පුවතකට වැඩි යමක්

කවුද මේ තිළිණි කියන්නෙ…..‼️💫

තිලිනි ශැල්වින් ඒලෙවල් පාස්වෙලා යනවා පේරාදෙණියට, කලා අංශයෙන් ඩිග්රියක් කරන්න. අවුරුදු හතරෙම Best of top Results . 2014 අවුරුද්දේ අගදී, ගුරු පත්වීමක් එක්ක එනවා උඩුදුම්බර, කහටලියද්දේ චූලාභය ඉස්කෝලෙට. හුන්නස්ගිරි කන්ද පාමුල තිබුණු මේ ඉස්කෝලෙට හරිම කැමැත්තෙන් තිලිනි අක්කා යනවා, ගම්වල ඉන්න ළමයින්ගේ නැණස පාදන පිනට සම්මාදම් වෙන්න.
ඉස්කෝලෙට ගියාට පස්සේ දකින්න ලැබෙනවා ලොකු ගැටලුවක්. මේ ඉස්කෝලේට වතුර නෑ. උඩුදුම්බර වගේ සරුසාර පැත්තක වතුර නැද්ද කියලා හිතෙන්න පුළුවන්. ඔව්, උඩුදුම්බර ඕනතරම් ඇළ දොළ තියෙනවා, ඒත් ඒ වතුර හරියට බෙදිලා යන්න සිස්ටම් එකක් කවුරුත් හදලා නෑ. චූලාභය ඉස්කෝලේ අඩු පහසුකම් තිබුණු ඉස්කෝලයක්. නුවර – මහියංගණ පාරේ කිලෝමීටර 40ක් විතර පහු කළාම හම්බවෙන උඩුදුම්බරිනුත් තව කිලෝමීටර අටක් නවයක් විතර ඇතුළට තියෙන දුෂ්කර පටු පාරකින් ගියාම තමයි චූලාභය ඉස්කෝලේ හම්බවෙන්නේ. වටපිටාව හරිම ලස්සනයි. පරිසරය හරිම සීතලයි. ඒත් පහසුකම් හරිම සීමිතයි. ඉස්කෝලෙට එන ළමයින්ගේ ෆැමිලි බැක්ග්රවුන්ඩ් එකත් ඇති හැකි තත්ත්වයක නෙවෙයි තියෙන්නේ. ආර්ථික අපහසුතා එමටයි.
මේ පැති වලට ගියාම ලංකාවේ තාමත් මෙහෙම අයිසලේට් වුණු ගම් නියම්ගම් තියෙනවාද කියලා ඕන කෙනෙක් පුදුමයට පත් වෙයි. ඒත්, ඒකයි ඇත්ත. සිදාදියේ සිද්ධි ඒ මිනිස්සු දන්නෙත් නෑ අදාළත් නෑ. ළමයින්ට හරිහමන් පෝෂණයක් නෑ. උදේ දවල් වේල් දෙකටම කෑමක් නෑ. රෑට බතත් එක්ක ව්යංජනයක් හරි මැල්ලුමක් හරි විතරයි. සමහර ළමයි ඉස්කෝලෙට එන්නේ ඔයවල් මැදින් ඉනවටක් වතුරේ බැහැලා හැතැප්ම ගාණක් පයින් ගාටලා. ඒ ඔක්කොම පොඩ්ඩකට පැත්තකින් කියමු, බොන්න පිරිසිදු වතුර පොදක්වත් නැති ඉස්කෝලයක් කොහොම නං පවතින්නද?
තිලිනි ලොකු මිෂන් එකක් පටන් ගන්නවා. උදව් ඉල්ලන්නේ ෆේස්බුක් හරහා. ඉස්කෝලේ තත්ත්වය කියලා අවශ්ය කාරණය පැහැදිලි කරනවා. හුඟදෙනෙක් මේ වැඩේට එකතු වෙනවා. ඒ උදව්වෙන්, ගැරඬිගල කන්දේ උල්පතක ඉඳලා කිලෝමීටර හතරක් දුරට බට දාලා ඉස්කෝලෙට වතුර ගේන්න වෝට සිස්ටම් එකක් හදනවා. ලීටර් 5000ක වතුර ටැංකියක් හදනවා. ටූල්ස් පාවිච්චි කරන හැටි ගැන රටේ ඉහළම තැන ඉඳන් කතාවෙන අදට අවුරුදු තුන හතරකට කලින්, හරියට පාවිච්චි කළොත් ෆේස්බුක් එක මොනතරම් වටිනා ටූල් එකක් ද කියන දේ ඇය ක්රියාවෙන් ඔප්පු කළා. ඒ ළමයින්ට නෙට්බෝල් ගහන්න, නාට්ය කරන්න, චිත්ර අඳින්න අවශ්ය ගුරුහරුකම් දුන්නා. කඳු වළල්ලෙන් එහා ලෝකයක් තියෙනවා කියලා ඒ දරුවන්ට පෙන්නන්න මහන්සි වුණා.
2017 අද දෙරණ Sri Lankan of The Year අවෝඩ් සෙරමනි එකේදී ලෙස්ට ජේම්ස් පීරිස්, අයිරාංගනී සේරසිංහ, මුත්තයියා මුරලිදරන්, ප්රොෆෙස’ චන්ද්ර වික්රමසිංහ වගේ ලංකාවේ කීර්තිමත් ප’සනෑලිටීස් එක්ක තිලිනි අක්කාත් ඇගයීමට පාත්ර වෙනවා ‘Unsung Hero’ කැටගරි එකෙන්. ගුණ ගායනා වැයුණේ නැති ඒ තිලිනි අක්කා ගැන දැන් ලංකාවම දන්නවා. මං විශ්වාස කරනවා ඉන්දික ෆ’ඩිනැන්ඩෝගේ ‘හෝ ගානා පොකුණ’ තමයි මෑත ඉතිහාසයේ කිසිම බෙදීමකින් තොරව ලංකාවේ හැම මනුස්සයෙක්වම ටච් කරපු සාර්ථකම සිනමා නිර්මාණය කියලා.
රීල් ලෝකේ විතරක් නෙවෙයි රියල් ලෝකේත් උමා මිස් වගේ ගුරුවරියෝ ඉන්නවා. තිලිනි ෂැල්වින් කියන්නෙත් එහෙම කෙනෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *