‘ආදරණීයයන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම නිසා මාණික්කාවතේ පිච්චිගේ මරණය වෙනුවෙන් ලියූ කවි ත්රිත්වය පළකරමි.මෙතැනට කවි තුනක් වැඩි බවත්,කවි දෙකක් හොඳටම සෑහෙන බවත් මම තරයේ කියා සිටි අතර අධ්යක්ෂ සුදත් රෝහණයන් එක හෙලා කියා සිටියේ කවි තුනක් වැඩි නොවන බව ය.ඔහුගේ අදහස නිවැරදි වූ බව ප්රත්යක්ෂ වූ අතර,ලොව කිනම් දා කොහේ කොතැනට වුව කවි වැඩි නොවන බව යළි යළිත් තේරුම් ගතිමි.
මේ කවි මනරම් ව ගැයූවෝ විශාරද චතුර ගයාන් ජයනෙත්ති සහ විශාරද තුෂාරි බොලුකඳුර වෙති.’
සන්සාරයම මා පැදුරක් විලස වියා
ජීවිත පාවරේ කාටුව පුසුඹ සොයා
කලුවර මාසෙ පෝයක් ආකාසෙ තියා
ඉර හඳ දෙකම හොරු ඇවිදින් අරන් ගියා
කොලොන්නා බිමේ නොසිඳුනු දිය බුබුල
අටකලන් පොළෝ තෙත සෙනෙහෙන් වපුල
පා තැබූ කොතැන වුව යහපත දිදුල
ලෝකයම පෙමින් නැලැවූ මවු උකුල
අවසන් උනා පලඟැටියන් ගේ සතුට
ආයේ නොයෙයි ලෝකය වෙත සුබ නැකත
ආකාසයත් හුරුවනු ඇත ළා රතට
අඳුර එකතු වෙයි ගේ ළඟ දෙණිපෙතට