අපරාධපුවතකට වැඩි යමක්විශේෂාංග

දේශපාලන කරනම් ගැසූ ප්‍රාදේශීය සභා සභාපති තම බිරිඳ මරා අත සෝදා ගෙනද?

පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සෙනරත් පද්මසිරි තම පව් සෝදා කමා කරගත් බව දන්වමින් අද වන විට තම දේශපාලන පක්ෂය මාරුකර ගනිමින් එක්සත් ජාතික පක්ෂ යේ සාමාජිකත්වය දරමින් තම නොමනා මිනීමරු සංකල්පනා පන පොවමින් ප්‍රදේශය පුරා සැරි සරන බව දකින්නට ඇත. තම බිරිඳට වෙඩි තබා ඝාතකයා වූ හිටපු සභාපති සෙනරත් පද්මසිරි තම පව් කමා කරමින් සිය ඝාතන සංස්කෘතිය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ද වෙමින් දියකර හරිමින් සිල් රෙදි පොරවා ගෙන ඇති නිසා ප්‍රදේශවාසිහු විශ්මයට පත් වී ඇත. ප්‍රේමලාල් ජයසේකර නොහොත්චොකා මල්ලි වැනි මිනීමරු ඝතකයන්ට ජනපති සමාව ලැබෙමින් නොනැවතී අමාත්‍ය තනතුරු වලින් පිදුම් ලබන මොහොතක එයින් උද්දාමයට පත්වන සෙනරත් පද්මසිරිලා තව තවත් එවැනි ඝාතනයන් කිරීමට දිරිමත් වන බව කා හටත් දැනෙන කරුනකි.

මහින්ද රාජපක්ෂ බලයට පත්ව ඉතා කෙටි කලකදී තම අනියම් බිරිඳව වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කළ මිල් රෝයි ප්‍රනාන්දුගේ බිරිඳ සහ ආරක්ෂකයා දිවිඇතිතෙක් සිර මැඳිරිය තුළ ගාල් කළ අධිකරන්ණ තීන්දුව පසෙකට විසිකළ මහින්ද ඇයට නිදහස ලබාදුන්නේය. එහෙත් එම ඝාතනයේ අනෙක් සැකකරු තාමත් මහ උළුගෙදර කල්දේරම් බත් කමින් සිටී. ඔවුන්ගේ පැලැන්ත්යේ ගැහැණියවෙනුවෙන් අධිකරණ තීන්දුව පසෙකට විසිකළත් සාමාන්‍ය ආරක්ෂක නිළධාරියාවෙනුවෙන් අධිකරණයත් මහින්දලාත් පිහිටට පැමිණියේ නැත.

පසුකළෙකදී ඝෝඨාභය රාජපක්ෂ ජනාදිපතිවරයා විසින් එකළ තම ආරක්ෂක අධීකණ ආමාත්‍යවරයාව සිටි දුමින්ද සිල්වා ට දුන් ජනාධිපති සමාවද එවැන්නකි. තම පක්ෂයේම දරදිය අදිමින් ජයග්‍රහණ කරා මෙහෙයවූ භාරත ලක්ෂ්මන්ට මැතිවරණ දිනයේ මහදවල් සිය ගණනක් බලාසිටියදීවෙඩිතබා මරාදැමූ දුමින්දට නිදහස ලැබුණු අතර දෙමටගොට චමින්ද ඇතුළු තිදෙනාටා එම සමාව හිමි නොවීම තම පන්තියේ එකා බේරාගැනීමේ සම්පදාය එලිබට මොහොතකි.

මේ අයුරින්ම රත්නපුරයෙදී දේශපාලන රැලියකට වෙඩිතබා අයෙකු මරාදැමූ ප්‍රේමලාල් ජයසේකර නොහොත් කුප්‍රකට චොකාමල්ලී ටද ඝෝඨාභය ජනාධිපතිවරයා සමාව පමණක් නොව ඇමති තනතුරක් පවා ලබාදී පාර්ලිමේන්තුවට ගෙනාවේ කිසිඳු හිරිකතක් නොමැතිවය. මේ සිදුවීම් දෙකම ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ මහා කළු පැල්ලම් ලෙසින් සටහන්ව ඉතිහාස ගතවී ඇතිබව ලියුම්කරුගේ අදහසයි.

තම හිතවත්කම් වලට පමණක් නොව අල්ලසට මිලමුදල් බලයට ජනාධිපති සමාව ලබාදුන් බවට තවත් කුප්‍රකට උදාහරණයකි “රාජගිරියේ මිලේනියම් සිටි මහල් නිවාසයෙන් තරුණියන් දෙදෙනකු පහලට දමා ඝාතනය කළ වරදකරුගෙන් රුපියල් කෝටි 500 ක් ලබාගත් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම සාක්කුව පුරවාගෙන ඔහු නිදහස්කිරීමෙ සිදුවීමයි.”

මෙවැනි ඝාතකයින්ට සමාවදීමේ ශ්‍රී ලාංකීය අත්පොත තැබුවේ දැන් අපේ රටේ පිං ජනපති රනිල් රාජපක්ෂගේ මාමා වූ යැංකි ඩිකී ජේ ආර් ජයවර්ධන මහතාය. රනිල්ගේ වුවමනාව මත දැරියක් දූෂනය කර මරාදැමූ ගෝනවල සුනිල්ට නිදහස ලබාදුන් ජේ ආර් රනිල්ගේ වුවනනාව ඉතුකර දුන් අයුරු ඉතිහාසයේ සටහන්ව ඇත. පසුකලෙකදී ගෝනවල සුනිල්ගේ අපරාදන්ට දඬුවම් දේශප්‍රේමීන්ගේ තීන්දුවලින් නිමාවට පත් වුවද අනෙක් හැම දෙනාම ජනතාව පෙළමින් ගොනාට අන්දවමින් තම මැර දේශපාලනයේම නිරතවෙමින් තවමත් යෙහෙන් වැජඹේ.

මේවා සෙනරත් පද්මසිරිලාද හොඳින් දනී. එම නිසා ඔවුන්ට සිරබත හිමිකරදුන් අපවැනි ලියුම්කරුවන්ගේ ජීවිතවල හෙටදවස තීරණය කරන්නට පසුබට නොවන බව අපි දනිමු. එහෙත් අපි බිය නොවන්නෙමු. මන්ද එවැනි සාහසික පුද්ගලයන් නීතියේ රැහැණින් බැඳ දමනතුරු අපි අපේ සටන අත් නොහරින්නෙමු. එවැනි දේශයක් බිහිකරන්නට සටන් වැදීම හැර අන් මගක් ජනතාවට නොමැතිබව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

අනුර හේරත්

ලියුම්කරු දිවයිනට කළ හෙළිදරව්ව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *