විශේෂාංග

නීතියක් රීතියක් ක්‍රියාත්මක කරන්න බය පඹයින් නිසා දරුවන් අනාථයි!

දිනපතා පාසල් දරුවන්ට එරෙහි පහරදීම් ගැන බුකිය රත්වෙලා. ඒත් එකම වගකිව යුතු නිලධාරියෙක් ඇඟිල්ලක් හොලවන්නෙ නෑ. අපි දන්න හැමෝවම හම්බ වුනා, යෝජනා භාර දුන්නා, ලිව්වා, කිව්වා… තවමත් අඟලක් ඉදිරියට ගියේ නෑ.
කවුද වගකීම් ඇති නිලධාරීන්:
1) අධ්යාපන අමාත්Susil Premajayantha – පෙබරවාරි 2021 පැහැදිලි ශ්රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකින් මෙරට පරස්පර නීති සශෝධනය කරන්න නියෝග දුන්නට, අධ්යාපන අමාත්යාංශයෙ නීති අංශය තවමත් මේ ගැන ක්රියාත්මක වුණේ නෑ. අපි ඇමතිතුමා හම්බවෙලා මාස 2කට වැඩියි. තව කොච්චර කල් අවශ්යද බදු සල්ලි වලින් නඩත්තු වන රාජ්ය සේවකයින්ට කැබිනට් පත්රිකාවක් ලියන්න?
2) අධ්යාපන අමාත්ය @susil premajayantha – නොවැම්බර් 2022 මානව හිමිකම් කොමිසම රාජකීය විද්යාලයේ සිසුවෙක් සම්බන්දව කල විමර්ශනයකදී, ළමයින්ට ගහන්න බෑ කියන අධ්යාපන අමාත්යාංශ චක්ර ලේඛ 12/2016 පාසලෙ staff room එකේ ප්රදර්ශනය කරන්න නියෝග කලා. ඇයි ඒ නියෝගය සෑම පාසලකටම වහාම ඉදිරිපත් කරන්න බැරි?
3) ලංකා ගුරු සංගමයේ ලේකම් @joseph starleen – Ceylon Teachers Union ටීචර්ලගෙ සාරි ගලවන්න තියන උනන්දුවෙන්, චක්ර ලේඛ බලාත්මක කරන්න රජයට කිය කිය ඉන්නෙ නැතුව, තමන් නායකත්වය අරගෙන ගුරු පුහුණුවීම් ඉල්ලලා පාරට බහින්න. මොකෝ, තමන්ගේ ඇඳුම ගැන තීරණයක් ගන්න සහයෝගය දෙන්න පුලුවන්නම්, නොගහා දරුවෙකුට කියා දෙන්න නොදන්නා ගුරුවරුන්ගෙ දැණුම වර්ධනය කරන්න සහයෝගය දෙන්න බැරිද?
4) ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් Mahinda Jayasinghe Ceylon Teachers service union – මේ වින්නැහිය හොඳටම පෙනි පෙනී මාද්ය ප්රකාශ දීල ඇඟ බේරගන්න බෑ. ඔබලා ඉතිහාසයේ දඬුවම් කිරීමේ අයිතිය ඉල්ලලා උද්ඝෝෂණ කරපු සාපය තමා මේ දලු දාන්නේ. ඔබලාට පමණයි මෙය නැවැත්විය හැක්කේ. අවශ්ය සියලු යෝජනා සති 2/3කට කලින් ඔබට ඉදිරිපත් කලා. ඇයි තවම මන්දගාමී?
5) ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති @udaya Kumara National Child Protection Authority 1929 ට පැමිණිලි කරන්න කිව්වට පලක් තියනවද විමර්ශන විදිමත් කරලා, නඩුවක් ගොනු කරලා, යුක්තිය ලබා දෙන්න වසර 10ක් ගත වෙනවානම්? පහු ගිය වසර 10 තුළ ලබා ගත් දණ්ඩ විනිශ්චයන් කීයද කියලා ඇහුවම “විස්තර භාරයේ, සන්තකයේ, පාලනයේ නැත” කියන්නෙ මොන තරම් වගවීම් බිඳුණු, මහජන බදු මුදල් කාබාසිනයා කරන ආයතනයක්ද?
6) නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් @chief justice – වසර 10කට එහා ළමා අපයෝජන නඩු 20,000 කට වඩා හිරවෙලා තියනවා කියන්නෙ මොන තරම් අපරාධයක්ද?
මේ මගෙ පෞද්ගලික අත් දැකීම:
මගේ දරුවා අපයෝජනය වුනේ – ජනවාරි 2018
ළමා ආරක්ෂක අධිකාරියට පැමිනිලි කලේ – ජනවාරි 2018
B වාර්තා ඉදිරිපත් කලේ – පෙබරවාරි 2018
රස පරීක්ෂක වාර්තා ලැබුනේ – අගෝස්තු 2018
තෙවෙනි වෛද්ය පරීක්ෂණය කලේ – අගෝස්තු 2019 යන්න ඕන අවසාන ‘වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය’ … හික්
එදා සිට අද දක්වා මාස තුනකට සැරයක්, නීතීඥ වරුන්ට සල්ලි ගෙවලා, උසාවි ගිහිං හිස් හතින් ගෙදර එනවා. එකම පාර්ශවයක් වත්, ඒ කියන්නෙ NCPA, නීතිපති, නීතීඥවරු එකට වැඩ කරන්නෙ නැ. වෘතිමය සදාචාරය කෝ?
මෙරට ළමා ආරක්ෂක ක්රියාවලිය බංකොලොත්! මෙරට ළමා ආරක්ෂක නිලධාරීන් මන්ද බුද්ධිකයි! මෙරට නීති අධිකරණ ක්රියාවලිය දණ ගායි! මෙරට අධ්යාපනය විකෘතියි!
ශිෂ්ඨ සම්පන්න රටක නම් පහුගිය මාස 2කට පුටු කැරකිලා, නිලධාරීන් පලවලා, නීති සම්පාදනය වෙලා, ළමා පනතක් ගෙනල්ලා, ජාතික ළමා ආරක්ෂණ ප්රතිපත්තියක් දහ පාරක් හදලා ඉවරයි….නෙදේකිං…
නීතියක් රීතියක් ක්රියාත්මක කරගන්න බැරි පඹයින් නිසා දරුවන් අනාථයි!!

තුශාර වික්‍රමනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *