විශේෂාංග

සහිත්‍ය කන්නද කියලා ජේ. ආර්. ඇහුවේ උපහාසයට නෙමෙයි.

Inter view එකක් ,සදහා සම්බන්ධ කර ගන්නෙ නවකතාව,කෙටිකතා,කවි,විචාර ආදී සාහිත්යය කේෂත්රයන් රැසක සිය පරිචය ප්රකට කළ නිර්මාණකාරියක්.ඇය නවකතා ,කවි ,විචාර කෘති උදෙසා ජාතික යෞවන සම්මාන ,ජාතික කවිතා සම්මානය,වයඹ පළාත් සාහිත්යය සම්මාන ,ගම්පහ දිස්ත්රික් සාහිත්යය සම්මාන ආදී සම්මාන රැසක් දිනා ගත් නිර්මාණකාරියක් ,පාර-(2011), තරු-(2012),යක්දෙහි කන්ද (2012),ඇට්ටෙරියා මල් (2014),මඩුවන්වෙල වලව්ව (2015),නීල(2017),යන නවකතාවන් ද,බිඳ වැටුණ කැණිමඬල(2010),පාට නැති හීනයක් (2011), වරාමලක් ගිනි අරන්(2016),රේල් පිලී ආදරයක් (2020) යන කාව්ය සංග්රහයන් ද,සිංහල නවකතාවේ කැතලීන් ජයවර්ධන ලකුණ (2012),භාරතීය නවකතාවේ රබීන්ද්රනාත් ඨාකුර් ලකුණ(2012),ශක්තික සත්කුමාර සමඟ විදී ලාම්පු කාව්ය විචාර සංහිතා(2012), ජනකවිය(2014),පන්හිඳ මුවරද(2014),තෙමංසල(2015),සාහිත්යය විචාර සංග්රහ ද.2009 වසරේදී ශක්තික සත්කුමාර හා එක්ව අමා දම් බෞද්ධ ග්රන්ථය සංස්කරණයෙන් ද,2012 වසරේදී ගල් නමින් කෙටි කතා සංග්රහයක් ද, අධ්යාපන කෘතියක් ලෙස සිංහල ව්යාකරණ (2018) දී ඇය සිය සාහිත්යය වපසරියට එක් කරයි.
ඇය නමින් යනුෂා ලක්මාලී, මෙය යනුෂා සමග ඇයගේ සාහිත්යය ගමන,ලාංකීය සාහිත්යය පිළිබඳව කළ inter view එකක් .
1.ඔබ සාහිත්යය ලෝකයට ප්රවිෂ්ඨ වෙන්න මුලිකවම හේතු වුනේ මොන වගේ කාරණයක් ද..?
පාසල් අවධියේ ඉඳන්ම පොත් කියවන්න මගේ ලොකු ආසාවක් සහ උනන්දුවක් තිබුණා. මං උසස්පෙළට හැදෑරුවේ කලා විෂයන්. ඊට පස්සේ විශ්වවිද්යාලයට ගියාට පස්සෙත් මම විශේෂවේදී උපාධිය හැදෑරුවෙ සිංහල විෂය ආශ්රයෙන්. නිරන්තරයෙන්ම සාහිත්ය පොත පත එක්ක කටයුතු කිරීම නිසා කියවීමේ පරාසය වැඩි වුණා. මේ කාලයේදී තමයි මට මගේ සැමියා ශක්තික සත්කුමාර හමුවෙන්නේ. විශ්වවිද්යාලයට එනවිටත් ඔහු පොත් කීපයක්ම ප්රකාශයට පත් කරලයි තිබුණෙ. සාහිත්යයට මගේ තිබුණු නැඹුරුවත්, පොත පත කියවීමට මා තුළ තිබුණු උනන්දුවත් නිසා ඔහුගෙන් මට ලොකු දායකත්වයක් ලැබුණා. ඔහු තමයි මගේ නිර්මාණ පුවත්පත්වලට යොමු කරල පොතක් දක්වා අරගෙන ගියේ.
2.සාහිත්යය සම්බන්ධයෙන් ලාංකීය සමාජය තුළ තියන ලැදියාව ගැන ඔබට අදහසක් තියනව ද..
සාහිත්ය සම්බන්ධයෙන් සමාජය තුළ තිඛෙන ළැදියාව දේශපාලනය, ආර්ථීකය, කාලය යන කරුණු කාරණා මත වෙනස් වෙනවා. අද වන විට අප රට හැම අතින්ම වගේ බංකොලොත් තත්වෙට පත්වෙලා. ඉස්සර නිතරම පොතක් මිලදී ගන්න කෙනෙකුට අද වෙන විට උසස් තත්වයේ කෘතියක් මිලදී ගන්න තරම්වත් වත්කමක් නැහැ. ඉස්සර නිතරම පොතක් කියවපු කෙනෙකුට අද පොතක් කියවන තරම්වත් කාලයක් නැහැ. පවතින ආර්ථීක තත්වය හමුවේ ජීවිතය ගැටගහගන්න මිනිස්සුන්ට ලොකු සටනක් දෙන්න වෙලා තියෙනවා. හොඳම උදාහරණය තමයි සාහිත්ය මාසයේ පැවැත්වූ කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය. පොත් පත් කියවන්න මොන තරම් ආසා වුනත්, සාහිත්යයට කොයිතරම් ලැදි වුණත් ආර්ථීක අපහසුතාවය මත බුක්ෆෙයා නොගිය මම දන්න අය ඕන තරම් ඉන්නවා. මෙම තත්ත්වය හරිම ඛේදනීයයි.
3.ඔබ කිවිදියක් විදිහට පුවත්පත් කවි පිටු හරහා අපට දකින්න ලැබුණා .කවිය ගැන තියන සමාජය මතය ගැන ඔබේ අදහස මොකක්ද
ඉස්සර කවි බිහිවුණේ නොයෙක් දේශපාලන කරුණු කාරණා වෙනුවෙන්. විශේෂයෙන් ම කොළඹ යුගයේ කවි ආදිය. නමුත්, නූතන කවිය බිහි වෙන්නෙ කෙනෙකු තුළ සහකම්පනය ඇති කරමින්. සරලවම කිව්වොත් උසස් කවිය හා සාහිත්යය බිහි වෙන්නෙ තමාව අවබෝධ කරගෙන ඒ ඔස්සේ අනෙකාගේ හැඟීම් තේරුම් ගැනීමටයි. එහි පටු දේශපාලන අරමුණු නැහැ. කවිය බොහෝ දෙනෙක් ඉක්මනටම වැළඳගන්නේ මෙන්න මේ කියන සහකම්පනය නිසාමයි. අද වන විට පුවත්පත් කවි පිටු හරහා මෙන්ම, මුහුණු පොත හරහා කවි ලියන නිර්මාණකරුවන් විශාල පිරිසක් ඉන්නවා. කවිය කියන්නේ අවියක්. සාහිත්ය නිර්මාණ අතර සංවේදීම සාහිත්යාංගය කවිය කියලා මං විශ්වාස කරනවා.
4.ලංකාවේ හිටපු පාලකයෙක් ඇහැව්වේ ” සාහිත්යය කන්න ද “කියලාසාහිත්යය කලාව සමාජයට අහිමි විම ගැන ඔබට තියන අදහස ගැන කතා කරමු ද..
මේ ප්රශ්නයට පිළිතුරු සරලවම දෙන්නම්.
“සාහිත්ය කන්න ද?” කියලා ඇහුවෙ ජේ. ආර්. ජයවර්ධන මහත්තයා. ඔහු එහෙම ඇහැව්වේ කෑගල්ලේ තිබ්බ ජාතික සාහිත්ය උත්සවයේදි. එහිදී දේශපාලනික ආරාධිතයා විදිහට තමයි ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහත්තයා සහභාගි වෙලා හිටියෙ. එතුමා සාහිත්ය පිළිබඳ උපහාසයෙන් නෙමෙයි මේ ප්රශ්නය අහන්නෙ. ඔහුට ඒකට පිළිතුරක් ලැබෙනවා. මේ සාහිත්ය උත්සවයේම සාහිත්ය දේශනය සඳහා ආරාධනා ලැබ තිබුණු කේ. ජයතිලක මහත්තයට. ඔහු තමන්ගේ දේශනයේදී අර ප්රශ්නයට පිළිතුරු ලබා දෙනවා. ‘ඔව්. මම මගේ ගේ-දොර හදාගත්තෙ, වාහන ගත්තෙ, අද කාලා බීලා ඉන්නෙ සාහිත්යය හින්ද තමා. පොතපත නිසා තමා.’ නමුත්, මේ උත්තරේවත්, අර ප්රශ්නය ඇහැව්වෙ සාහිත්ය පිළිබඳ අවඥාවෙන් නොවන කාරණයවත් ජනගත වුණේ නෑ. ජේ. ආර්. ජයවර්ධනට පහරදීම සඳහා එහි දේශපාලනික අර්ථය පමණයි ජනගත වුණේ.
5.ඔබ ඔබේ ලිවිම නවකතාව ,කෙටිකතාව දක්වාම විහිදෙනවා ඒ ගැන ඔබේ පෙළඹවිම ගැන කියනව ද
මං පාසල් යන අවධියේ පටන්ම කවි ලිවීම සිදු කළා. මං හිතනවා ඕනෑම පුද්ගලයෙක් තුළ කවියෙක් ඉන්නවා කියලා. නමුත් අපේ අත්දැකීම සහ හැදෑරීම් මත තමයි එහි ප්රගමනය සිදු වෙන්නේ. විශ්වවිද්යාල අවධියේ සාහිත්ය පොත පත කියවීම වගේම, කොළඹ පැවති විවිධ සාහිත්ය උත්සව, වැඩමුළු ආදියටත් සහභාගි වුණා. කෙටිකතා කලාවේ වගේම, නවකතා කලාවේ ප්රවීනයන් ඇසුරු කරන්නටත් අවස්ථාව ලැබුණා. මේ සියලුම කාරණා එක්ක තමයි නිර්මාණකරණයට වැඩි වශයෙන් යොමු වුණේ. ඒ වගේම විශ්වවිද්යාල සිසුවියක්ව ඉන්න අතරෙම මම ලියපු ‘පාර’ නවකතාවට 2010 වර්ෂයේ ජාතික යෞවන සම්මාන හිමි වෙනවා. පුවත්පත්වලින් වගේම පාඨකයන් ගෙනුත් විශාල වශයෙන් ඒකට යහපත් ප්රතිචාර ලැබුණා. ඒක ඇත්තටම මගේ නිර්මාණකරණයට ලොකු පිටිවහලක් වුණු බවයි මගේ හැඟීම.
6.නුතන ලාංකීය නවකතාව සම්බන්ධව ඔබට තියන අදහස මොකක්ද
කවිය, කෙටිකතාව වැනි ක්ෂේත්රවලට යොමු වෙලා ඇති පිරිස දෙස බලන විට නවකතාකරණට යොමු වී ඇති පිරිස අතලොස්සයි. එයිනුත් කිහිපදෙනකු හැරුණු විට අනිත් බොහෝ පිරිස් වාණිජ අරමුණ උදෙසා අරගල කරන බව තමයි පේන්න තියෙන්නෙ. විශේෂයෙන්ම නවකතාවට රාජ්ය සම්මාන, ස්වර්ණ පුස්තක සම්මාන වගේ ජාතික මට්ටමේ සම්මාන ලැබීමත් නිසා ලාංකීය නවකතාව වැඩි වශයෙන් සමාජය තුළ කතාබහට ලක්වෙනවා. භාෂාව අතින් වගේම ආකෘතිය අතිනුත් නවකතාවේ ප්රගමනයක් සිදුවෙලා තියන බව පෙනෙනවා. නමුත්, සම්මාන ලැබීමේ දී ඇතැම් විට සාධනීය මට්ටමේ කෘති ඉවත් වී ගොස් ඉලක්කගත කණ්ඩායමකට හිමි කෘති පමණක් ඇගයීමට ලක්වනවා දෝ කියන ප්රශ්නය නිර්මාණකරුවන් ඉදිරියේ තියෙනවා.
7.පාඨකයන් සම්මානිත කෘති පිළිබදව පමණක් විශ්වාස කරන බවක් පෙනේනවා.ඒ ගැන ඔබට අදහසක් තියනව ද..
සම්මානයක් කියන්නේ ඇගයීමක්. ඇගයීමක් මගින් නිර්මාණකරුවා දිරිමත් වීම වගේම ඒක ඔහුගේ ඉදිරි නිර්මාණකරණයටත් විශාල දායකත්වයක් ලැබෙනවා. ඒ නිසාම පාඨකයා විශ්වාස කරනවා මේ සම්මානය හිමි වුණේ එම නිර්මාණයේ තිබෙන සාධනීය ලක්ෂණ නිසා කියලා. ඒ හේතුවෙන් බොහෝ පාඨකයන් පොත් තෝරා ගැනීමේදී සම්මාන කෘතියක් ද කියලා අවධානය යොමු කරනවා. නමුත් මෙහි තිබෙන ගැටලුව තමයි සම්මාන ලැබෙන හැම කෘතියම සාධනීය මට්ටමේ පවතිනවා ද කියන කාරණය.
8.පවතින වෙළදපොළ ඉලක්ක කරගෙන පොත් ලිවීම දැන් සිද්ධ වෙන බවක් දකින්න පුලුවන් .ඔබ හිතන්නෙ ලියන දේ ,මාර්කට් කරන එක ද හොඳ
මාර්කට් කරන්න ලියන එක ද හොද?
මං මුලින් සඳහන් කළා වගේ බොහෝ දෙනෙක් ආර්ථික වාසි අරඹයා පොත් ලිවීම දක්නට ලැබෙනවා. අවුරුද්දකට කෘති කිහිපයක් ප්රකාශයට පත් කරන අය වගේම, අවුරුදු කිහිපයකට වරක් පොත් ප්රකාශයට පත් කරන අයත් ඉන්නවා. නමුත්, මං හිතන්නේ උසස් කෘතියක් බිහි වීම සඳහා අත්දැකීම් වගේම හැදෑරීමත් වැදගත්. සම්මානිත කෘතිවලට වඩා ඇතැම් විට සමාජයේ කතාබහට ලක් නොවුණු කෘතිවලට ලැබෙන පාඨක ප්රතිචාර ඉහළයි. අනික් අතින් බලනකොට වර්තමානය කියන්නේ මිනිස්සු ආර්ථික වශයෙන් බොහොම බංකොලොත් කාලවකවානුවක්. නමුත්, හොඳ දෙයක් මාර්කට් කරන්න වෙහෙසෙන්න ඕන නෑ. ඒක මහන්සියෙන් තොරවම මාර්කට් වෙනවා. සමහරු රැල්ලට පොත් කියවලා ‘අපෝ! මේකෙ ඇති දෙයක් නෑනේ. මොකට සම්මාන දුන්නද මන්දා?’ කියල කියන අවස්ථා ඕනෑතරම් තියෙනවා. පවතින සමාජය හමුවේ මානසිකව කඩා වැටී සිටින පුද්ගලයාට ‘පොත් ගෙඩි’ බර වැඩියි. හොඳ දේ තමයි වැදගත්. කල් පවතින්නේ එයයි.
9.ඔබේ රචනයන්ට පවතින සමාජය කොතරම් බලපෑමක් කරනව ද
සමාජ බලපෑමක් නොමැතිව නිර්මාණයක් බිහි නොවන බව මාගේ අදහසයි. ඕනෑම නිර්මාණකරුවෙකුට නිර්මාණකරණය සඳහා අත්දැකීම් ලැබන ආකාර තිබෙනවා. එය තමන්ගේම අත්දැකීමක් විය හැකිය. වෙනත් කෙනකුගෙන් අසා දැනගත් දෙයක් විය හැකිය. එහෙමත් නැත්නම්, පොත පත ආශ්රයෙන් ලබපු අත්දැකීමක් විය හැකියි. එතකොට නිර්මාණයක් කියන්නේ සත්යයත්, කල්පිතයත් අතර දෝලනය වන දෙයක්. එවිට එම නිර්මාණය ඇතුලෙ අඩු වැඩි වශයෙන් සාමාජීය කාරණා අන්තර්ගත වෙනවා. නිර්මාණකරුවෙකුට අත්දැකීම් සපයන්නෙම පවතින සමාජය ම තමයි.
10.පවතින සාහිත්යය විචාරයන් සම්බන්ධ ඔබට අදහසක් තියනව ද..
විචාරයේ මූලික අරමුණ විය යුත්තේ නිර්මාණය පාඨකයාට සමීප කරවීම බවයි මගේ අදහස. නිර්මාණකරුවා වට්ටන්න විචාර ලියනවා නම් එය යහපත් දෙයක් නෙමෙයි. ඇතැම්විට නිර්මාණ කෘතියකින් පුද්ගලයකු හසුකර ගන්නා දෙයට වඩා වැඩි යමක් විචාරයක් ඔස්සේ හඳුනාගන්න පුළුවන්. හේතුව එක් එක් පුද්ගලයා ග්රහණය කරගන්නා දේවල් එකිනෙකට වෙනස් වීම. හුඟක් කෘතිවලට නිර්දය විවේචන මිසක් මැදිහත් විචාර ඇසක් යොමු නොවන බවයි මගේ හැඟීම. ඒ විචාර සාහිත්ය ක්ෂේත්රයේ උන්නතියට පිටිවහලක් වේවි කියලා හිතන්න අමාරුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *