මීට කලින් මේ ගැන ලියපු කෙටි පෝස්ටුව අපේ සහෘදයන්ට අහුනොවුන වගක් පෙනුන නිසා මේ ගන තවත් ටිකක් ලියන්න හිතුව, කරන වැඩේ නතර කරල. ඇත්තටම සරත්චන්ද්ර මේ ‘සංස්කෘතික’ තාප්පේ බැන්දෙ මොරටුවේ. අමරදේව වගේම නිහාල් නෙල්සන් ඉපදුනේ මොරටුවේ. මොරටුවේ එවුන්ට තමන්ගේ ගම ගැන මාර උණක් තියෙන්නේ. මොරටුවේ කුල ගනනාවක් තිබුනත් [බහුතර කුල- කරාව, දුරාව. සුළුතරය ගොයි සලාගම හා නවන්දන්න] ඔවුන් ගම ගැන හිතද්දී කුලය අමතක කරනව. මොරටු පුතෙක් වුනාට එහි සංස්කෘතික උප්පත්තියේදි අමරදේව අවජාතකයි. අතිජාත පුත්රයා නිහාල් නෙල්සන්.
මේ තත්වය තේරුම් ගන්න මොරටුව මොනවගේ තැනක් ද කියල අවබෝධ කරගන්න ඕන. එහි තියෙන වාසගම් දිහා බැලුවම පේනව කේරල, පෘතුගිසි, දෙමළ හා සිංහල මිශ්රණයක්. මේ මුසුව තමයි එතන හයිබ්රිඩිය හැදෙන්නේ. එක ආර්ථිකව මතුවෙන්නේ චාල්ස් සොයිස [ 19 සියවසේ ලංකාවේ සිටි ධනවත්ම සිංහලය] වගේ ධන කුවේරයන්ගෙන්. සංස්කෘතිකව මතු වුනේ අමරදේව, නිහාල් නෙල්සන්, ප්රෙඩී සිල්ව වගේ ජනප්රිය තාරකාවලින්. එහෙම ගත්තම කොළඹ ‘හාලේමය’ තමයි මොරටුව. එක්සත් ජනපදයට සංස්කෘතික නවාංග බොහොමයක් නිපදවන්නේ නිවියෝකයේ හාලේම් පළාතේ. විශේෂයෙන්ම සංගීතය පැත්තෙන්. එහි ජීවත්වෙන බහුතරයක් ඇමරි- අප්රිකානුවන්. මේ හයිබ්රිටිය නිසා මොරටුවේ වගේම හාලේමය තුලත් පීචං ප්රබුද්ධ බෙදිම නෑ.
මොරටු පුතුන් අතරේ තාප්පය බැදින්නේ වැදිතන්තිරි එදිරිවිර රෙජිනෝල්ඩ් ද සිල්වා හෙවත් එදිරිවීර සරත්චන්ද්ර. එයාගේ සංස්කෘතික ජාතිකවාදය ඔහු ජීවත් වූ යුගය තුල විශාල පිළිගැනිමක් තිබුන. ඔහු වටා සිටියේ සිංහල මැද පංතිය. මොරටු කම්කරු පංතියෙන් පැමිණි දෙදෙනෙක් [නිහාල් හා අමරදේව] සංස්කෘතික ඉතිහාසයේ දෙතැනක තියන්න සරත්චන්ද්ර තාප්පය උපකාර කරනව. මීට කලිනුත් ලියපු විදිහට ලංකාවේ සංස්කෘතික බණ්ඩාරනායක වුණේ සරත්චන්ද්ර. මේ දේශපාලන හයිය නිසා ඔහුට සුනිල් ශාන්ත සිංහල සංගීත හා ගීත ඉතිහාසයෙන් අවුරුදු 16 පිටමං කරන්න ශක්තිය තිබුණ. අතිශයම ජනප්රිය කාලේ පවා සී.ටී. ප්රනාන්දු ට ඒක සාටක ගුවන් විදුලියේ දොර වහන්න නියෝහ දෙන්න බලයක් තිබුණ.
චන්ඩාසොක පුත් මහින්දගෙ සංස්කෘතික කොලනිකරණයෙන් පස්සේ නිල වශයෙන් ලංකාවේ විශාලතම ඉංදියානු සංස්කෘතික කොලනිකරණය සිදු කලේ සරත්චන්ද්ර. සමහරවෙලාවට එයා හිතන්න ඇති ලංකාවේ නේරු සොලමන් රිජ්වේ ඩයස් බණ්ඩාරණායක හැටියට. බණ්ඩ කියන්නේ ජේ. ආර්.ටත් වඩා දේශපාලන තක්කඩියෙක්. එයා එම යුගයේ සිංහල සිංහල සංස්කෘතික ව්යාපාරයේ හැම එකෙක්ම ඇන්දුව. සරත්චන්ද්රයි බණ්ඩාරනායකයි අතරේ තියෙන ලොකුම සමානකම දෙන්නම ගල්කිස්සේ ශාන්ත තෝමස් කෝලීජියට යාමට අමතරව දෙන්නම ඉංග්රිසියෙන් හිතල සිංහලෙන් වැඩ කිරීම. මේ දෙබිඩි මනස ලංකාවේ දේශපාලනය තුල පමනක් සංස්කෘතිය තුලත් බලවත් වෙනස්කම් ඇති කළා.
කොහොම වුනත් අපි තාමත් සංස්කෘතිය කියන්නේ අකතුවක් කියන කාරණය පිලිගන්න කමති නෑ. ඒ නිසයි සරත්චන්ද්රට මේව කරන්න පුළුවන් වුණේ. පස්සේ කාලේ අමුණුගම [සරත්] වගේ සරත්චන්ද්රගේ ගෝලයෙක් ජනප්රිය සමාජ විද්යා “බයිලා” ලිවට ඔහු ගුරාගේම ගෝලය. වාසනාවකට 21 වෙනි සියවසේ ලංකාව වේගයෙන් වෙනස් වෙනව. යාළුවන්ට සිංදු කියපු අජිය [අජිත් කුමාරසිරි] තරුවක් වෙන්නේ ඒ නිසයි. ඒත් තාම එයාට සංගීත ප්රසංග කරන්න [පාඩු වෙයි කියල බයට] සිංහල ඩයස්පෝරාව තාම පස්ස ගහනව. කොහොම වුණත් ලංකාව නව දේශපාලන ඉතිහාසයක් ලියමින් ඉන්නේ. ලෝකේ මුල් වතාවට මාස තුනක් ඇතුලත ජන අරගලයකින් ජනාධිපතිය, අගමැතිය ගෙදර යවල ඇමති මණ්ඩල තුනක් මාරු කරපු රටක්. ඉතින් එහෙම රටක එවුනට සංස්කෘතිය වෙනස් කිරීම බර්ලින් තාප්ප කැඩීම මහ කජිජක් නෙවෙයි.