පුවතකට වැඩි යමක්

හේම ශ්‍රී ද අල්විස් ගීත නිර්මාණ – 1965-2022

දශක ගණනාවක් තිස්සේ ගුවන් විදුලි නිවේදකයෙක් වූ, වැඩසටහන් නිශ්පාදකයෙක් මෙන්ම ගීත රචකයෙක් වූ හේම ශ්රී ද අල්විස් මහතා පසුගියදා (2022-12-02) අබාවප්රාප්ත වීය.
 
ඔහු 1977 සිට, 1997 දක්වා ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙසද කටයුතු කළේය.
“ඔබ කැමතී ගී තීරය අතරින් දැන් මේ අසන්නන් අප එක් කර ගන්නවා,
 
පොල්ගොල්ලේ එස් එම් ගාමිණි රත්නායක, මෝදර රොක්හවුස් කඳවුරේ ගාමා ගාමිනී සුබසිංහ, රීටා ඉන්ද්රාණී………………… ඇතුඵ පිරිස”
ඒ හඬ සමහරවිට ඔබ අසා පුරුදු ඇති….
 
අවමංගල නිවෙසකට ගොඩ වෙද්දී ජනප්රිය ගීත අසන්නට ලැබීම තරමක නුහුරු නුපුරුදු දෙයකි. ඒත් ඔහුගේ අවමඟුල් උත්සව දින නොනවත්වා මේ ගීත වාදනය වන්නට විය. ඒ ගීත සියල්ලක්ම ඔහු විසින්ම රචනා කොට තිබීම විශේෂත්වයකි.
 
වාද්දුව, තල්පිටිය මැද පාරේ පදිංචිව සිටි අසූ එක් වැනි වියෙහි පසු වූ හේම ශ්රී ද අල්විස් මහතා ශ්රී ලංකා ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස සිය කලා ජීවිතය ආරම්භ කර ඇත. මීට වසර කිහිපයකට පෙර අභාවප්රාප්ත ජනප්රිය ගායන ශිල්පිනී අයිරින් ද අල්විස් ඔහුගේ ආදරණීය බිරිඳයි.
“සීත වන විල් පෙතේ පිපුණු පියුමක් වගේ” ඒ ඔහු ලියූ, ඔහුගේ බිරිඳ අයිරින් ද අල්විස් ගායනා කල ජනප්රිය ගීතයක්.
 
මීට අමතරව හේම ශරී ද අල්විස් මහතා විසින් ගීත 4000 ක් පමණ රචනා වී ඇත.
“ශරීණි භරිත ස්වර්ණ භූමියයි…..” – ලතා වල්පොල (1970 සමගි පෙරමුණු රජය බලයට පත්වී වසර 02 කින් ජනරජ ව්යවස්ථාව හඳුන්වාදීමේ උත්සවයට)
 
“ශ්රීණි විභූෂිත ලංකා බැබළේ – සිංහ ධජය සෙවනේ” – ලතා වල්පොල (ප්රේමදාස ජනාධිපති ලෙස දිවුරුම් දීමේ උස්සවයට ලියූ ගීතයක්)
“දෑස පා සිනා – කියන රහස තේරුණා” – අයිරින් ද අල්විස්
“දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා” – සුජාතා අත්තනායක
“පෙර දිනෙක එදා හමු වූයේ” – HR පෝතිපාල
“ඔබ දැකුමෙන් මා සිත ලැබුවේ” – HR පෝතිපාල
“ඇයි බඹරෝ පෙම් මල අතහැරලා” – බෙග් මාස්ටර්
“පුංචි පුතේ පුංචි දුවේ ඉපැදුණු සිරි ලක්බිමේ” – බෙග් මාස්ටර්
“ඔබ සොයනා කළු කෙල්ල මමයි” – ඉන්ද්රානි පෙරේරා
“මැණිකේ ඔබේ සිනාවේ” – රුක්මණි දේවී
“මධු සඳෙන් තවත් සුපුන් සඳක්” – JA මිල්ටන් පෙරේරා
“සුදු සඳ රැස් ගලන” – බෙග් මාස්ටර්
“මයුරාසන මත වැඩ හිදිනා – කඳසුරිදුනි ඔද තෙද රඳනා…” – වික්ටර් රත්නායක
“සඳක් නැගී සඳක් ගිලෙයි” – රුක්මනී දේවි සමග ලොස් කබෙයියෙරෝස්
“සතුට සැනසුම් සුවේ බලා” – ලතා දිසානායක
නිහඬව දිවි ගමනින් සමුගත්…. කලා කරුවාණනි…. ඔබට සුභ ගමන්…. 🤍
 

රත්නායක මුදියන්සේලාගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *