පිරිමියෙක් පිස්සු වට්ටන්න ලොකු පියයුරුත්,
රවුම් තට්ටම් දෙකකුත් තිබුණට මදි….
ගෑණියෙක්ගෙ හිනාවකට පුලුවන් පිරිමියෙක්ව සැනසීමේ සතපවන්න.
ගෑණියෙක් ගාවින් එන මෘදු කොලෝන් සුවඳකට පුලුවන්
පිරිමියෙක්ව පොඩි එකෙක් වගේ නලව ගන්න.
ඔය වගේ තව බොහෝ දේවල් ගෑණියෙක්ට තියෙන්න ඕනෙ
පිරිමියෙක් එක්ක ජීවිතේ බෙදා ගන්නනම්…
පැහැදිලි ස්කින් කලර් එකක් තිබුන පලියට හැම පිරිමියෙක්ම වහ වැටෙන්නෙ නැහැ.
අඳුරු හමට පෙම් බඳින පිරිමිත් ඕන තරම් ඉන්නවා අපි එක්කම.
ඔය වගේ හැම දේකම දෙපැත්තක් තියෙනවා.
සරලවම ගත්තොත් ගෑණියෙක් උනාම උන්ටම ආවේණික වෙච්ච යම් යම් ප්රතිපත්ති ටිකක් තියෙන්නම ඕනෙ.
ඒකෙන් පිරිමි මනිනවා ගැහැණියව.
ඒ මැනීමෙදි ගැහැණිය බරැති නම්,
පිරිමියෙකුට ඒකම ඇති ඈ ගාව නවතින්න.
සමහර විට ඇයට උස් වූ ලැමක් නොතිබෙන්න පුලුවන්.
පරිප්පු වතුරෙන් උයලා තෙම්පරාදුවට දාලා ගත්තම රසයි තමයි.
හැබැයි මිටි කිරි දාලා නටනකොට බෑවම ඊට වඩා රසයිනෙ.
ගෑණුත් අන්න ඒ වගේ තමයි.
ගුණ යහපත් කම තියෙනකොට ප්රියමනාපයි.
හැඩැති සරීරයකුත් තියෙනවනම් පිරිලා…
ඒත්,මේ දෙකම තියෙනකොට උන්ගෙ වටිනාකම වැඩියි.
මොකද,
අපි පෘතග්ජනයො විදියට නොසෑහෙන්න රස හොයනවනෙ.
කොටිම්ම කිව්වොත් ගැහැණිය සුවඳ වෙන්නත් ක්රම සහ විධි තියෙනවා.
සමහරුන්ට පුලුවන් රුපියල් දහ දෙදහක විළවුන් කුප්පියකින් සුවඳවත් වෙන්න.
සමහරුන්ට පුලුවන් රුපියල් දෙතුන් සීයක කොලෝන් බෝතලයකින් සුවඳවත් වෙන්න.
ඔය අතර ඉන්නවා එක්තරා විශේෂ ගැහැණු කොට්ඨාශයක්.
උන් පිටතින් වගේම ඇතුලාන්තයෙනුත් හරිම සුවඳවත්.
උන්ගෙ බැල්මකත්
හිනාවකත්
වචනෙකත් ඒ සුවඳ තියෙනවා.
ඒ සෙන්ට් කුප්පියකින්වත්,කොලෝන් බෝතලයකින්වත් ගත්ත සුවඳක් නෙමෙයි.
ඒකට හේතුව තමයි උන් සතුව තියෙන විශේෂ ගුණාංග.
මේ සමාජෙ කොන්දක් ඇතුව ජීවත් වෙන ගෑණු අතලොස්සයි ඉන්නෙ.
මම මේ කිව්වෙ එහෙම උන් ගැන.
අන්න ඒකයි මම කිව්වෙ උස් වෙච්ච පියයුරු යුගලයකට,රවුම් පශ්චාත් බාගෙකට විතරක් බැහැ ගැහැණියක් නිර්මාණය කරන්න කියලා…
එතන්ට එන්න උත්සහ කරපන්..