උපුටාගැනීම්විශේෂාංග

“කැලණි පාලම” ගංවතුර සහ චුට්ටෙලා

“අයියේ ගංවතුර ..? ඔව්.. මල්ලි හිටගෙන පුක හෝදන තරමට වතුර”…!
 
මොසම් කාලයට හැමදාමත් ගංවතුරය. ගංවතුරේ විලාපය දැන් වඩා ඇසෙන්නේ සමාජ ජාල ප්රතිරාවයක් හැටියට ය. ගංවතුරේ මරණ සහ අවතැන්වීම ‘අලි – මිනිස් ගැටුමේ’ මරණ සමඟ පැටලේ. ‘අලි -මිනිස් ගැටුම අවසන් කරන්නට එක්කෝ අලියාගෙන් මැරුම් කෑ යුතුය. නැතිනම් අලියා මරා දැමිය යුතුය. ජල පහර අයිනේ වාඩිලා ගත් එකාගේ ඉරණම ඊට වෙනස් නොවන්නේ ගංවතුර නවතා දමන්නට ඌට හයියක් නැති නිසාය. මෙකල බරපතල සමාජ ප්රශ්ණ දෙකක් හැටියට මතුවෙන ගංවතුර සහ “අලි උවදුර” ට, ගොදුරුවන්නෝ සම්පුර්ණයෙන්ම අහිංසකයෝ නොවෙති. මෝඩයෝ ද නොවෙති.
 
දේශපාලකයා අලිමංකඩේ ඉඩම් බෙදන්නේ දැනදැනය. ඉඩම් ලාභියා එහි පදිංචියට යන්නේ නොදැන ද? “සර් අපිට එපා ඔතන ඉඩම් වෙන තැනකින් දෙන්න” කියන දේශපාලන අනුගාමිකයෝ මේ රටේ සිටි වගක් අපි අසා නැත. ‘නිකං දෙනවා නම් දෙමළ පත්තරයත් පෝලිමක ට එකතු වී ගන්නා “චුට්ටෙලා පංතියක්” ඉන්නා රටක අලි- මිනිස් ගැටුම අවසන් විය හැක්කේ මේ පොලොවෙන් අලි අතුරුදහන් කිරීමෙන් පමණි. “අලි මොකට ද අපි හිටියාම ඇති” කියන්නට ඉදිරිපත් නොවනු ඇත්තේ වනෝද්යාන දොරකඩ සිටින ජීප් රියැදුරන් පමණි.
 
“ගංවතුරේ වින්දිතය” ගැන අපට වෙනත් වෙනස් අත්දැකීම් ගණනාවක් ම තිබේ. වාරිමාර්ග දෙපාර්මේන්තුවට ගංඟා තුනක් ගැන වාර්තා වැඩසටහන් තැනීමට අපට අවස්ථා සැලසුනේ ය. ගිං, නිල්වලා සහ මා ඔය [රාවණා ඔය] ඒ ගංගාවන් තුනය. මේවා යූටියුබයේ තිබේ. මේ වැඩසටහන් තැනීමේ දී අපඅවබෝධ කරගත් පරම සත්ය වූයේ ගංවතුරේ නිර්මාපකයා ගඟ දෙපස වසන මිනිස් හිවලුන් බවය. ගංගාවේ ගමන් මඟ හරස් කර ගොඩනැඟිලි ඉදි කිරීමේ “ගං හිවල්” වීරයන්ගේ මූලස්ථානය නිල්වලා ගඟ දෙපස ඇති අකුරැස්ස නගරයයි. අකුරැස්සට දෙවැනි වන්නේ මා ඔයේ [රාවණා ඔය] අරණායක සිට මාවනැල්ල දක්වා වූ ප්රදේශයයි. මේ ප්රදේශ දෙකේ දී ගංඟාවලට පිවිසීමට ඉඩක් නොතබාම ඉදි කිරීම් භාදක තනා තිබේ. මේවායේ හිමිකරුවෝ කවු ද? දේශපාලන චුට්ට්ටෙලා ය. ඔවුහූ ප්රාදේශීය දේශපාලකයාගේ ආනුභාවයෙන් ගඟේ ජල බැසුම් මාර්ගයේ ඉදිකිරීම් භාදක තනා ගනිති. මේවා අතරේ “පැයේ තානායම්” පමනක් නොවේ ‘වාහන සර්විස් සේවා’ සහ ගරාජ ද තිබේ. මේවායේර් කුණු කාණු ගඟට හරවා තිබීම වෙනම විභාග කළ යුතුය.
 
මේ ගංගා තුනේ පමනක් නොවේ. ලංකාවේ සෑම ගංඟාවකම, ජල මාර්ගයකම ඉරණම මෙබඳුය. මේවා වෙනස් කිරීමට වාරි ඉංජිනේරුවන් පමනක් තනිව කළ නොහැකිය. ඉංජිනේරු දම්වැල් 66 ක් සැම ගංඟාවකටම නීතියෙන් වෙන් වී තිබුනත් ගඟ දෙපස සිටින “බත් බුදින හරක්” ට ඒවායින් වගක් නැත. උගේ පිහිටට ඡන්ද හිඟන දේශපාලකයා සිටී. අනෙක් අතට ගංඟාවේ හිමිකම ව්යවස්ථා ජංජාලයකි. ගඟ අයිති ආන්ඩුව ට. ය. ඉවුරු පළාත් සභාවට ය. [ලංකාවේ වැව් හිමිකම මීට නො දෙවෙනිවේ]මෙතන දී රටේ සිටින වාරි විශාර ද ඉංජිනේරුවරුන් නිදහස් කළ නොහැකිය. ගංඟා බේරා ගැනීමේ සටනේ මුල ඇත්තේ අනාගතයට ගැලපෙන්න ට ලියවෙන පනතකින් ය. පනත රචනා කළ යුත්තේත් සම්මත කරවා ගත යුත්තේත් කලින්කලට එන දේශපාලකයා නොව වෘත්තීකයා ය. අවාසනවට වෘත්තීකයෝ ඒ වගකීම ඉටු නොකරති.
 
මේ නිසා ගංවතුර කාලයට දිවංගත අර්. ආර්. සමරකෝන් ගේ ‘කැලණි පාලම’ නාටකය සජීවීව ජන රංගයක් සේ ජන මාධ්ය තුල ප්රදර්ශණය වේ. ඉතින ‘මහ ජනයා’ පායන කාලයට පාලම යටය. ගංවතුරට පාලම උඩය. ඉතින් සීලවතීලා චුට්ටෙලා, පාලම උඩට නැඟ කැමරා – මයික් ඉදිරිය් ‘මයික් ටයිසන්ලා’ වෙති. ඉතින් අපිට සමර්කෝන්ගේ කැලණි පාලමේ චුට්ටේ ට අලුත් දෙබසක් දෙන්න සිතෙයි.
 
“මහත්තය පාලම උඩ නෙවෙයි ප්රශ්ණය තියෙන්නේ පාලම යට. උන් මනුස්සයෝ නොකර පයිප්ප වතුර දුන්නට ගංවතුර නවත්තන්න බෑ.”
 

සටහන: නන්දන වීරරත්න

One thought on ““කැලණි පාලම” ගංවතුර සහ චුට්ටෙලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *