ලංකාවෙ කරන නිෂ්පාදන අතරින් මං කැමතිම එකක් තමයි සංජීවනී කාමේශ්වරී මෝදකය. ඒක හරි අමුතු විදිහෙ වැඩක්. අපේ ආයුර්වේදය ශෘංගාරය එක්ක මුහුවෙන තැනක්. ලංකාවෙ දේශීය කංසා ගුණයත් එකතු වුනු ප්රෝග්රෙසිව් ප්රොඩක්ට් එකක් . අපේ රටේ ශෘංගාර නිෂ්පාදන සන්නාම නැති තරම්. කාමේශ්වරිය කියන්නෙ අපිට හොඳම ශෘංගාර අපනයනයක්.
මදන මෝදක කියන්නෙ අපේ සංස්කෘතියට අමුතු දෙයක් නෙමෙයි. මං ඒලෙවල් කාලෙ ඉඳන්ම මෝදක ලෝලියෙක්. ඒ කාලෙ මෝදක කාලා මිනිස්සුන්ට පිස්සු හැදෙනවා කියල කතාවක් තිබුන. ඒකට හේතුව මෝදකවලට දාන අත්තන ඇට කියලත් ඔය සිංහල බෙහෙත් ගැන දන්නවා වගේ ඉන්න කට්ටිය කිව්වා. කොහොම වුනත් මෝදක එක්ක සෑහෙන කාලයක් ගත කළත් මට නම් එහෙම පිස්සු හැදුනු කෙනෙක් හොයාගන්න බැරි වුනා (මම හැර). ඔය වගේ කතන්දර කියන්නෙ අපි අතර තියෙන ඇදහිලි විශ්වාස.
කොහොම වුනත් ඒ කාලෙ මෝදකවල නිසි ප්රමිතියක් නම් තිබුනෙ නෑ. කාලෙකදි මෝදක තහනම් වුනා. හොරෙන් විකුනන්න ගත්තා. ඒ හින්ද තවත් ප්රමිතියෙන් අඩු නානාප්රකාර මෝදක එන්න ගත්තා.
මං කංසා අඹරලා කාලයක් මෝදක ගෙදර හදාගන්නත් පටන් ගත්තා. මෝදකයකින් ලැබෙන ආනන්දය පැය ගානක් දිගට අල්ලලා හිටිනවා. හොඳ මෝදකයකින් නම් අනුරාගය මුසු ගතසිත කැළඹිල්ලකුත් දැනෙනවා.
කාලෙකට පස්සෙ මං ආපහු මෝදකයට පුරුදු වුනේ සංජීවනී කාමේශ්වරිය එක්ක. ඒකෙ දැනෙන නොදැනෙන රස කෝටියට මං ආශක්ත වුනා. කෑමට කලින් කාමේශ්වරියක් කටේ දාගන්න එක දැන් මගේ දවසෙ පුරුද්දක්.
ඒ ගැන මගේ කතා අහලා පාවිච්චි කරන්න ගත්ත යාලුවො සමහරක් කියන විදිහට කෑම දිරවන්න, රිලැක්ස් වෙන්න වගේ කාරණාවලටත් ඒක මරු. ඒ හැමදේකටම වඩා ශෘංගාරය වෙනුවෙන් නිෂ්පාදනය කරපු කල්කයක් පාවිච්චි කරන එක මට මරු. ඒක හරි චමත්කාරජනක පුරුද්දක්.
කාමේශ්වරියෙන් ටිකක් අරගෙන උඩු තල්ලෙ අලවන් ටිකෙන් ටික දියවෙන්න අරින එක. ඒ පාවිච්චියෙ තියෙනවා විලාසිතාවක්.
සංජීවනී කාමේශ්වරිය පාවිච්චි කරන අතරෙදි මට සංජීවනී වාජීකරණ රසායනය කියල එකක් හම්බුනා. විශ්වාස කරන්න ඒක විස්මිතයි. දවසම පාකරනසුලුයි. නිරන්තරයෙන් අනුරාග සිත් උපදියි.
ඒ ලල්බවෙහි හිඳිමින්ම මේ කුරුටු ගානා ලදී.