ ක්‍රියාකරකමක් විදියට යොදාගන්න කුරුටු චිත්‍ර ඇඳීමේදී අපිත් මේ ගැන සැලකිල්ලක් දක්වන්න ඕන කියලා හිතුනු නිසයි මේ අදහස ලියන්න හිතුවෙ.
මොකද ලංකාවෙත් මේ මොහොතේ අපි ජීවත් වෙන්නෙ මුදල් , ලාභය හා බලය විසින් මෙහෙයවන ඊනියා ජනමාධ්‍ය විසින් නිර්මාණය කරපු යථාර්ථයක. මේ මොහෝතේදී ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා හොයාගන්න එකම විහිලුවක් වෙලා තියෙන්නෙ. කෑ ගහලා විරුද්ධ වෙන්න ඕන සමහර පාලකයන්ගෙ කැත වැඩවලදි අපි ඒක ජෝක් එකක් විදියට ශෙයාර් කරලා පාඩුවේ ඉන්නවා. ඉතිං සැබෑ ජනතා අදහස් ප්‍රකාශ කිරීමේ වෑයමක් විදියට මේ වෙලාවෙ ලංකාවෙ කොල්ලො කෙල්ලො එකතු වෙලා කරන වැඩේ ඵලදායී වෙන්න නම් පවතින සමාජ දේශපාලන පීඩාවන්ට එරෙහිව ත් වඩා නිර්මාණශීලීවත් මේ රැල්ල ගහන්න ඕන.
අපි ලංකාව ඇතුලෙත් පවතින සමාජ ආර්ථික පීඩාවට එරෙහි විරෝධය සහ තරුණ පරපුරේ අදහස් වඩා නිර්මාණශීලී විදියට තාප්ප වලට ගේමු. ලංකාව පුරාම මේ වැඩේ කරමින් ඉන්න සහෝදර සහෝදරියනි , පුලුවන් තරම් අකීකරු චිත්‍ර අඳිමු , ජය වේවා.!