අද උදේ සීදේවි බගවන්තලාවෙන් කතා කලා. එයා අපිට කඳුකරයෙන් හමුවෙන දක්ෂතම නිලිය. නමුත් තාම වීදී නාට්යවලින් එහට ගිහින් නෑ. අපි එකතුවෙල [කඳුකරේ වීදි නාට්ය කන්ඩායමක් සමඟ] ලියන්න සැලසුම් කෙරුණු පිටපත ප්රමාද වීම කතා කිරීමේ හේතුව වුනත් අවසානේ ජීවත්වීමත් කතාවට එකතුවුනා. ඇය කියනව වතු කම්කරු ජනතාව අතරේ ‘මේ වෙනවිට ආහාර හිඟය නිසා ගැටුම් ඇතිවෙලාය. හුඟ දෙනෙක් පණ මෙන් රැකි රත්තරන් බඩු උගස් තියලයි නැතිව බැරි ආහාර මීලදී ගන්නේ’ කියල. වතුකරයෙන් නගරවලට ඇවිත් වැඩ කරපු දහස් ගණනක් තරුණ කම්කරුවො රැකියා නැතිව ආපහු ගිහින්. කුසගින්නෙන් පෙලෙන්නන්ට අහාර සැපයීමට කිසිම වැඩපිලිවෙලක් වතුකරය තුල නැති බව. දෛනිකව ජීවනෝපාය සොයාගත් ඔවුන්ගේ ඉරනම මේ මොහොතේ කොහොමට ඇත්ද?
මෙන්න මේ දෙවල් වාර්තා කරන්නයි අපට විකල්ප වාර්තාකරණයක් අවශ්ය වන්නේ. සෙසු කාලවල නැතත් සිවිල් යුධ සමයක, ව්යසන අවස්ථාවක අපිට මෙබඳු වාර්තාකරනයක් නැතුවම බෑ. මේ වෙනුවෙන් මගේ අත්දැකීමක් ලිවිය යුතුයි. ඒ බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ.පාලන ප්රදේශයේ පවතින තත්වය සිංහල මාධ්යට වාර්තා කිරීමට දැරුණු මුල්ම උත්සාහය.
විකල්ප එනම් ප්රධාන දහරාවේ නොවෙන වාර්තාකරණයක් තිබිය යුතුයි කියන අදහස අපට ලැබුනේ අපේම ජීවන අත්දැකීම් වලින්. අපේ ගම්පලාතේ හිටපු ලොකුම ධනවතුන් ගේ හැසිරීම නිසා මේ අදහස් ළමාවියේම ඇති වුණා. ප්රදේශයේ හිටපු ප්රධාන ධනවතා හා කර්මාන්තකරුවා වූ මිටීයගොඩ විවින් මිල්ස් හිමිකරු සමඟ තරුණයන් හදා ගත් මහ ගැටුමේ අවසාන දර්ශණය දිග හැරුනේ 1971 අප්රියෙල් වලදි. සන්නද්ධ තරුනයෝ මීටියාගොඩ එරනවිල තිබුනු රෙදි කම්හල අල්ලාගෙන එහි කඳවුරක් ඉදිකලා. පසුව ගුවන් හමුදාව බෝම්බ දමා කම්හල විනාශකලා. එහිම හිමිකරුගේ ඥාතියෙකුට අයිති මැටිවල විවින් මිල්ස් කම්හල තමයි අපේ ජීවිතවලට රැඩිකල් දේශපාලනය ඉගැන්නුවේ. මේව දිග කතා. පසුව වෙන තැනක වෙන විදිහට ලියනව.
මගේ මුල්ම පත්තරේ ජවිපේ ‘සීනුව’. එහි කතෘ අමදෝරු නන්දතිලක ගලප්පත්ති. සීනුවේ ගාල්ල උතුර වාර්තාකාරකම කලේ දේශපාලනය කරන අතරෙදිමයි. පත්තරේට වාර්තා ලියන අතරේ එය විකින්නිමත් පැවරුනේ අපටම.
ඊට පස්සේ ‘කම්කරු මාවත’ එය විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නිල පුවත්පත. ප්රධාන කතෘ කේ. රත්නායක. 1981 මහා වැඩවර්ජනයෙන් රැකියාව අහිමි වූ මහබැංකු සේවකයෙක්. පත්තරේට ලියල රස්සාව අවසන් කරන ක්රමයක් කම්කරුමාවතේ තිබුනේ නෑ. ලියපු ලිපි අරගෙන මහරගම තිබුණු ‘පියදාස මුද්රණාලය’ යන අතරේ පිටකොටුවේ මයුර ලේන් එකට ගිහින් ඩිමයි රීල් දෙකක් සල්ලි දීල අරගෙන බස් එකෙන් මහරගමට කරගහගෙන ගෙනියන්න ඕන. ඊට පස්සේ අකුරු අමුනන වැඩේට හරි මැටර් බඳීමට හරි හවුල් වෙන්න ඕන. මුද්රනය නිම වෙද්දී පිහිවලින් කඩදාසි කපල ගැදර් කරන්නත් ඕන. අමාරුම වැඩේ තියෙන්නේ ඊටත් පස්සේ. පිටු 8 කින් හෝ දාසයකින් යුතු පත්තරේ අරගෙන කොළඹ කම්කරු පංතිය පදිංචි ප්රදේශවල ගෙන්ගෙට විකුනන්න ඕන.
ප්රධාන කතෘ සහෝදරයයි මමයි විශේෂාංග ලිඅය්න්න යන්නෙත් එකට. ලිපියේ එකම බොක්ස් එකක රචකයො හැටියට නම් දෙක දානව. අපි දෙන්න මොනරාගල, මඩුගම හා සියඹලාණ්ඩුවේ ඇවිදල ලියපු මුල්ම විශේෂංග ලිපිය ‘මේටා ඉන්ටර්නැෂනල්’ නම් ඉංදියානු සමාගම උක් වගාව සඳහා වෙල්ලස්සේ ඉඩම් අක්කර හැට පන්දහසක් උදුරා ගැනිම ගැන. ඒ අප්ත්තරි ගහල මොනරාගල දිස්ත්රික්කයේ ගමක් ගානේ විකිණුව.
විකල්ප ටැබ්ලෝයිඩ් වලට ලිඅය්න්න ගත්තේ ‘යුක්තිය’ පටන් ගැනීමත් එක්ක. එහි කතෘ හැටියට එකල සිටියේ සුනන්ද දේශප්රිය. එතනින් රාවයට ආවා. එහි කතෘ වික්ටර් අයිවන්. එයා අපිට ලියන්න ඇති තරම් න්නිදහස දුන්න. මේ නිසාම ඒ කාලේ උතුරු නැගෙනහිර ගැන වෙන ඇහැකින් බලල ලියන්න අපට ඕන වුනා. ඒ නිසාම දේශසීමව පැනල කොටි පාලන ප්රදේශයටට ගිහින් වාර්තා ලිවීමේ වුවමනාව අපට තදින්ම තිබුන.
එහි මුල්ම උත්සාහය හැටියට අපි වවුනියාවට ගියා 1992 දී විතර. දවස් ගනනාවක් උත්සාහ කලා නීත්යානුකූල ආකාරයකට තාන්ඩිකුලමෙන් උතුරට යන්න. එකාලේ තාන්ඩිකුලම් කඳවුරේ ලොක්ක කර්නල් තෙන්නකොන්. අපේ උත්සාහය වුනේ කිලිනොච්චියෙන් වවුනියාවට දේශසීමවා හරහා එන බසයකින් කොටි පාලන ප්රදේශයට ඇතුල් වෙන්න. නමුත් අපේ උත්සාහයන් තුනේදීම කර්නල් තෙන්නකෝන් හරස් වුනා. එයා කිව්ව මෝඩකම් නොකර ආපහු යන්න. අපේ ජීවිතවලට වග කියන්න බෑ කියල.
පස්සේ එනම් 93 අවුරුද්දේ මුල මඩකලපුවට ගිහින් වාකරෙයි හරහා ඇතුළු වෙන්න අපි සැලසුම් කලා. ඒ වෙනකොට වාලච්චේන කතෝලික දෙව්මැදුරෙ හිට්යේ ජෝජ් දිසානායක කිය දෙමල හොඳින් කතා කරන සිංහල පියතුමෙක්. එයා සතියකට වරක් දේවමෙහෙයක් සඳහා වාකරේ තිබුනු දේවස්ථානයට යනව. අපි යෝජනා කලා එයාගේ පැරණි වොක්ස්වාගන් කාර් එකේ ඩිකියේ අපි දෙන්නෙක්වත් හංගාගෙන ගෙනියන්න කියල. එයා එකඟ වුනා. නමුත් ට්රයල් එකෙදී වැඩේ වැරදුන.
තවත් කරන්න දෙයක් නැති නිසා අපි යාපනයට යාමට අවසර ඉල්ලල එවකට ජනාධිපති ඩී.බී. විජේත්ංගට ලිපියක් ලියන්න කල්පනා කලා. නමුත් අම්ගේ නමින් ලිවීම අවදානම්. මම ඒ වෙන කොටත් 88/89 ඝාතන ගම්මාන ගැන ලියනව. පොද්දල ලිපිය ලිව්ව. යන කන්ඩායමේ නම් අගට මගේ නමත් දැම්ම. විජේතුංග අවසර දුන්න. නමුත් ආරක්ශක අමාත්යාංශයට ලියුම ගෙනගියාට පස්සේ ඒක අත්සන් කරන්න තිබුනේ රියර් අද්මිරාල් කැන්සි ප්රනන්දුට. අදමිරාල් නම් ලැයිස්තුව බල මගේ නම දැකපු ගමන් ‘මේ හාදයත් යනවද’ අහල පෝද්ද්ල ඉස්සරහම අනුමැතිය ප්රතිල්ෂේප කලා.
දැන් කරන්නම දෙයක් නෑ. සියළු ජාතික පත්තර වාර්තා කරන්නේ රජයේ හමුදා කඳවුරුවල ඉඳල. නැතිනම් ත්රිවිධ හමුදාවලින් තොරතුරු සොයාගෙන. මේ ක්රමය කැඩිය යුතුයි කියල අපි නිතරම හිතුව. මේ වෙනකොට මෙබඳු ගමනකට සුදානම් තවත් සගයෙක් හිටිය. එයා පෝද්දල ජයන්ත. මම සෙඩෙක් [කතෝලික ප්රජා සේවා ආයතනයක්] සංවිධානේ ලොක්ක ඔස්වල්ඩ් පර්ත් පියතුමා ට මගේ උවමනාව කියල එතැනට එන යාපනයේ ජෙබනේශ්වන් පියතුමා අතේ කොටි සංවිධානයට ලියුමක් යැව්ව. අපිට උතුර බලල වාර්තා කරන්න ඕන කියල. පොද්දල කොළඹට එන යාපනේ එකල දිසාපත් මානික්කවාසගර් හරහා තව ලියුමක් යැව්ව මේ උවමනාවම කියල. ජෙබනෙස්වරන් පියතුමා උත්තරය්ක් ගෙන්න කලින් මන්ක්කවාසගර් දිසපති උත්තරය් ගෙනවා. යන අයගේ නම් සහිතව දැනුම් දෙන්න කියල කොටි සංවිධානයෙන් උත්තරයක් ආවා.. ඉතා දුෂ්කර ගමනක්. ගැලපෙන කන්ඩායමක් තෝර ගන්න ඕන.
නීති විද්යාල සිසුවෙක් වූ හසක රත්නමලල ඒ කාලේ මත් එක්ක වැඩ. ඉංග්රිසි සිංහල භාෂා දෙකම හොඳින් වියුවන ඔහු මගේ මුල්ම තොරා ගැනීම වුනා. දෙවැනිය පෝද්දල තුන්වෙනිය ඡායරූප ශිල්පියෙක් විය යුතුයි. එතකොට රාවයේ නිල ඡායාරුප ශිල්පිය චන්දගුත අමරසිංහ. ගුප්ත ඡායාරූප ගන්නවට මතරව ගවේෂනාත්මක ලිපි ලියන ඩබල් බැරල් එකක් ඇත්ත පත්තරේ නිෂ්පාදන කරපු. මේ නිසා ඔහු ලැයිස්තුවට නොගෙන රාවයේ සිටි නිදහස් ඡායරූප ශිල්පියෙකු වූ ප්රියන්ජන් සුරේෂ් සිල්වා තොරා ගැණුන.
අපේ යාපන ගමනට දින කිපයක් තිබියදී පොද්දලට පපොල රෝගය වැලඳුන. ඔහු වෙනුවට සුනිල් ජයසේකර තොරා ගැණුන. අපි වව්නියාවට කොcචියේ ගිහින් මඩු පාරේ පෙරියපන්ඩිවිරිච්චාන් හරහා දේශසීමව පැනල කොටි පාලන ප්රදේශයට ඇතුල් වූනා. අපි මඩු ප්රදේශයට ඇතුළු වූ ගමන්ම කොටි සංවිධානයේ මඩු කලාපය භාර නායකයන් අපි සුහදව පිළිගත්තත්, අපි නිවාස අත් අඩංගුවට පත්කලා අනන්යතා තහවුරු කරණ තෙක්. නමුත් පලමු රැයෙම අපේ අධිෂ්ථානය සමරන්න වවුනියාවෙන් ගත්ත මධු බඳුන් හා දුම්කොල දුමෙන් අපි සතුටු වෙනාතරේ කොටි සංවිධානේ සමජිකයෝ විමතියෙන් බලා සිටිය.
මේ අපේ කොටිපාලන ප්රදේශයට කෙරුණු මුල්ම ගමන. එබඳු ගමන් ගනනාවක්ම පසුව සිදුවුනා. එයින් එකක් මටම සරදමක්. ඒ චන්ද්රිකා ආණ්ඩුවේ ලියමනක් රැගෙන කොටි නායකයන් හමුවීමට 1995 අප්රියෙල් මුල සතියේ ගිය ගමන.
මම මේ කියන්න හැදුවේ සමස්ත වාර්තාකරනයේදී විකල්ප වාර්තාකරනය ඉටුකරන කාර්යභාරය. එය අදටත් තිබිය යුතුයි. අඩුම තරමින් බඩු බෙදාහැරීම සාධාරනව වෙනවද බලන්න තියෙන්නේ මේ ක්රමයට විතරයි.