අපරාධපුවතකට වැඩි යමක්විශේෂාංග

අනාදිමත් කාලයක හොර අරක්කු නිශ්පාදයේ ලාංකීය සලකුණ. ජොන්ස්ටන් …..

2002 වසරේදී ලියුම්කරු දිවයින පුවත්පතට සේයාරූ පළකරමින් හෙලිදරව් කල මහ කසිප්පු ස්කාගාරය ඇමති ජොන්ස්ටන්ගේ ගෝලබාලයන් විසින් පවත්වා ගෙන ගිය බව රටට හෙලිදරව් කලද එය දේශපාලන බලය හමුවේ යටපත් විය. දිගින් දිගටම දේශපලන අධිකරියේ බල මහිමයෙන් පවත්වා ගෙන යමින් නීති විරෝධි මත් පැන් තමනට හිමි සුරා සැල් තුල යහමින් අලවි කර ගෙන විශාල ධනස් කන්දයක් රැස් කර ගත් අයුරු අප ඇස් පනාපිටම දැන් ඔප්පුවී හමාරය. එහෙත් මුනිවත රකින පොලීසිය ඇතුළු අදාල බලධාරීන් තාමත් මේ ගැන මර නින්දේ පසුවීම අපේ රටේ අභාග්‍යයේ හඬේ තරම ලොවට සුසරකරදෙයි. නරුම පාලකයින්ගේ මුදලට යටවු ගිජු ලිහිණි පොලිස් ලොක්කන්ගේ නිරුවතද මෙයින් මොනවට පසක් වෙයි. මේ සියළු බළල් හස්තයන්ගේ පිහිටෙන් මෙසේ කාලය ගෙවී ගියද පසුගිය මැයි 9 වෙනිදා රාත්‍රී ඇති වු අරගල කරුවන්ගේ ක්‍රියාවලියේදි අති දැවන්ත නීති විරෝධී ස්කාගාරයට නැවත වරක් ගිනි තබා ඇති බව විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රචාරයවනු අපි බලාසිටියෙමු. මෙතරම් ඉතා දිගු කාළයක් පෙරටත් වඩා ඉතා සාර්තකව එහි නිශ්පාදන කටයුතු සිදුවන බවයි දැන් ලියුම්කරුගේ හැඟීම.

මෙහිදී අරගලකරුවන්ගේ මානුෂික බවද ලොවට කිය පෑ ආකාරය ප්‍රශංශනීයයි. මන්ද සත්ව ගොවිපලේ සියලුම සතුන්ට අභය දානය ලබා දෙමින් සතුන් මුදා හැරීමෙන් පසුව ස්කාගාරයට ගිනි තබා ඇතිබව ඒ රූපරාමු සාක්කි දරයි. එහි සිටි කිසිදු සත්වයෙකුට ජීවිතහානි සිදු නොවීමට ඔවුන් වගබලා ඇත්තේ බුදු දහමට අනුව යමින් සියලු සත්වයෝ සුවෙන් සැනසේවා යන උතුම් අදහස ඇතිව බව ලියුම්කරුගෙ අදහසයි.

ජොන්ස්ටන් විසින් සත්ව ගොවිපලක් ලෙස පවත්වා ගෙන යමින් එම ස්ථානයේ ස්කාගාරයක් ඉතා රහසින් නිරීක්ෂනය කළ අප, ඒ බව පවසා සිටියේ මින් ඉතා දිගු කලකට පෙරය. එය අද අරගලයේ බල මහිමයෙන් රටට යළි යළිත් හෙලිවී හමාරය. මෙයත් අරගලයෙන් ලද ජයග්‍රහනයකි.

මෙය හෙලිදරව් වීමෙන් ජොන්ස්ටන් ඇතුළු ගෝලබාලයින් භූමිතෙල් ගැසූ ගැරඩින් රැළක් ලෙස දඟලමින් සියලු මාධ්‍යකරුවන්ට තමන්ගේ මැර බලය මුදා හරිමින් අලුත් වටයකට සැරසෙන බවයි දැනගන්න්ට ඇත්තේ. මේ තිරස්චීන රැළ යළිත් කෙසේ හෝ බලය ලබාගනිමේ නොනවතින අරගලයක නිරතව සිටින්නෙද තමනට තම පරන නායකත්වය තුරුලේම මේ සියළු වැඩ පටන් ගත හැකි නිසාවෙනි.

ඇත අතීතයේ රේන්ද නමින් හැඳින්වූ ව්‍යාපාරය යම් අදිකාරිලත් පැලැන්තියකට නීත්‍යානුකූලව ලබාදෙමින් ලංකාවේ සුරා සැල් ජාලයක් සහ අරක්කු නිශ්පාදනය ආරම්භ කළබව අප අසා ඇත්තෙමු. එහෙත් අද වනවිට එය මදාවි දේශපාලුවන්ගේ සහ ඔවුන්ගේ අතකොළු මදාවි හිතවතුන්ගේ සල්ලි මවන උල්පත් බවට පත්කරගනින්මින් රටපුරා දැවැන්ත ජාලයක් ඇති බවයි අපගේ හැඟීම. මේ ගිණිදුම් අහස පුරා සිසාරා යමින් අපට කියා පාන්නේ ඒ අඳුරු සේවනැල්ලේ නරුම සේඅයාවයි. මේ වන විට ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීත්‍යානුකූල සුරාසැල් හතලිහකටත් පනහකටත් වඩා ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතැමුන්ගෙ කතාවලින් පවා හෙලිවිය. ඒ නීත්‍යානුකූල සුරාසැල්වලට අනීතිකව හොර අරක්කු සපයන්නන්ගේ ප්‍රමුකයකු වන ජොන්ස්ටන් මන්ත්‍රීවරයාගේ මේ මහා ජාවාරමේ වගතුග එදා 2002 දී සේම ඉන් වසර විස්සකට පසුව අදත් ලියුම් කරු මෙලෙසින් ලියා තබන්නේ මෙවන් ජාවාරම් කරුවන්ව කෙසේ කවදාහෝ නීතියේ රැහැනට හසුකරදීමේ උත්තුංග ප්‍රාර්ථනයෙනි.

 

අනුර හේරත්

ලියුම්කරුගේ දිවයිනට කළ හෙළිදරව්ව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *