පුවතකට වැඩි යමක්

අනේ රනිල් මේ අහන්න……..

කවුරු කළත් ගෙට ගිණි තියපු එක කොයිම විදිහකටවත් සාධාරණීකරණය කරන්න බැහැ. තමන්ගෙ ජීවිත අඩියටම වැට්ටුවට පස්සෙ තමන්ගෙ අයිතීන් වෙනුවෙන් සහා මන්දපෝෂණය හැදුන පණ අදින තමන්ගෙ දරුවගෙ කිරි වීදුරුව වෙනුවෙන් අරගල කරපු මිනිස්සුන්ට තිබ්බා මීට වඩා ඕගොල්ලො ගැනයි ඕගොල්ලන්ගෙ වටිනා සැමරුම් මතක ගැනයි සංවේදී වෙන්න…
හැබැයි,
ඔයා ලඟ එච්චරටම වටින පොත් පත්, චිත්ර තිබ්බ නම්, ඔයාට ඒවා ලැබුණෙ මේ ජනතාව වෙනුවෙන් කරපු දේශපාලනය නිසා.
එතකොට ජනතා නියෝජිතයෙක් විදිහට ඔයාට කරන්න තිබ්බෙ ඒ තරම් වටින දේවල් ජනසතු කරන්න. ඔයා මැරුණට පස්සෙනන් ඒක කරන්න හිටියෙ, එතකොට ඔයා ජීවත් වෙලා ඉන්න කාලෙ ඒ ටික මග හැරෙන පරම්පරාව ගැන ඔයා හිතන්නැද්ද? ඔයා ඒවා එක පාරක් කියෙව්වනන් ඒවා scan කරලා සංරක්ෂණය කරලා Originals ටික ජනසතු කරන්න තිබ්බා. ඔයා ආවෙ ජනතාව වෙනුවෙන් සේවය කරන්න මිසක් ඕවා දිහා බල බල හෝ, ඕවා එන එන අයට පෙන්න පෙන්න හෝ, ඕවා ගැන පුරසාරම් දොඩව දොඩව හෝ ඔයාගෙ ego එක සහා ඔයාගෙ පැලැන්තියෙ ego එක maintain කරන්න නෙමෙයිනෙ. හිතන්නකො ඔයාගෙ ගෙදර ගෑස් සිලින්ඩර් එක පුපුරලා ඔය ටික විනාස උනානන්? එතකොට වෙන අපරාධය ගැන ඔයාට කලින් හිතන්න තිබ්බා. ඔයාට රටේ මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතනවට වඩා ඇත්තටම මීට වඩා ඒ ගැන හිතලා මීට කලින් වැඩ කරන්න තිබ්බා…
අලි ගහලා විනාස වෙන, අමාරුවෙන් අටෝගත්ත බ්ලොක්ගල් ගෙවල් දැකලා තියෙනවද? ඒවයෙ තියෙන්නෙත් ඒ අහිංසක ජීවිත වල සැමරුම් මතකම තමයි රනිල්. ඒ විනාස වෙන්නෙත් ගමේ දුප්පත් පාසලෙන් අමාරුවෙන් ඉගෙන ගන්න මේ රටේ දරුවන්ගෙ පොත් පත්ම තමයි. ඒත් අපිට ඇත්තටම දුකයි රටේ ජනතාවගෙ බදු සල්ලි වලින් සහා ඔයා වගේ ලොකු පැලැන්ති වලයි, එකපාරටම සල්ලි හම්බ කරපු ධනකුවේරයන්ගෙයි සල්ලි වලිනුයි නඩත්තු වෙන ‘රෝයල් කොලේජ්’ එකේ ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් ඔයා වෙන් කරලා තිබ්බ ඒ පොත් පත් වලට වෙච්ච හානිය ගැන.
උතුරෙ මිනිස්සු තාම ජීවිත් වෙන්නෙ මතක එක්ක විතරයි කියලා පොත් ගැන ඔච්චරටම සංවේදී ඔයාට නිකන්වත් හිතිලා නැද්ද රනිල්? ඒ මිනිස්සුන්ට ජීවිත, ආදරණීයයන්, අධ්යාපනය, අනාගතය හැමදේම අහිමි වෙලා ඉවරයි. ඒ අපේම උන් වෙනුවෙන් සංවේදී වෙන්න දකුණේ මිනිස්සුන්ට ඉඩදුන්නෙ නැත්තෙ තමුන්ලන්ගෙ අවස්ථාවාදී, බලතණ්හා, කාලකණ්ණි දේශපාලනය කියන එක ඔච්චර වටින පොත් කියවපු ඔයාට නොතේරෙන්න විදිහක් නැහැ නේද රනිල්…???!!!
මොනවා උනත් ඒ විනාස වෙච්ච පොත් ගැන දැනුත් අරගලේ කරන මිනිස්සු දුක් වෙනවා… ඒක විවේචනය කරනවා. අන්න එහෙමයි මිනිස්සු. ඒක පෙනෙද්දි ඔයාගෙ හෘදසාක්ෂිය කියලා දෙයක් ටිකක් හරි තියෙනවනන් ඔයාගෙන්ම අහයි ඒ දුක්වෙන මිනිස්සුන්ගෙ ජීවිත ගැන ඔයා කොයිතරම් සීතල, න්යායික ප්රතිපත්තියක්ද දැරුවෙ කියන එක.
ඇත්තටම මගේ රටේ මිනිස්සුන්ගෙ ජීවිතනන් ඉතිං කොහොම, කොච්චර විනාස උනත් මොකද…? ඕගොල්ලො හොඳින් හිටියනන්… නේද…?”

සමනලී ෆොන්සේකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *