කලාකාරයෝ පවත්නා දේශපාලනයට කැඳවාගන්නේ දේශපාලන පක්ෂවලට යනඑන මං නැතිවුනාට පස්සේ. “කලාකාරයෝ” දේශපාලනය කරන්න පටන් ගන්නේ තමුන්ගේ කලාව හුදකකලාවක් වෙල ජිවන මාර්ග නැතිවෙද්දී. දමිතා අබේරත්න දේශපාලන “විපලවයක්” ගැන කතා කරල සජිත් පුතානෝට එකතුවීමයි සමනල විජය කුමාරතුංග බණ්ඩාරනායක පවුලෙන් කසාද බදින එකයි අතරේ මට නම් ලොකු වෙනසක් නෑ.
ලංකාවේ “කලාකාරයෝ” [නළුනිළියෝ] දේශපාලනය පටන් ගන්නේ ඩොමිනියන් රාජ්ය යටතේ, 1955 දී විතර. අගමැති නේරු අගමැති කොතලාවල එක්ක නොබැදි ජාතින්ගේ බැන්ඩුන් සමුළුවේ ප්රශ්න හදාගත්තම එක සුද්ද කරන්න ඉංදියන් විදේශ අමාත්යාංශය රාජ් කපුර් ප්රමුඛ නළුනිළි කණ්ඩායමක් එවනව ලංකාවේ ඒ වර්ගයේ එවුන් එක්ක ක්රිකට් ගහන්න. ක්රිකට් ගහපු එවුන් තබා ඒව වාර්තා කරපු එවුන්වත් දැනං හිටියේ මේ “ක්රිකට් සංචාරයේ” යටි පෙළ. පස්සෙ කාලෙක රාජ් කපුර් අමරුවෙන් පත්තර කතාවකට ගත්තු කරුණාසේන ජයලත් මේ ගැන ලියල තිබුන එයාගේ ‘සිනමා සටහන්’ වල.
ඊට පස්සෙ බණ්ඩාරනායක 1956 දී කවිකොල කාරයගේ පටන් උඩට “කලාකාරයෝ” පවත්නා දේශපාලනයේ ප්රචාරකයෝ කරනව. පස්සේ දෙශපාලන පක්ෂ නළුනිළි සංගම් හා වෙනත් කලාකාර සංගම් පටන් ගන්නව. පස්සේ කාලේ ගායකයෝ ගායිකාවෝ දේශපාලන වේදිකාවල සිංදු කියන්න යනව. 70 ගණන්වල මුල තිබුන “හෙල නළුනිළි හවුල” කියල එකක්. ඒක හරහා තමයි අනුර බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ “ මුල් රති කලා පුහුණුව” ලැබුවේ කියල කතාවක් තිබුණ.
දන් අපි සාක්ෂි සහිතව දන්නව කුමරතුංගලගේ “ශ්රී ලංකා මහජන පක්ෂය” දේශපාලනය පටන් ගත්තේ ඉංදියන් විදේශ අමාත්යාශයේ අරමුදල්වලින් බව. දේශපාලන නොදන්නා එකා ජීවත්වෙන්න දේශාපලන තොරගත්තම මේ අවුල් සිදුවීම වලක්වන්න අමාරුයි
කලාකාරයෙක් හැටියට හොඳටම දේශපාලන කඩේ යාමක් කළේ වෙඩිතබා මරපු සාජන් නල්ල තම්බි හෙවත් නිහාල් සිල්ව. 1988 අගමැති ප්රේමදාස ජනාධිපති වෙන්න යනකොට ප්රේමදාසට පෙර රැස්විම් ඇමතුවේ ‘නල්ල තම්බි’. ‘සිනමා සක්විති’ නමින් උඩට නඟින ගාමිණි ෆොන්සේකා පවා විශ්රාම දිවියේ යැපීම් මාර්ගය හැටියට තෝරගත්තේ දේශපාලනය. “දේශපාලනයෙන් ජීවත්වීමේ කලාව” හොඳටම කලේ සනත් ගුණතිලක.
ඉතින් මම මේ කියන්නේ “කලාකාරයන්ට දේශපාලනය” කරන්න එපා කියල නෙවෙයි. බඩගෝස්තරයට දේශපාලනය කරනවනම් ඒක කරන්න. මහජනයාගේ දුක විකුනම් කා දේශපාලනය නොකරන්න කියන කාරණය. එහෙම වුනාම අපේ ජීවිත කාලේ තබා දැන් උපදින දරුවන්ගේ ජීවිත කාලේවත් මේ මජර දේශපාලනය වෙනස් කරන්න අමාරුයි.