පුවතකට වැඩි යමක්විශේෂාංග

ඉරාන ජනයා විසින් තමන්ව පීඩනයට පත් කල එරට මොරාලිටි පොලීසිය හකුලා දමයි!

ඉරාන මොරාලිටි පොලීසිය කියන්නේ මොකක්ද?
ඉරාන මොරාලිටි පොලිසිය කියන්නෙ එහෙම නැත්තම් සදාචාර පොලීසිය කියන්නේ ඉරානයේ ආගමික නීතී රීති කඩකරන්නන් අල්ලා දඩුවම් කිරීමට පැවති පොලීසිය. මෙම පොලීසියේ ප්රධාන කාර්යය වුනේ ඉරාන ජනතාවගේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඇඳුම පිළිබඳ නිරික්ෂණය කිරීමයි….
මේ කතාව පටන් ගන්නේ 22 හැවිරිදි මාෂා අමීනිගෙන්. ඇය හිජාබය නිසි පරිදි පැලද නොසිටියා යැයි ඉරාන මොරාලිටි පොලීසිය ඇයව අත්තඩංගුවට ගන්නවා. පොලිස් අත්තඩංගුවේදී මාෂා අමීනිට සිදු වූ පහර දීමකින් ඇය මිය ගිය බව ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් හෙලි වීම සමඟ ආගමික බැදිවලින් එතෙක් යටපත්ව සිටි ඉරාන කාන්තාවන් පාරට එනවා.. ඔවුන් ඉල්ලා සිටිනවා හිජාබයෙන් පමණක් නෙමෙයි සමස්ත සමාජීයය වශයෙන් ඉරාන කාන්තා නිදහස.. ඔවුන් සමඟ ඉරාන පිරිමි, දරුවන් ඇතුලු සියලු දෙනා එක්ව සමස්ත සමාජීයය විප්ලවයක හඬ එක් කරමින් ඉරාන ආගමික දේශපාලනයට එරෙහිව වීදි බසිමින් දැවැන්ත මහජන අරගලයක් බවට මෙය පත් කරනවා…
විරෝධතා කරුවන් මාස දෙකක් වීදි වල කෑ ගැසුවා..
මාෂා අමීනිට යුක්තිය දෙන්න කියලා…
ඉරාන කාන්තාවට නිදහස දෙන්න කියලා…
මොරාලිටි පොලීසිය හකුලා ගන්න කියල….
ඉරානයේ ආගමික නායකයාට ගෙදර යන්න කියලා…
අමන පාලනය විසින් මෙම කාලය තුල විරෝධතා කරුවන් 300ක් පමණ වෙඩිතබා ඝාතනය කලත් අරගලය දිගින් දිගටම ඇදී යන අතර, අවසානයේ ඉරාන පාලනය විසින්ම එරට මොරාලිටි පොලීසිය අහෝසිකිරීම සහ කාන්තා නිදහස වෙනුවෙන් නම්යශීලී පිලිවෙතක් අනුගමනය කරන බවට පවා ප්රකාශ නිකුත් කරන්නේ දැවැන්ත මහජන බලයට බියට පත් වීමෙනි…
ඉරානයේ තියෙන්නෙ කොහොම පාලනයක්ද?
ඉරානයේ තියෙන්නෙ ආගමික පාලනයක්. ඉරානයේ ඉහලම දේශපාලන නිලධාරියා වෙන්නේත් ඉරාන ආගමික නායකයා නැත්තම් ඉරාන සුප්රිම් ලීඩර්, ඔහු පත් වෙන්නෙ මහජන ජන්දයෙන් නෙමෙයි සුලුතර ආගමික කණ්ඩායමක යෝජනාවෙන්… එතකොට ජනතාව කොහොම නියෝජිතයෝ පත් කලත් ඉරානේ පාලනේ වෙන්නෙ මේ සුප්රීම් ලීඩර්ට ඕනේ විදියට….මේක දැක්කම මතක් වෙන්නෙ ලංකාව නේද? ජනාතාවට ඕනේ උනේ කවුරු උනත් එක් කණ්ඩාමකට ඕනේ කියලා මහජනතාව ප්රතික්ෂේප කරපු රනිල් මහත්තයා පත් කර ගත්තනේ…..දැන් අපි පාලනේ වෙන්නෙත් එතුමාට ඕනේ විදියටනේ…
ඉරානයේ දේශපාලනේ සම්බන්ධව තීරණ ගන්න ඉහලම ආයතනය ගාඩියන්ස් කවුන්සිල් එක. මේකේ ඉන්නවා මෙම්බර්ස්ලා 12ක්.. මේ 12න් 06ක්ම කෙලින්ම එන්නේ සුප්රීම් ලීඩර්ගේ ඕඩර් එකට,
හරි අවුලක් නෑ.. ජනතාවට 6ක් ඉන්නවනේ… කියල හිතුනද?නෑ එහෙම නෑ…
ඉතුරු 6 පත් කරන්නෙ අගවිනිසුරුවරයා.. හැබැයි මේ අගවිනිසුරුවරයා පත් කරන්නේ සුප්රීම් ලීඩර්.. එතකොට මේ සේරම පත් කරන්නෙ ඉරාන සුප්රීම් ලීඩර් අයතුල්ලා අලි කමනෙයි…
තේරුනානේ ඉරාන ආගමික නායකයාට තියෙන බලය… එතරම් දැඩි පාලකයෙක්ගේ අමන නීතී රීති වලට පවා හකුලා ගන්නට සිදු වූයේ දෙවියන්ගෙන් ලැබුන බලයට වඩා මහජන බලය ප්රබලබව ලෝකයාට කියාපාමින් ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *