කඩුවෙල පාතාලය යනු දිගු ඉතිහාසයක් ඇති පාතාලයකි. එහි කුප්‍රකටම චරිතය ලෙස කඩුවෙල වසන්තගේ නම ලොකු අකුරින් සටහන් වී ඇති අතර මෑතකාලයේ ඒ තැන හිමි කරගත්තේ සමයන් ය. සමයන් මාරාදැමුවද ඔහුගේ ගෝලයන් තවමත් වැඩ නවත්වා නැති බව අනුමාන කළ හැකි සිදුවීමක් අද වාර්තා විය.
කඩුවෙල පාතාලය හා දකුණේ ඇතැම් පාතාල කණ්ඩායම් අතර ඉතාම හොර රහසින් ආයුධ ජාවාරම, මත්කුඩු බෙදාහැරීම හා කුලියට මිනිසුන් මරාදැමීම ජයටම කරගෙන යති. ඔවුන් අතරේම සිට දැනට වෙනත් පාතාල කණ්ඩායමක සේවනේ වැජඹෙන අයෙකු හර හා පොලීසියට ලැබුණු ඔත්තුවක් මත ගාල්ල සමුද්‍ර මාවතේ ජාකොටුවැල්ල ප්‍රදේශයේදී පොලීසිය කරන ලද සැක කටයුතු වාහන පරීක්ෂාවකදී මි.මි. 9 උණ්ඩ යොදන රිවෝල්වරයක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. ඔවුන් පැමිණ තිබු කැබ් රථය බොරැල්ල ප්‍රදේශයෙන් කුලියට ගත එකක් යැයි අනාවරණය වී ඇත.
ගාල්ල අගුළුගහ සර්වෝදය කන්ද පදිංචි ප්‍රධාන සැකකරු 33 හැවිරිදි පුද්ගලයකු බවත්, අත්අඩංගුවට පත් ඉතිරි දෙදෙනා ගාල්ල ගල්වඩුගොඩ සහ පැදිනෝරුව යන ප්‍රදේශයන්හි හි පදිංචිකරුවෝ වෙති. ප්‍රධාන සැකකරු කඩුවෙල ටයර් වෙළඳ සැළක් පවත්වාගෙන යන අතර ඔහුගේ රහසිගත ව්‍යාපාරය වී ඇත්තේ පාතාල කණ්ඩායම් සඳහා අවිආයුධ සැපයීම බව පොලිස් පරීෂණවලදී හෙළි වී ඇත.
සටහන: වසන්ත බංඩාර