අත්දැකීම් සහිත පලපුරුදු දේශපාලකයන්ට බලය දිය යුතු බවට අලුත්ම දේශපාලන තර්කයක් දැන් සාකච්චා වෙනව. මෙයට නූතන දේශපාලන ඉතිහාසයෙන් උත්තරයක් දිය යුතුයි.
01. රනිල් විඋක්රමසිංහ – 1977 රනිල් බියගම මංත්‍රීවරයා වෙද්දී ඔහු නඩු නැති නීතීඥයෙකි. මට රාවය කතෘ වික්ටර් අයිවන් කියූ ආකාරයට 1972 දී වික්ටර් අපරාධ යුක්ති විනිශ්චය කොමිසම ඉදිරියේ 71 කැරැල්ලේ සැකකරුවෙකුව සිටිද්දී හිරගෙදරට ඔහු හමුවෙන්නට තම්බපු ඉස්සෙක් බදු නීතීඥයෙකු ආවේය. ඔහු පැමිණ තිබුනේ වික්ටර් වෙනුවෙන් නොමිලේ ඔහුගේ නඩුවට කතා කිරීමටය ඔහු වෙනින් කවුරුවත් නොවේ. නඩු නැති නීතීඥයෙකු වූ රනිල් වික්‍රමසිංහය.
රනිල් 1977 එජාප ආන්ඩුවේ නියෝජ්‍ය විදේශ ඇමැති විය. 1978 දී ඔහු තරුණ කටයුතු හා රැකීරක්ෂා ඇමැති කෙරුණේය. 1982 වෙද්දී ඔහුට අධ්‍යාපන ඇමැතිකමද හිමිවිය. මේ සා බරපතල ඇමැතිකම් ජේ.ආර්. මාමා දෙද්දෙදී කිසිවෙකු රනිල්ගේ පලපුරුද්ද විමසුවේ නැත. කෙසේ වෙතත් ඔහු මේ ඇමති තනතුරු දරද්දී ලංකාවේ තරුණ පරපුරෙන් ලක්ෂයකට වඩි ප්‍රමාණයක් ඝාතනය විය…!
02. 1960 පළමු මැතිවරණය වෙද්දී සිරිමා බණ්ඩාරනායක සිටියේ හොරගොල්ල වලව්වේ කුස්සියේය. 1960 දෙවැනි මැතිවරණය වෙද්දී සෙනෙට් මණ්ඩලයේ මංත්‍රි පදවියකින් ඇතුළු වූ සිරිමා රටේ අගමැතිවරිය පමණක් නොව ලෝකයේ මුල්ම අගමැතිවරිය වෙද්දී කිසිවෙකු ඇගේ පලපුරුද්ද ගැන ප්‍රශ්න ඇසුවේ නැත.
03. ජේ. ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුවට එන්නේ 1943 කැලණිය අතුරු මැතිවරණයෙනි. ඔහු ද රනිල් බෑණා මෙන්ම නඩු නැති පෙරකදෝරුවෙකි. 1947 මහා මැතිවරණයෙන් පසු ඔහු රටේ මුදල් ඇමති කෙරුණේය. කිසිවෙකු ඔහුට එකල මුදල් ඇමතිකම දැරීමට ඇති සුදුසුකම් ගැන ප්‍රශ්න කළේ නැත.
04. 1994 චන්ද්‍රිකා කුමාරතුංග අගමැති වෙද්දී දරා තිබූ එකම තනතුර වූයේ බස්නාහිර පළාතේ මහ ඇමතිකමය. එහෙත් ඇය තවත් වසරකින් ජනාධිපතිවරිය වූවාය. ඇගේ පළපුරුද්ද ගැන කිසිවෙකු සැක කළේ නැත.
සිරිමා හා චන්දිරිකා ආණ්ඩුවල කුස්සි කැබිනට්ටුවල හිටියේ හතරවරිගයේ නෑයෝ. රනිල්ගේ ආධ්‍යාපන, තරුණ කටයුතු හා රැකීරක්ෂා ඇමතිව සිටිද්දී ලඟම උපදේශකයා ගෝනවල සුනිල්….!
මෙසේ දේශපාලන තනතුරුවලට පළපුරුද්දක් නැතිව කෙරුණු තේරීපත්වීම් ගැන දිග ලයිස්තුවක් ලිවීමට පුළුවන. එහෙත් මේ මරි මෝඩ තර්කයට මිට වඩා පිලිතුරු ලිවීම අනවශ්‍ය ය.