උපුටාගැනීම්විශේෂාංග

හඳහන් නොගැලපුන අපේ කසාදේ….

(මීට අවුරුදු දෙකහමාරකට විතර කලින්, හැඩිගම පැත්තේ හොඳම නමගිය ජෝතිශ්යවේදිනියක් ලග..)
මම : මිස් අපේ හඳහන් දෙක පොඩ්ඩක් බලලා කියනවද කොහොමද කියලා අපි Next year marry කරන්නයි ඉන්නේ.. අපි දෙන්නම ඉපදුනේ පෙබරවාරි 25 නිසා එදාම Wedding එක ගන්නයි ආසාව…
ජෝතිශ්යවේදිනිය : පෙබරවාරි ? හ්ම් කෝ දෙන්න බලන්න…
(මට වෙලාවල් ගැන විශ්වාසයක් නැති උනත් මං මගේ girl friend එක්ක ගියේ පවුල් වල අය ඕවා බලන නිසා… නැකත් නැතුව කලොත් හරියන එකක් නෑ කියනවනේ.. හික්ස්.. අනේ මන්දා සුද්දෝ අපිට වඩා දියුනු මොන වෙලාවට වැඩ කරලද කියලා හිතාගන්න බෑ.. 😜)
(ටික වෙලාවකට පසු)
ජෝතිශ්යවේදිනිය : මේ හඳහන් දෙක නම් පොඩ්ඩක් වත් ගැලපෙන්නේ නෑ නේ…. ඔයාලා දෙන්නා බැන්දොත් මාසයක් වත් එක වහලක් යට ඉන්න වෙන්නෙ නෑ… මේක නම් කරන්න එපා…
මං : ඇහ්… (එච්චරයි කියවුනේ… දෙන්නම කට ඇරගෙන මූනට මූන බලගත්තා… ඇත්තටම මට නම් අවුලකට වඩා ආවේ කේන්තියක්… love එකටත් අවුරුදු 3ක්. මගේ ගෑනිට මොනවා හිතෙන්න ඇත්ද කියලා හිතුනා. )
මං : හ්ම්… කමක් නෑ පෙබරවාරි මාසේ හොද දිනයක් බලලා කියන්න පුලුවන් ද?
ජෝතිශ්යවේදිනිය : පෙබරවාරි කියන්නේ අඩු මාසයක් නේ… ( K හිනාවක් දමමින් ) ඒ මාසේ කසාද ගන්නෙ නෑ.. පිස්සුද ලමයෝ…
මං : ඉතින් පෙබරවාරි මාසේ ඉපදෙන්න හොදයි නම්. කසාද බදින්න හොද නැති වෙන්නේ කොහොමද? ( මටත් දැන් යකා වැහීගෙන… )
ජෝතිශ්යවේදිනිය : ඒ උනාට පෙබරවාරි මාසේ නැකත් නෑ… කොහොමත් මේ හදහන් ගැලපෙන්නේ නෑ…
අපි දෙන්නා එලියට ආවේ බදින්න කලින් Pregnancy test එකක් Positive උනා වගේ Feel එකකින්… මට නම් තාමත් මල… මං මගේ ගෑනි දිහාවට හැරිලා කිව්වා. ඔයාව මෙච්චර කාලයක් බලා ගත්තා වගේ මං මැරෙනකල් ම බලාගන්නවා.. මේ ගංකබර *#&$% කියන ඒවා මට වැඩක් නෑ… අපි බැඳලා ජොලි කරලා හැමතැනම ඇවිදලා පස්සේ 30 වගේ වෙද්දි ළමයෙකුත් හදලා ආපහු මෙතනට එමු කියලා.. ඇවිල්ලා කුනුහරුපෙන් කෑගහමු කියලා.. මගේ ගෑනි හිනා උනා.. දන්නවා මන් එහෙම කෑහගන එකෙක් නෙමෙයි කියලා… 😜😜😁
ඊට පස්සේ එයාලගේ අම්මලත් බලලා තිබ්බා එක එක තැන් වලින්… එයාලටත් ඒකමයි කියලා තිබ්බේ… හදහන් නම් ගැලපෙන්නේ නෑ තමයි… ඒක නිසා මෙච්චරකල් මට කැමැත්ත දීලා හිටිය එයාගේ පවුලේ අයත් බරබරේ දැම්මා… ඒත් මගේ කෙල්ලට මං ගැන විශ්වාසයක් තිබ්බා… මගේ අම්මට මං විස්තරේ කිව්වා.. අම්මා කිව්ව එකමදේ තමයි… උබේ තාත්තගෙයි මගෙයි හඳහන් බලලත් ඕකමයි කිව්වේ… ඕවා විශ්වාස කරන්නේ නැතුව අර ළමයා උබට හොඳයි නම් බැදපන්…
අදට අපි කසාද බැදලා අවුරුදු 2 ක්… අද වෙද්දී ගොඩාක් හොදින් අපි දෙයියනේ කියලා ඉන්නවා…
උබලට කියන්න තියෙන්නෙත් හඳහන් වෙලාවල් නැකැත් කියන ඒවා කලාට කමක් නෑ ඕනවට වඩා අදහන්න යන්න එපා… හොදට පොරොන්දම් ගැලපිලා බැඳපු උන් කසාද කඩාගෙන පිස්සු නටනවා මං දැකලා තියෙනවා… සමහර ගෑනු අපා දුක් විදිනවා… අදටත්… ගැලපෙන්නේ නෑ කිව්ව උන් හොදට පවුල් කනවත් මං දැකලා තියෙනවා… ඕනි පවුලක ප්රශ්න එනවා.. ඒත් ඒවා මොලේ කල්පනා කරලා විසඳගනින්… උබලගේ අම්මලා මේවා ගැලපුවාට උබලා උබලගේ ළමයිට මේවා බලන්න යන්න එපා…
මෙහෙමයි මගේ පවුල හෙට උනත් මොකක් හරි ප්රශ්නයක් වෙලා කැඩෙන්න පුලුවන්.. ඒත් ඒක අර හදහන නිසා නෙමෙයි කියලා Sure බං…
මේක මට වෙච්ච ඇත්ත කතාවක් නිසයි බය නැතුව කියන්නේ… අර ප්රවීන ජෝතිශ්යවේදිනියගේ නම කියන්නේ නෑ හරි නැති නිසා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *