අප්‍රිකාවේ ඉතා දිළිඳු රාජ්‍යයන් අතරින් එකක් වූ බුර්කිනා පාසෝ හී ජනපතිවරයා වශයෙන් තෝමස් සන්කාරා පත්වනවිට ඔහුගේ වයස අවුරුදු 33 කි. වසර හතරක් තම දේශය සමාජවාදී මාවතේ වඩා යහපත් දිශානතියකට හරවමින් රට නංවන විට ප්‍රංශ ඇමරිකන් රහසිගත හමුදා කුමන්ත්රණයක ප්‍රතිපලයක් ලෙස සන්කාරා මරා දමන ලදී.අප්‍රිකානු වීර දිනයේදී අදත් තෝමස් සන්කාරා හට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.
තෝමස් සන්කාරා බුර්කිනා පාසෝ ජනතාව අතර පමණක් නොව අප්‍රිකානු මහද්වීපයේ ජනතාව අතරත් ලෝකය පුරා විහිදුනු නිදහස් සටන්කාමීන් අතරත් ආදරයට පාත්‍ර වන්නේ ඔහු තම දේශය වෙනුවෙන් දියත් කල අවංක වැඩපිළිවෙල හා ආදර්ශමත් නායකත්වය හේතු කොටගෙනය. තම දේශය අධිරාජ්‍යවාදීන්ට ගොදුරක් බවට පත්කිරීමට උඩගෙඩි දුන් දේශපාලන බලාධිකාරයට මෙන්ම නිළධාරී පැලැන්තියට කිසිදු ඉඩකඩක් නොතබා බලයෙන් පහකර රටට හිතැති පිරිසක් පත් කරගන්නා ලදී. ඉන් නොනැවතුන සන්කාරා අප්‍රිකාව සූරාකන යුරෝපීය ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව උපරිම වශයෙන් සටන් කළේය.
වසර හතරක කාලයකදී තෝමස් සන්කාරාගේ පාලනය තුල සිදුකළ දේ:
ඔහුගේ වැටුප ඩොලර් 450 කට අඩු කරන ලදී. එතෙක් එරට දේශපාලන බලාධිකාරිය පාවිච්චි කළ මර්සඩීස් බෙන්ස් රථ විකුණා දමා තමා මෙන්ම අනෙකුත් ඇමතිවරුන්ට එරට පාවිච්චි කළ ලාභ මෝටර් රථ එක බැගින් ලබා ගත්තේය. එයද රාජකාරී කටයුතු වලට පමණක් සීමා කර ඇත.
• මිලියන 2.5 ක දරුවන් වෙනුවෙන් මොළය හා කෂේරුකාව ආරක්ෂාවට ඇති තුනී පටලය තියුණු ඉදිමීමක් සහිතව ඇතිවන දැවිල්ල මත හටගන්නා අවෘතිදාහය නම් රෝගයට ,කහ උණ , සරම්ප වලට එරෙහිව රටපුරා එන්නත් වැඩ පිළිවෙලක් ඉතා සාර්ථකව නිම කරන ලදී.
• 1983 සිට 1987 දක්වා කාලය තුල එරට ජනතාව එතෙක් පැවති සාක්ශරතාවයේ ප්‍රතිශතය වූ 13% අප්රිකාවේම ඉහළම අගය වූ 73% දක්වා වර්ධනය කිරීමට දැඩි ප්රයත්නයක් දැරීය.
• රටේ ශාරය උරාබොමින් අයුක්ති සහගත ලෙස ඉඩම් අත්පත් කරගත් ධනකුවේරයන් සතු ඉඩකඩම් එරට දුගී ගොවි ජනතාව අතර බෙදා දෙමින් කෘෂිකාර්මික විප්ලවය ආරම්භ කළේය.
• ඉතා ශුෂ්ක පරිසරයක් වූ බුර්කිනා පාසෝ හි මිලියන 10 ක රුක් රෝපන වැඩ පිළිවෙලක් සාර්ථක ලෙස දියත් කළේය.
• තම රටේ මහා මාර්ග හා දුම්රිය මාර්ග සංවර්ධන කිරීම ශ්‍රමදාන මාර්ගයෙන් සිදු කර රටම ඉතා කෙටි කාලයකින් එකතු කිරීමට සමත් විය.
• දැඩි අසාධාරණකම් වලට පාත්‍ර වූ එරට කාන්තාවන් රටේ ජේෂ්ඨ තනතුරු වලට පවා පත් කල අතර රටේ කාන්තා ශ්‍රම බලය වැඩි කිරීම වෙනුවෙන් දිරිමත් කිරීම් සිදු කරන ලදී. ඒ වෙනුවෙන් අධ්‍යාපනය එකම විකල්පය බව පැවසූ සන්කාරා එරට අධ්‍යාපනයේ හා රැකියාවන්හී නිරත කාන්තාවන් සඳහා ගරභනී නිවාඩු දීර්ඝ කරනු ලැබීය.
• අපට කන්න දෙන අය අපව පාලනය කරයි යනුවෙන් විදේශ ණය ලබාගැනීම ඉතා සීමා සහිතව පවත්වාගෙන ගියේය.
• දීර්ඝ කාලයක් තිස්සේ බටහිර රටවල දැඩි සූරාකෑමට ලක්වූ අප්‍රිකානු මහද්වීපය එකම පෙරමුණකට ගෙන ලබාගත් ණය ඒ වෙනුවෙන් හිලව් කිරීම පිණිස දැඩි සටනකට නායකත්වය දීමට වසර හතරක් තුල සන්කාරා වෙහෙසුනි.
• හමුදාවේ සැපයුම් මධ්‍යස්ථාන සුපිරි වෙළඳසැල් හ්බවට පත්කර ජනතාවට ක්‍රමවත් ලෙස භාණ්ඩ මිළදී ගැනීමේ පහසුකම් සලසන ලදී.
• තම කාර්යාල වල පමණක් නොව රටේ සියළුම පරිපාලන ආයතන තුල වායුසමීකරණ වැනි සුවපහසු මෙවලම් වෙනුවට සාමාන්‍ය රට වැසියන් මෙන් අත්‍යාවශ්‍ය මෙවලම් පමණක් භාවිතා කිරීමට තීරණය කළේය.
තෝමස් සන්කාරා තමා නිතර පැවසූ වදනකින් මෙම කෙටි සටහන අවසන් කරමි. බුර්කිනාපාසෝ හි අප විසින් දියත්කළ විප්ලවය මානව සංහතිය හුස්ම ගැනීම ආරම්භ කළ දිනයේ පටන් ගොනුකල මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිපලයක් මිසක හුදු අහම්බයක් නොවේ. මෙම සටන ලොව පුරා නිදහස පතා සටන් වදින සුවහසක් ජනතාවට රැළි නගා නැගීසිටීමට යෝධ සවියක් වනු ඇත. ඒ පරමාදර්ශය වෙනුවෙන් අප එකාමෙන් එඩිතරව වැඩකරමු. සටන් කරමු. ”