අපි දැනුවත් ජීවිතකලය පුරාම කොමියුනිස්ට් මතවාදයේ අනුගාමිකයක් හා හිතේෂීන් හැටියට ජීවත්වෙන උදවිය. මේ පෘතුවි වසංගතය අවසාන වෙන කොට චීනය මහ බලවතා වෙනව පෙනුනත් මේ පාක්ෂිකත්වය සතුටක් ගෙන දෙන්නෙ නෑ. එයට හේතුව මාඕ ගේ දහම චීන ජාතිකවාදය ඔසවා තැබීමටයි නිදන්ගත වී තිබෙන්නේ. ඒ තේරුමෙන් ගත් විට චීනය කොමියුනිස්ට් පක්ෂයක් යටතේ පවතින හැමදෙයින් ලාභ සොයන රාජ්යයක්.
කොමියුන්ස්ට් පොතපත වගේම එහි වීරයන්ද අපේ ගමට හඳුන්වා දී තිබුනේ රෙජිනොල්ඩ් විජේනායක නම් කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙක්. ඔහු අපේ ගමේ ධනවත්ම පවුලක කෙනෙක්. එකල තිබුණු ලන්ඩන් මැට්රික්යුලේෂන් විභාගය හොඳින් සමත් වූවත් දෙවන ලෝක යුද්ධය සම්ඟ පැතිරුණු අඳුර නිසා බ්රිතාන්යට යවා ඔහුට ඉගැන්වීම බලවත් මව අත්හැර දැමූ බවයි මම අසා තිබෙන්නේ.
එකල දකුණු පලාතේ බොහෝ උගතුන් මෙන් [පී.ද ඇස්. කුලරත්න, එල්. එච්. මෙත්තානන්ද] ඔහුත් ගුරු වෘත්තීය තොරා ගත්ත. පරම විඥ්ඥානාර්ථ සමගමේ මුල්ම පාසල වූ දොඩන්දුවේ පියරතන විද්යාලයේ දිගු කලක් ගණිතය ඉගැන්නුව. 1952 ගාල්ල ආසනයට කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ වැදුනු රෙජිනොල්ඩ් සහෝදරයට ඡන්ද ලැබුනේ එකසිය එකොලහයි. මේ නිසා ඔහුගේ දේශපාලන සතුරෝ ‘හොන්ඩරේ සමාජවාදිය’ [බ්රිතාන්ය රාජකීය මිණුම් ක්රමයට හොන්ඩරයට රාත්තල් එකසිය දොලහයි]කියල ඔහුට අවමන් කලා. ඔහුගේ පරම හතුර වුනේ ගමේ ගම්මුලෑදැනිය ඇල්ෆ්රඩ් පීටර්.
රෙජිනොල්ඩ්ගේම ලොකු අම්මගේ පුතා. ඒ කාලේ යටත් විජිත ආණ්ඩුවට ගමේ දේශපාලන තොරතුරු වාර්තා කලේ ගමේ ගම්මුලෑදෑණි තැන. හතුරු කමට හේතුව මෙය වෙන්නත් ඇති.
තරුණ කාලේ රෙජිනොල්ඩ් අවංක විප්ලවවාදියෙක් වුණත් සම්ප්රදායික පිරිමියෙක්. මේ නිසා විවාහයට යුවතියක් සෙව්වේ කපුවො හරහා. ඉතින් මේ උගත් ධනවත් රැඩිකල් තරුණයට වෙනුවෙන් ඥාතීන් සිය වතාවකටත් වඩා හිර පස්සේ ගියත් සුදුසු මනාලියක් සොයා ගන්න අසමත් වුණා. නමුත් මෙහෙම ගිය ගමන්වල දි ඉඳුරුවේ කොට්ටහච්චි පවුලක තරුණ රූමත් ඉංග්රිසි ගුරුවරියක් වූ ඩේසි පර්ල් දැකපු එක රෙජිනෝල්ඩ් ගේ හිතේ තිබුන. අන්තිමේ එයා මමී [ එහෙම තමයි අම්මට කතා කලේ] මේ කැමැත්ත කීව. මමීත් ඒ ගැන සතුටු වුණා. වහාම හිරපස්සේ දෙවැනි පණිවිඩ පිටත් කලා. දෙගොල්ලම තමන්ගේ ගම්තුලානේ ධනවත් බලවත් ප්රභූවරු. ආයෙත් බලන්න දෙයක් නෑ තිබුනේ නෑ. දින නියම වුනා. දෙපැත්තෙම ජයට මඟුල් කාල අස්ස කරත්ත පෙරහරකි කැන්ඳන් ආව.
මඟුල දැ රැයේ රෙජිනොල්ඩ් හොඳටම අවුල් වුණා. උගත්, රූමත් ධනවත් අලුත් මනාළියගේ වම් අතේ බරවයක්. එතෙක් කල් සාරි පොටට වැහිල තිබිල සාරිය ගැලෙව්වමයි දැක්කේ. ඒ මදිවට පියයුරකුත් ප්ළිකාවක් නිසා ඉවත් කරල.
වෙන කොමියුනිස්ට්කාරයෙක් නම් දික්කසාද නඩු දානව, වන්දි ඉල්ලනව, ඒ විතරක් නෙවෙයි දැවැද්දත් එක්ක පස්සෙන් ද මනමාලි රීටන් කරනව ලොකු කෝලාහලයක් කරල. නමුත් රෙජිනෝල්ඩ් සහෝදරය එහෙම කලේ නෑ. එයා අවංක කොමියුනිස්ට්වාදියෙක් හැටියට මේ කතාව කිසිම කෙනෙකුට කීවේ නෑ. අඩුම තරමින් මමී ට වත් කිව්වේ නෑ. ඒ වෙනුවට පර්ල් ඩේසිගේ පුත්ගලිකත්වය ආරක්ෂා වෙන්න ගෙට අල්ලල නන කාඹර හැදෙව්ව. නාන කාඹරය වතුර දෙන්න වතුර ටැංකියක් බැන්ද. එයට වතුර ගහන්න අත් පොම්පයක් හා පොම්පකරුවෙක් බඳවා ගත්ත. නමුත් කිසිම දිනක බිරිඳ සමඟ මඟුලකට තුලාවකට හෝ වෙනයම් උත්සවයකට ගියේ නෑ. දරුවො හැදුවෙත් නෑ.
හුඟාක් පස්සෙ කාලෙක සමීප ඥාතියෙක්ට විතරක් කිව්ව. නමුත් රෙජිනෝල්ඩ්ට වඩා ගැමියෝ ‘ටාස් ප්රවෘති සේවය’ [සෝවියට් නිල පුවත්ති සේවව]හොඳින් දැන සිටිය. සේවකයෝ හරහා රහස දැනගෙන ‘ පර්ල් නෝනමහත්තය’ ගේ ‘කැකිරි බරවේ’ ගැන නොයෙකුත් කටකතා හැදුව. එයාගේ අර සතුරු ගම්මුලෑදෑනි ඥාතිය එක්ක මේ සිදුවීමෙන් පස්සේ හොඳටෝම තරහ වුණා. එයට හේතු වුණේ ඒ ඥාතිය හිරයක් පස්සේ යද්දි පර්ල් නොන බලන්නත් ඉඳුරුවට ගිහින් තිබුන. එයාගේ උක්සු ඇහැට මේ සාරියෙන් වහපු අත බරවේ පෙණුන. මින්හ ඒ කසාදෙ කලෙත් නෑ. රෙජිනෝල්ඩ්ට මේ කතාව කිව්වෙත් නෑ. පස්සේ කාලේක මම ඇලෆ්රඩ් පීටර් ගෙන් පුත්ගලික ඇහුව ඇයි එහෙම නොකිව්වේ කියල. එතකොට එයා කිව්ව. ‘ඒ කසාදේ කැඩුනනම් වැරදි කරය වෙන්නේ මම. අනික මිනිහෙක් මනමාලියෙක් බලන්න ගියාම වංශයයි දේපලයි විතරක් නෙවෙයි ගේන ගැණි ගැනත් හොඳට හොයල බලන්න ඕන. ඉස්කොලේ පහට ගිය මට ඒක පෙණුනනම් ලෝකේ පෙරලන්න හදපු ඒ උගත මේ අඩුව දැක්කේ නැත්තේ ඇයි’ කියල.
කොහොම වුනත් රෙජිනෝල්ඩ් 1963 චීන සෝවියට් මතභේදය උඩ කොමියුනිස්ට් පක්ෂය බෙදෙන කොට ෂන්මුගදාසන්ගේ ‘චීන පිලට’ බැඳුන. පසුව ඒ සියල්ල අමතක කරල 1970 මහා මැතිවරනයේදී සමගි පෙරමුණේ බලවත් ආධාරකරුවෙක් වුණා. සිරිමා බණ්ඩාරනායක යටතේ වාමාංශිකයෝ වගා සංග්රාමය දියත් කරද්දී රෙජිනෝල්ඩ් අපේ පලාතේ පළදා වර්ධන කොමිටියේ නායකය වෙල විශාල සේවයක් කලා. පර්ල්ගේ මරනය දක්වාම ඔහු ඇය රැකබලා ගත්ත.
බරවා මනාලිය හොඳටෝම වයස් ගතව මියගියා. රෙජිනෝල්ඩ් හා ඇලෆ්‍රඩ් පීටර් ජීවිතේ අනුවෙනි දශකත් ගෙව්ව. මේ ජීවිතාවසානේ ඒ දෙන්නත් පැරණි තරහ අමතක කරල හොඳ මිත්‍රයෝ වුණා