උපුටාගැනීම්විශේෂාංග

වික්ටර් රත්නායක, එම්. එස්.ප්‍රනාන්දු හා සරත්චන්ද්‍ර

මහේෂ් හපුගොඩ, ජයන්ත රත්නායකගේ මරණය හා බැඳුණු විවාදයේදී ස්ථාපිත සදාචාරය නැමැති විෂඝෝර සර්පයාගේ ඔළුවෙන්ම අල්ලගෙන. මේ වික්ටෝරියා- ඕල්කට් සදාචාරයේ නූතන උරුමක්කාරයෝ තමයි මේ ප්‍රශ්නයේදී පොලොවේ හැපිල විලාප දෙන්නේ. වික්ටරගේ ගීත හා ජීවන පැවැත්ම නඩත්තු කලේත් මේ සදාචාරයයි.ජයන්තත් එයාගේ මල්ලිත් පියාගෙන් උරුමකරගත් මේ සදාචාරය මිණුම් දඬු අනුවයි වික්ටර්ගේ දෙවැනි විවාහයේ ඉදිරියේ හැසිරුනේ.

වික්ටර් තමන්ගේ ගී හැම එකකින්ම වග වර්ණනා කලේ ජීවිතයට ම තිබිය හැකි එකම පරම ප්‍රේමයක්. ඔහු කුටුම්බය තුලත් මේ මතවාදය තහවුරු කරන්න ඇති. නැතිනම් දරුවෝ මීට වඩා වෙනස් විදිහට හිතන්න ඉඩ තිබුන. උදාහරණයකට වරක් මම එම්. එස්. ප්‍රනාන්දුගේ නෝනා ගෙන් ඇහුව ‘අර අතාරින්න බැරි ගිරවිට ඔයා මොනවද කලේ, කියල. හරිම දි‍යුණු කෙනෙක් එයා.

‘මුලදි මම ඇඬුව. පස්සේ රන්ඩුකරා. ඊටත් පස්සේ නිහඬ වුණා. අන්තිමේ මම කිව්ව ඒ දරුවත් මට ගෙනත් දෙන්න හදා ගන්න කියල. මම දරුවෝ ඔක්කොම මගේ කුසෙන් වැදුව වගේ රැකබලා ගත්ත’

මම තාමත් විශ්වාස කරනව එම්. එස්. ප්‍රනන්දු අපේ මහා නාගරික කවිය කියල. ඔහු වික්ටර් වගේ රවි ශංකර් ගේ කාබන් කොපි පෙනුමක් ගත් උතුරු ඉංදීය අනුකාරයෙක් නෙවෙයි. නිදහස් නිර්මාණකරුවෙක්. වික්ටර්ගේ එක ගීයක් නෑ මේ යල්පිණු සදාචාරය ප්‍රශ්ණ කරන. එය බිඳගෙන යන. හේගල් ‘පවුල පුත්ගලික දේපල’ ගැන ලියද්දි කියන සදාචාරවත් ‘පටි පණුව’ විකර්ගේ ඔළුවෙත් ඔහුට ගීලියූ රචකයන්ගේ ඔළු ඇතුලෙත් අඩුවැඩි වශයෙන් හිටිය. ඒව කඳුළු, හොටු, කෙල පෙරාගෙන රස වින්දේත් වික්ටෝරියානු -ඕල්කට් සදාචාරයේ මුරකාරයෝ. උරුමක්කරයෝ.

මට බලවත් කම්පාවක් අති කලේ මිත්‍රයෙක් කිව්ව අපේක්ෂා රෝහලේ මරනය එනතෙක් බලා සිටි ජයන්ත හැමවේලාවෙම ෆෝන් එක දීහ බැළුව දැන් තාත්ත මට කතා කරයි කියල. නමුත් ඔහුගේ ප්‍රාණය නිරිද්ධ වෙන තෙක්ම ඒ ඇමතුම ආවේ නෑ කියල.
සරත්ච්න්ද්‍ර නම් කවීය කොහොමද පිතු සෙනේ ගැන අපට කියන්නේ

‘පිතු සෙනේ පිතු හද තුලම මිස පුතුන් හද තුල නැත රඳන්නේ
ඇට සොයාගොස් ඇට මිදුළුවැද සදාකල්හිම දුක් දෙවන්නේ’

මේ සරත්චන්ද්‍ර බෞද්ධ සාහිත්‍ය ප්‍රතිණිර්මානය කරපු තැනක්. වික්ටර් මේ සුන්දර උරුමයේ කොටස්කරුවෙක් නෙවෙයි. ඒ නිසා ඔහුගේ දරුවන්ටත් එය අහිමි වුනා. රසිකයන්ටත් අහිමි වුණා.

ගායකයෝ විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක් සමාජ ප්‍රතිරූපයක් වුණාට පස්සේ ඔහුග් හෝ ඇය කල කී දේ මහජන කථිකාවට එනව. ඒක සදාචාර විරෝධී දෙයක් නෙවෙයි. ආචාර ධර්ම බිඳීමක් නෙවෙයි.

මටත් ළ්මාවියේ අති පුත්ගලික අත්දැකීමක් තියෙනව. මමත් හැසිරුනේ ජයන්ත වගේ. නමුත් මගේ පියා සමාජයේ මොඩලයක් නොවූ නිසා මේ ප්‍රශ්නය මේ හැටි බරපතල වුනේ නෑ. මම එයට වන්දි ගෙව්ව. තාමත් එයි තැවෙනව.

අපිට නීර්මාණකරුවෝ ඕන මේ අඳුර විනිවිදින. එහෙම අලුත් පරම්පරාවක් තියෙනව. ඒ නිසා තැවෙන්නේ නැතුව ඉන්න පුළුවනි.

අයිතිය : නන්දන වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *