2018-07-06 දින ජපානයේ ෂොකෝ අශහාරා (Shoko Asahara) නැමැති අය එල්ළා මැරීමට ලක් කරන ලදී. ඇයි කියලා කියවන්න….
1955 උපන් අශහාරාට, ළමා අවධියෙන් පසු වම් ඇස සම්පූර්ණයෙන් නොපෙනී දකුණු ඇස පමණක් යන්තම් පෙනීය. 77 දී සම්ප්‍රදායික චීන ඖෂධ, චික්ත්සාව පිළිබඳව ඔහු උපාධිය ලබා ගන්නා ලදී. ඔහු 1984 වන විට අවුම් ෂින්රික්යෝ (Aum Shinrikyo) නමින් ආගමික නිකායක් පිහිටුවා ගන්නා අතර, එය 89 වන විට ආගමික සංවිධානයක් ලෙස නිල වශයෙන් ජපානයේ තහවුරු වේ.
සම්ප්‍රධායික ආගම් වලින් චේදනය කරගත් කොටස් වලින් යාග-හෝම, භාවනා, ඉගැන්වීම් ආදිය ඔහුගේ ආගමික නිකායේ අන්තර්ගතයන් විය. වර්තමානයේ මෙම ආගම ඇලෆ් (aleph) නමින් පවතී.
ඔහුන්, ෂින්සෙන් නෝ කායි හෙවත් දෙවියන්ගේ හා මුනිවරයන්ගේ එකතුවක් ලෙස හඳුන්වා දුනි. මෙම ආගමේ විශේෂ ලක්ෂණ කිහිපයක් අපට දැකිය හැකිය. එය ජපානයේ “උගතුන්ගේ ආගමක්” බවට පත් වීම ඒ අතර විශේෂිතයි. ඔහුන් ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයින් ආදී විවිධ උපාධි ධාරන්ගෙන් ක්‍රමිකව වර්ධනය විය.
අශහාරා, “ඉදිරි දිනකදී ජපානය ඇමරිකාවේ ප්‍රහාරයකට ලක්ව මුඬු බිමක් වන බව“ ප්‍රකාෂ කිරීමත් සමග රටම ජාත්‍යාලයෙන් අවධි විය. හිරෝෂීමා, නාගසාකි ඛෙදවාචකයෙන් බැට කෑ ජනතාව එසේ අවධි වීම ගැන අප පුදුම විය යුතු නැත. නමුත්, එම අනාවැකි කීමත් සමග ඔහු තම ආගම ඉතා සාර්ථකව රට තුල ශක්තිමත් කර ගත්තේය. නිකායට මුදල්ද යහමින් ලැබිණි.
අවුම් ෂින්රික්යෝ ආගම තුලින් කැපී පෙනෙන ප්‍රකාශයක් ඇත. “ලොව සියලු දෙනා ඝාතනයට ලක් කර, එය නැවත ප්‍රතිනිර්මාණය කල යුතුයි” අදහස දැරීමයි
89 දී ෂින්රික්යෝ නිකායට ට්සුට්සුමි සකමොටෝ නම් නීති වේදියා නඩු පැවරූහ. නමුත් දින කිහිපයකට පසු ඔහුගේ බිරිඳ සහ දරුවන් නිදි යහනේම මිය ගියේය (ඝාතනය විය). නිකායේ වැඩ රහසිගතව ඇරඹෙන්නේ එතැන් සිටය.
ඔහුන් විසින් සරීන් වායුව නිපදවා අත්හදා බලන්නට විය. මුලින්ම නිපදවූ සරීන් වායුව මහල් නිවාස සංකීර්ණයක් අසල මුදවාහැර අත්හදා බැලීය. 7 දෙනෙකු පමණ මිය ගොස් 500 පමණ රෝහල් ගතවිය. එම සාර්ථකත්වය මත පසුව ඔහුන්ගේ පළමු ප්‍රහාරය දියත් විය.
ඊට මාස කිහිපයකට පසුව (1995-03-20) ඔහුන් නිපදවූ සරීන් වායු සහිත බෑග් කිහිපයක් ටෝකියෝ උමං දුම්රිය මැදිරිතුල රඳවා ඒවා සිදුරු කර වායුව මුදවා හැරීය. බලාපොරොත්තුව වූවේ එම දුම්රිය පොල සහ තවත් දුම්රිය පොල ඉලක්ක කර දස දහසක් පමණ ඝාතනය කිරිම වූවත්, එය සාර්ථක නොවීය. නිපදවූ වායුව කිසියම් දෝශ සහිත තත්වයක් තිබීම හේතුවෙන් 13 පමණ මිය ගොස්, 5500 ක් පමණ රෝහල්ගත විය.
මෙම ඝාතනවල මොළ කරුවන් සොයා වහා නීතිය ක්‍රියාත්මක විය. 1995-මැයි-16 අශහාරා සහ තවත් අනුගාමිකයන් රැසක් අත්අඩංගුවට පත්වේ. චෝදනා රාශියක් යටතේ නඩු විභාග වන අතර, 2006 දී ඔහුට මරණ දඬුවම තීන්දු කරයි. නමුත් විවිධ අභියාචනා හමුවේ එය මෑතක් වනතුරු ක්‍රියාත්මක නොවුනු නමුත්, පසුගිය දිනක මරණ දඬුවම රහසේම ක්‍රියාත්මක කර ඇත.
නඩු තීන්දු ප්‍රකාශයට පත් කල විනිසුරු අශහාරාගෙන් යමක් කීමට ඇති දැයි ඇසීය.
“මෙම ක්‍රියාවට මා වැරදිකරු කළත්, එය මා කරන ලද්දේ දෙවියන්ගේ උපදෙස් මතයි. මා මෙහෙයවන ලද්දේ උන් වහන්සේයි. මා වැරදිකරු කිරීමට හවුල් වූ විනිසුරු ඇතුලු සියළු දෙනාටද දෙවියන් දඬුවම් ලබා දෙනු ඇත.“
ඒ සමගම විනිසුරු මෙසේ කියා ඇත.
“අප පුදුම වියයුත්තේ මෙම යුෂ්මතා ගැන නොව ඔහුගේ අනුගාමිකයන් වූ විද්‍යාඥයන්, උපාධිධරයන් ඇතුළු උගතුන් පිළිබඳවයි.“
මා කියන්නේ මෙයයි.
ලොව අප දකින වත්මන් ඕනම ආගමක් හෝ ආගමික නායකයින්, ජාතිවාදී නායකයින් පිරිසකට බලය ලැබුණොත් ඔහුන්, අළුගෝසු චරිතයට පණ පොවයි.
වත්මන් මහනායක, අනුනායක, කාදිනල්, උලමාවරු, වෙන්ඩ හිට්ලර් වැනි අයගෙන් ප්‍රචලිත වෙන්නේ එහි අත්තිවාරමයි.