උපුටාගැනීම්වීඩියෝ

සිරිසඟබෝ, රතැසි උවදුර සහ ගෝඨාභය – නන්දන වීරරත්න

තුන්වෙනි සියවසේ මැද භාගයේ අනුරාධපුර රාජධානිය පාලනය කල සිරිසඟබෝ රජු අදත් අපේ ජන ජීවිතයතුල ජනප්‍රවාදව ජීවමානයි. ‘එයා සිරිසඟබෝ කෙනෙක්’ එහෙමත් නැත්නම් ‘මට සිරිසඟබෝ වෙන්න බෑ’ වගේ යෙදුම් තවමත් අපි අතරෙ ජන වහරෙ තියෙනව. කාරණා දෙකක් නිසා අප මේ ජීවත්වෙන යුගයට සහසම්බන්දයක් තියෙනව. ඉන් පලමුවැන්න සිරිසඟබෝ ගෙන් පසු රජ වෙන්නේ ගොඨාභය රජු. අනික සිරිසඟබෝ යුගයේ පැමිනි රතැසි උවදුර. මේ යුගය ගැන විස්තර කෙරෙන හත්ථවනගල්ල විහාර වංශයත් එයින ලියැවුණු එළු අත්තනගලු ව\අංශයත් යන ප්‍රන්ථ දෙකම මේ රාජ සමය විස්තර කරනව. සිරිසඟබෝ රාජ සමයේ පැමිණෙන රතැසි උවදුර හෙවත් රක්තාක්ෂි උවදුර ගැන එළු අත්තනගලු වංශයේ සඳහන් වෙන්නෙ මෙහෙම.

‘පුරාතන අකුශල කර්මයෙන් කුක්ෂි නැමැති මහ සැල බරින් මඬ්නා ලදින් වක්‍රවූ මහත් දඟ මඬුලු දෙකක් ඇති, ජල සහිත මහා මේඝ කූඨයක් බඳු වූ රුදුරු වූ භයංකර වූ ශරීරයක් ඇති, වක්ව කඨින වූ හෙවත් දැඩි වූ දළ කෙලවරින් ඩහනා ලද කෙහෙලස්තල ඇති බාලාර්ක මණ්ඩලයකට බඳු වූ රක්තවර්ණ වූ බලන්නවුන්ට භය එලවන්න වූ මහත් වූ ඇස් සඟලක් ඇති, මනුශ්‍ය මාංශ භක්ෂනයෙහි දක්ෂ වූ රක්තාක්ෂ රාක්ෂ නම්වූ යක්ෂයෙක් මේ ලක්දිවට පැමිණියේය.’

මේ ඔබට අපේ විහාර ගෙවල දී පෙනෙන පොදු යක්ෂයාමය. යෝධ කලගෙඩියක් බඳු බඩ ගෙඩිය, එය ආයාසයෙන් ඔසවා ගත් වක්වූ කකුල්, සුවිශාල කල වර්ණ උඩුකය, එළියට නෙරා කම්මුල් මැඬගත් දල යුගලය, ගිනිගෙන දැවෙන ඇස් මෙන්ම මිනීමස් බුදීම ද අදටත් අපට බිය එලවයි. මේ යක්ෂයා දකඉනදකින ජනයාගේ දැස් රතුවෙයි. ඇඟ සසලවා උණ ගැනෙයි.මරණයට පත් වෙයි. රෝගියාගේ රතුවූ දැස් දකින අනෙකාට ද එම ඉරනමම අත්වෙයි. නුතන ගොඨාභය රජුමෙන් නොව සිරිසඟබෝ රජු එය පෙර කරුමයකට කර ගැසීමක් හැටියට භාර ගත්තේවත් රටම අගුළු ලෑවෙත් නැත. ඒ යුගයට ගැලපෙන ඔහුගේ ධර්මය හරියන වැඩපිලිවෙලක් ක්‍රියාවට දමයි. රජු රුවන්වැලි සෑමළුවට ගොස් අධිෂ්ඨානයකින් ස්මාධි ගත වෙයි.
‘මේ රක්තාක්ෂි යක්ෂයා මා අභිමුවට එනතෙක් මෙතැනින් නොනැඟිටිමි’
රජුගේ සීලයට බියෙන් ධාර්මිකත්වය යත් වී රජුව හමුවට රක්තාක්ෂි යක්ෂයා අවුත් ගනුදෙනුව පිවාගෙන රටි පිටත් වෙයි. ඉන් පසු මහවැසිවැස අනුරාධපුර අගනුවර සේදී සියළු මනුශ්‍ය බිය පහව යයි.
බැළු බැල්මටම ඔබට මේ එකල පැතිරී ගිය බලවත් උණ රෝගයක් බව දැනෙයි. වැටහෙයි. මෑතක් වනතුරුම අපේ ගම්වල ‘මහසෝනා ගැසීම, ගොපල්ල එලවීම, විළිරෑ පැන්නීම හා තනිකං දෝස පිටුපස තිබුණේ එක්කො උණ රෝගයකි නැතිනම් වෙනත් රෝගාබාධයකි. මේ නිසා අප කුඩා කල අපේ ගම්මනවල යක් බෙරහඬක් නෑසෙන රැයක් නොතිබුණු තරම්ය. මේ මම මා දන්න ඉතිහාසය තුල මුන ගැසෙන අනුරාධපුරය වසා පැතිරුණු එක් වසංගත රෝගයක් ඉතිහාසයට වාර්තා වූ අකාරයයි. හැමදාමත් නව රඹකැන් ඔය [අම්පාර – මහ ඔය] ජලාසයට යටින් ඇති සොරොව්වක නටබුන් පෙනෙනට නැතත් එහි ඇල මාර්ගය වෙනුවෙන් තැබූ යෝධ ගල්බිත්ති දෙපේලිය දකිද්දී අපට ඇතිවෙන බලවත් කුතුහලයකි.
‘මේසා මහන්සියක් ගෙන තැනීම ඇරඹු සොරොව්ව්වක් හිටි අඩියේ අත්හැර දැමුවේ ඇයි? මේ අනුරාධපුර්යවත් පොලොන්නරුවවත් නොවේ. පුරාන දිගාමඬුල්ලය. මෙය ආක්‍රමන්යක් නිසා නොව වසංගත රෝග බියකින් අත්හැර දැමූවක් විය යුතුය…!’
වෙනත් රූප වලින් ඉතිහාසය වාර්තා කර තිබුනත් අපි ඉතිහාසය පුරාම වසංගත රෝගවලට මුහුණ දී දිවි රැකගත් ජාතීගේ එකතුවක් නොවේද? රජකම් කරන්නේ සිරිසඟබෝ වේවා ගොඨාභය වේවා රජුට නොදෙවෙනි ආත්ම විශ්වාසය්ක් අපට තිබිය යුතුය. රජු වගවීම හෝ වගකීම පසෙක ලා අපි ඉදිරිය බැලිය යුතුය.
අනික අද අප්‍රියෙල් පස් වෙනිදාය. පසුගිය සියවසේදී ප්‍රථම වතාවටත් අවසාන වතාවටත් ගල්කටස් හා ටිංකිරි ටිං බෝම්බ ගත් කොල්ලෝ හිරු බසිමින් සිටි බ්‍රිතාන්‍ය රාජ්‍යයට ලංකාවේදී පහරදීම ඇරඹු මුල් දිනයයි. අධිෂ්ඨානය යනු අවි ආයුධවලට හා බෙහෙත්හේත් වලට එහා ගිය එකකි. රටක් පැවැත්ම රදා පවතින්නේ එහි වෙසෙන ජන කණ්ඩායම්වල පොදු අධිෂ්ඨානය මතය.

[මගේ එළු අත්තනගලු වංශය සොයා ගැනිමට නොහැකිවෙද් උපුටා දූනේ ගලගෙදර මිණිගමුවේ සමිත විජේවර්ධන මිතුරාය]

අයිතිය : නන්දන වීරරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *