අපරාධවිශේෂාංග

කරාබුවා ආයෙත් ආවොත් හොඳයි….

කරාබුවා හෙවත් තට්ටයා යනු එවකට අපට සිටි දක්ෂ රේඩර් කෙනෙකි. (Raider )

ජාතියේ අවාසනාවකට ඔහු තම රාජකාරියට තිත තැබුවේ තමාට තම වැඩබිමෙන්ම ආ කැපිලි කෙටිලි නිසා ඇතිවුනු කලකිරීම නිසා විය යුතුය.

90 දසකය අග භාගයේ ඔහු තම වැඩ මනාව පෙන්වූ තරුණ මත් වැටලීම් නිලධාරීන්ගෙන් එකෙකි.
රාජකීය විද්යාලයෙන් අධ්යාපනය ලබන ඔහු සුරාබදු අධිකාරියට එකතු වන්නේ සාමාන්ය නියාමකවරයෙකු හෙවත් රාළහාමි කෙනෙකු ලෙසිනි.
බඹරෙක් මෙන් විසේකාර තට්ට කරාබුවා දකින විට වෙව්ලන්නේ මත්ලෝලීන්ට වඩා ජාවාරම්කරුවන්ය.ඔහුට තරාතිරම් නැත.
බඩු අතේ තිබී අසුවන කාට හෝ අම්බානක නෙලන්නේ වරදකරු සත්ය වසං කරන්නට තැත් කරන නිසාය.
කරාබුවා යකඩ කෑලි (ගිනි අවි) වලට හෝ කඩු කිණිසි වලට බය නැත.මනාව කරාටේ නොහොත් කුංග්ෆූ සටන් කලාව පුහුණු කර ඇති ඔහු එහි කලු පටි කාරයෙකි.
අතින් පයින් තුන් හතර දෙනෙකු සමග දඟලා,ඔවුන්ට හොඳ හැටි නෙලා ඔවුන් බිම දැමීම කරාබුවාට සුලු දෙයකි.
98 හෝ 97 වසරේ දිනක මරදාන ලොකට් ලේන් BCC සබන් බන්ටෙකේ ඇල අයිනේ තියාගෙන හොඳ හයේ හතරේ දෙදෙනෙකුට නැහැයෙන් කටෙන් ලේ දානතුරු මූ නෙළන හැටි මම උසාවියට යන පාර උඩ සිට ලයිව් රස විඳ ඇත්තෙමි.
ඔහු තම ඉණේ රැඳි රිවෝල්වරය එළියට අදින්නේ බැරිම තැනය.
එසේ ඇද යකඩය පත්තු කල අවස්ථාද නැත්තේ නොවේ.
කරාබුවාට තම දෙපාර්තමේන්තුව තුලින්ම කැපිලි ආ බව මම දනිමි.
” මේ රාග තාල…”
ගීතය ඔහුම ලියා ඔහුම ගායනා කලේ තම හිතට එනිසා ආ ආවේගය සහ කලකිරීම නිසා කියා මම සිතමි.
මේ විසේකාර බඹරාට විරුද්ධව දූෂණ හෝ අල්ලස් චෝදනා මා අසා නැත.
අපේ රජයන් මොහුගෙන් හරියට වැඩක් ගත්තේද නැත.
එදා මරදාන ලොක්ගේට් ලේන් එකේ බන්ට් එක අයිනේ ගේම දුන්න දාට පසු මම ආයි කවදාවත් ලයිව් දැක නැත.
කවදාවත් කතාබහ කරලාත් නැත.

සංගීත් විජේසූරිය හෙවත් ඒ විසේකාර තට්ට කරාබුවා යලි ආවොත් ඔහු අප රටේ මත් ජාවාරමුන් දඩයම් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *