උපුටාගැනීම්විශේෂාංග

සිනමාව මෙන්ම පුංචි තිරයද ජයගත් මහේන්ද්‍ර පෙරේරා

“එයා දැන් බැඳලා” ටෙලි නිර්මාණය තුල වියපත් පෙම්වතා ලෙසින් අප ඉදිරියට පැමිණෙන මහේන්ද්ර පෙරේරා සැබැවින්ම රිදී තිරය සහ පුංචි තිරය යන ද්විත්වයටම ආලෝකයක් ගෙන දෙන සොඳුරු කලාකරුවෙකි.1956 අගෝස්තු 17 වන දින ගල්කිස්සේදී වින්සන්ට් පෙරේරා මහතාට දාව සෝමා වීරසේකර මහත්මියගේ කුසින් මෙලොව එළිය දුටු මහේන්ද්ර ශ්රීකාන්ත පෙරේරා මහතා දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා විය.
ලාංකීය සිනමාවට, වේදිකා නාට්යයට හා ටෙලි නාට්යය කලාවට තම රංගන හැකියාව ඉදිරිපත් කල මහේන්ද්ර පෙරේරා මේ වනවිට හොඳම නළුවා සහ හොඳම සහය නළුවා යන සම්මාන හිමි කරගෙන ඇත. පරිණත රංගන ශිල්පියෙකු ලෙසින් රිදී තිරය තුල දස්කම් පාන මහේන්ද්ර පෙරේරා දායකත්වය සැපයූ සිනමා නිර්මාණ අතරින් ගාමනී, සුපර්සික්ස්, කොස්තාපල් පුඤ්ඤසෝම, ප්රවේගය, ගින්දරී, ඇඩ්රස් නෑ යන සිනමා නිර්මාණ කිහිපයකි. මේවා අතරින් බොහොමයක් නිර්මාණ තුල තම වයසට අභියෝගයක් කරමින් කෙළිලොල් තාරුණ්ය ඉස්මතු කරන රංගනයක් ඔහු තුලින් දැකගත හැකි විය. සුපර්සික්ස්, ප්රවේගය වැනි නිර්මාණ තුල එය ඉතා හොඳින් ඉස්මතු වේ. සැබැවින්ම ප්රේක්ෂකයාගේ විඩාබරිත මනස සුවපත් කිරීමට හැකියාවක් ඔහුගේ රංගනයන් තුලින් ඉස්මතු වේ.
එනමුත් ඇඩ්රස් නෑ චිත්රපටිය තුල ඔහුගේ රංගනය ඊට හාත්පසින්ම වෙනස් වූවකි. චැප්ලින්ගේ චරිතය තුලින් මනුෂ්යත්වය පිරි මිනිසෙකුගේ දාරක ස්නේහය මනාව විදහා පායි. ලේ ඝනකමට වඩා මනුෂ්යයත්වය උත්තරීතර බව හොඳින් පසක් කරමින් ඔහු රංගනයේ යෙදෙන අතර මෙහි ඇති විශිෂ්ඨත්වය වනුයේ ගොලු චරිතයකට ඔහු ලබාදෙන ප්රාණය ප්රශංසනීයය.
ඔහුගේ රංගන කෞෂල්යය විදහාපාන තවත් නිර්මාණයක් වනුයේ “එයා දැන් බැඳලා” ටෙලි නිර්මාණයයි. ප්රේමය හිමි විය යුතු නමුත් මුදලට විකිණෙන ගැහැනියට ප්රේමය දායාද කරන උතුම් පුරුෂයෙකුට ජීවය දෙන මහේන්ද්ර පෙරේරාගේ රංග ප්රතිභාව ඉතා උසස් අයුරින් මෙම නිර්මාණය තුලින් නිරූපණය වේ. රංගනය යනු යම් චරිතයක් ප්රති නිර්මාණය කර දැක්වීමයි. එය නිර්මාණයක් නොව යථාර්තයක් බව පසක් වන අයුරින් එසේත් නැත්නම් එය සැබෑ චරිතයක් සේ හැඟෙන අයුරින් ප්රේක්ෂක හදවත් සන්තර්පණය කිරීමට හැකි නම් ඔහු විශිෂ්ඨ කලාකරුවෙකි. මහේන්ද්ර පෙරේරා එම අභියෝගය මනාව ජයගෙන තිබේ.
දැනට ඔහු රංගනයෙන් දායක වී තවමත් තිරගත නොවූ නිර්මාණ රාශියක් පවතී. කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ, 1970 Love Story, කතුරු මිතුරු, මාරියා ඒ අතරින් කිහිපයකි.
රංගනය අතින් ඉතා දක්ෂ රංගන ශිල්පියෙකු වන්නා සේම ඔහු සැබෑ ජීවිතයේද නිහතමානී හා සුහදශීලී කලාකරුවෙකි. ඕනෑම අයෙකු සමඟ සුහදශීලීව කටයුතු කරන ඔහුගේ සරල බවද පැසසිය යුතුමය. එසේම ගුරුවරයෙකු ලෙසින් රංගනය පිළිබඳ දැනුම බෙදාලමින් ඉතා දක්ෂ ශිෂ්ය ප්රජාවක් රටට දායාද කරන වටිනා කලාකරුවෙකි. ඔහුගේ ඉදිරි කටයුතු සියල්ල සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා යන්න හදවතින්ම ප්රාර්ථනා කරමි. 💐💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *