තිස් වසරක යුද්ධය පැවති කාලය පුරා උතුරු ප්‍රදේශයේ පාතාලයක් ක්‍රියාත්මක වූයේදැයි අපි නොදනිමු. අසා නැත්තමු. ප්රභාකරන්ගේ අනසකට උඩින් පාතාලයක් ක්‍රියාත්මක නොකළ හැකි බැවිනි. එහෙත් දකුණ ඊට වඩා වෙනස්ය. දකුණේ මේවන විට පාතාල කණ්ඩායම් 25කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙයි. ඔවුන්ගේ කප්පම් ගැනීම්, මිනීමැරුම්, ස්ත්‍රි දුෂණ, කොල්ලකෑම්, මත්කුඩු ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සාමාන්‍යලෙස සිදුකරමින් තිබේ.
සොත්ති උපාලිගේ සිට දෙමටගොඩ චමින්ද දක්වාම දේශපාලන රැකවරණය ලැබෙන පාතාලයක් මෙරට ක්‍රියාත්මක වේ. ආණ්ඩු මාරුවීමේදී පාතාලයද වෙනස් වෙයි. මේ නිසාම බොහෝ අපරාධකරුවන් ඇතැම් දේශපාලනඥයන්ගේ සහයෙන් විදෙස් රටවලට පැන යති. නාවල නිහල් වැනි දරුණු පාතාල අපරාධකරුවන්ට සිදුවූයේ කුමක්ද යන්න කිසිවකුටත් දැනගැනීමට පවා නොහැකි විය. කඩුවෙල වසන්ත වැනි අය ඝාතනයට ලක්වීම තවමත් අභිරහස්ය. පිටකොටුව, කොටුව, බොරැල්ල, මහරගම, මොරටුව සහ දකුණේ බොහෝ ප්රදේශවලද ඇඹිලිපිටිය, රත්නපුර ආදී ප්රදේශවලද පෙරළි කරමින් සිටින පාතාලය ගැන අප ඕනෑතරම් කතා අසා ඇත්තෙමු. යුද්ධයෙන් පසුව උතුරේ මිනිසුන් යන්තමින් තම ජීවිත යළි පටන්ගත්තා පමණි. දැන් උතුරෙන් ද නිවෙස්වලට කඩා වැදී පුද්ගලයින්ට කඩු සහ මන්නා පිහිවලින් පහර දී රන් බඩු හා මුදල් කොල්ල කෑමේ නිරත අපරාධ කල්ලියක් ගැන වාර්තා වෙයි. දකුණේ පාතාලය උතුරේද වැඩට බැස ඇද්ද? නැත්නම් පසුගිය දවස්වල මෙන් ඊනියා බුද්ධි අංශ නිළධාරීන්ගේම වැඩක් ද? එයට උත්තර දීමට තවමත් කල් වැඩිය.
එහෙත් ජොන්සන් නමින් හැඳින්වෙන මෙම පාතාල කල්ලියේ නායක ජොන්සන් සහ ඔහුගේ ප්‍රධාන ගෝලයා වන ලූකස් මුලතිව් පුදුකුඩුඉරුප්පු පොලිසියේ කණ්ඩායමක් විසින් අද(20) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
මෙම කල්ලි නායකයා වන අන්තෝනි පිල්ලේ ජෝන්සන් (38) නමැත්තා ඇතුළු පිරිසට නිවෙස්වලඩ කඩා වැදී පහර දී දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් වරෙන්තු 25 ට අධික ප්‍රමාණයක් උතුරු පළාතේ පොලිස් ස්ථානවලින් ඇති බවද උසස් පොලිස් නිලධාරියකු කීය. සැකකරුට වරෙන්තු ඇති එම පොලිසි අතර පුදුකුඩිඉරුප්පු, මුලතිව්, කිලිනොච්චි, පලෙයි, පුනරින්, නච්චිකුඩා, ඔඞ්ඩුසුඞ්ඩාන්, නැදුන්කර්නි, මන්නාරම, අඩම්පන්, යාපනය, වව්නියාව යන පොලිස් ස්ථාන වන බවද පොලිසිය කියයි.
ප්රභාකරන් සිටියදී දුප්පත් මිනිසුන්ගේ රත්තරන් බඩු හොරාකෑවේ නැත. එහෙත් මෙම කණ්ඩායමට දුප්පත් පොහොසත් භෙදයක් නොමැත. ඔවුන් ගැන වැඩියමක් තොරතුරු සොයාගැනීම දුෂ්කර නමුත් යාපනයේ මාධ්‍ය ක්‍රියාධරයකු අප සමඟ සඳහන් කළේ මොවුන් දැනට වසර කිහිපයක සිට මෙම කටයුතු වල නිරත වන බවත් , මුල් කාලයේදී දකුණේදී මෙන් ඇතැම් පොලිස් නිළධාරීන්ගේ සහය ඇතිව මෙය දිගටම කරගෙන ගිය බවයි.
සටහන: වසන්ත බංඩාර
(Pic courtesy: Daily Mirror)