දේශපාලන නායකයන්ගේ බිරින්දෑවරුන් ප්‍රසිද්ධ දේශපාලනයට හා වේදිකාවට නැග්ග වීම දැන් ජනාධිපතිවරණ සංවාදයේ අලුත්ම කතිකාව වී තිබේ. එය අතීතයෙන් පාඩම් ඉගෙන නොගැනීම මෙන්ම වාචාල දේශපාලනයේ ප්රතිඵලයකි. බිරිදෑවරුන් මෙන්ම පෙම්වතියන්ද දේශපාලනයට කැන්දා ගැනීමෙන් මෑත දේශපාලන ඉතිහාසය අපට සිහිපත් කරන පාඩම් මොනවාද?
එහි නරකම පාඩම් අපට උගන්වා ඇත්තේ සොලොමන් ඩයස් බණ්ඩාරනායකගේ පවුලය. එහෙත් බණ්ඩාරනායකගේ පවුල් දේශපාලනයේ කතා ලිවීමට පෙර සේනානායක පවුලේ බිරින්දෑවරුන්ගේ දේශපාලනය පළමුව සටහන් කළ යුතුය.
ස්වර්ණා නීලා..
පලමු අගමැති ඩී.ඇස්. සේනානායක විවාහ වී සිටියේ උඩරට දුණුවිල වලව්වේ මොලී දුණුවිල සමඟය. මොලී ප්‍රසිද්ධ දේශපාලනයට නොපැමිණියාය. එහෙත් ඇගේ බාල පුතා රොබට් විවාහ වී සිටියේ නීලා සේනානයක සමඟය. ස්වර්ණා නීලා යනු ඩී.ඇස්.ගේ සොහොයුරු ඇෆ්. ආර්. සේනානායකගේ දියණියකි. ජේ. ආර්. ජයවර්ධනගේ ජීවිත කතාව අනුව ඩඩ්ලි සේනානායකගේ පමණක් නොව ආර්.ජී. සේනානායකගේ (ඇෆ්. ආර්.ගේ පුතෙකි) දේශපාලන තීරණ පිටුපස ස්වර්ණා නීලා සේනානායක සිටියාය. ජයවර්ධනට අනුව අවිවාකයෙකු වූ ඩඩ්ලි ස්වකීය දේශපාලන තීරණවලට නීලාගේ අනුමතිය ලබා ගත්තේය.
විමලා විජේවර්ධන
සොලොමන් ඩයස් බණ්ඩාරනායක ජීවතුන් අතර සිටින තෙක් බලංගොඩ මහවලතැන්නේ වලව්වෙන් විවාහ කර ගත් සිරිමා රත්වත්තේ දේශපාලන වේදිකාවට නොකැඳවීය. එහෙත් ඔහු තම දේශපාලන භික්ෂු පෙරමුණේ නායකයා වූ එවකට කැලණි විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිතගේ ප්‍රකට පෙම්වතිය වූ විමලා විජේවර්ධන දේශපාලනයට ගෙනාවේය. ලංකාවේ මුල්ම කැබිනට් ඇමතිවරිය බවට පත් වන්නේ මේ දේශපාලන ගනුදෙනුව නිසාය. එහෙත් බණ්ඩාරණායක 1959 ඝාතන කෙරෙද්දී එහි ප්‍රධාන සැකකරුවෙකු හා සැකකාරියක වූයේ බුද්ධරක්ඛිත හා විමලා ය….!
“සිරිමාවෝ” කළ සිරිමා
බණ්ඩාරනායක ඝාතනයෙන් පසු කවිකොලකාරයන් “සිරිමාවෝ” කළ සිරිමා දේශපාලනය ආවා පමණක් නොව ඇගේ දූ දරුවන් හා රත්වත්තේ හතරවරිගයම දේශපාලනයට කැන්දා ගෙන ආවාය. ඔවුන්ට නොයෙකුත් රාජ්‍ය තනතුරුද පිරිනැමුවාය. 1976 දී එජාපය ‘පවුල් ගස’ නමින් පොත් පිංචක් රචනා කළේ මේ රත්වත්තේ- බණ්ඩාරනායක පවුල් වාදය රටට හෙළිකිරීමට ය.
එලිනා රූපසිංහ
ජේ. ආර්. ජයවර්ධනගේ බිරිඳ, එලිනා රූපසිංහ ජයවර්ධනය. එලීනා ජයවර්ධනගේ රාජ්‍ය උත්සවවල දී පමණක් ඇගේ සැමියා සමඟ වේදිකාවලට ගොඩ වුවාය. එහෙත් හිටපු ඉංදිය මහකොමසාරිස්, ජේ. එන්. ඩික්සිත්ගේ ‘කොළඹ භූමිකාව’ පොතට අනුව ජයවර්ධනගේ දේශපාලන තීන්දු තීරණ පිටුපස එලීනා සිටියාය. ජයවර්ධන බිරිඳ අකමැති හා ඇගේ අනුමැතිය නැති දේශපාලන තීන්දු කිසිවක් ක්රියාවේ නොයෙදවීය.
කැසිනෝකාරයන් හා එතනෝල් කාරයන්ගේ සමීප මිතුරිය හේමා..
1993 මැයි මාසයේ රණසිංහ ප්‍රේමදාසගේ ඝාතනය වූ පසු ඔහුගේ බිරිඳ හේමා ඔහුගේ අනුප්රාප්තිකාව කිරීමේ උත්සාහයේ ප්‍රකාශකයා වූයේ ඊයේ පෙරෙදා මිය පරලොව ගිය හුණුපිටියේ ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර ය. ගලබොඩගේ මේ වියරු උත්සාහය වැලකුනේ පසු කළෙක ඝාතනය වූ ගාමිණී දිසානායක ඇතුළු එවකට සිටි එජාප නායකයන්ගේ දුරදක්නා නුවන නිසාය. සැමියා ජනාධිපතිව සිටිද්දී කැසිනෝකාරයන් හා එතනෝල් අරක්කු නිෂ්පාදකයන්ගේ සමීප මිතුරිය වූයේ හේමා ප්‍රේමදාසය. සැමියා ඝාතන වූ පසු හේමා කොටුවේ ජනාධිපති මන්දිරය හැර යද්දී එහි තිබූ වටිනා චිත්‍ර, මැණික් පමණක් නොව හැඳි ගෑරුප්පු පවා අතුරුදහන් විය. ජනාධිපති ඩී.බී. විජේතුංගගේ සමීපතම නිලධාරියෙකු මේ ලේඛකයාට පැවසු ආකාරයට මේ සාපරාධී කොල්ලය කොතරම් විනාශකාරී ද කීවොත් ජනාධිපති විජේතුංග ජනාධිපති මංදිරයට යන්නට පෙරම එහි තිබූ ගෘහ භාන්ඩ හා පෞරාණික වස්තු ගැන ‘ඉන්වෙන්ටරියක්’ හැදීමට නියෝග කළේ එහි තිබූ වටිනා භාන්ඩ සොරකම් කිරීමේ චෝදනාවෙන් ගැලවෙන්නට ය.
රජ ගෙදර වල්ලභයා සනත් ගුණතිලක
චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වෙද්දී වැන්දඹුවකි. එහෙත් රජ ගෙදර වල්ලභයා මෙන්ම ඇගේ මාධ්‍ය උපදේශකයා වූයේ සිනමා නළු සනත් ගුණතිලකය. සනත් ගුණතිලක චන්ද්‍රිකා පාලනය යටතේ රඟපෑවේ හේමා ප්‍රේමදාසගේ පිරිමි චරිතයයි. එය ඔහුගේ වත්කම් සොයන දවසක එහි විමර්ශකයන්ට සොයා ගැනීමට හැකිවෙනු ඇත.
මෛත්‍රි වික්‍රමසිංහ
රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකයාව සිටිද්දී විවාහ කර ගත්තේ මහාචර්ය මෛත්‍රි වික්‍රමසිංහය. මෛත්‍රි, කොළඹ ඇකඩමියාව තුල ප්රකටව සිටියේ ස්ත්‍රීවාදී ලිබරල් බුද්ධිමතියක් ලෙසය. “අපොයි මම දේශපාලනය නොකරමි’යි කියමින් මෛත්‍රි, පිං ජනාධිපති සැමියා වෙනුවෙන් කොඩි වනමින් සිටින්නේ ඇගේ ස්ත්‍රීවාදී ලිබරල් දේශපාලනය රෙද්ද පල්ලෙන් බේරෙමින් තිබෙද්දී ය.
ජලනී..
දැන් බිරින්දෑලාගේ දේශපාලනය අලුතෙන්ම එකතු වන්නේ ජලනී ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායකගේ බිරිඳ ය. ජලනී, ‘සැලෝන්’ කර්මාන්තයෙන් මඳ විරාමයක් ගෙන දේශපාලනයේ යෙදෙනු අපට පෙනෙන්නේය. ජලනී සැලොන් කර්මාන්තයේ යෙදෙන්නේ ද තම ස්වාමියාගේ දේශපාලන හයිය අරගෙන බලහත්කාරයෙන් දේපොල අත්පත් කර ගනිමිනි. ඇයගේ ජාල් සැලොන් ගොඩනැගිල්ලට ගෙවිය යුතු මාසික කුලිය හෝ ගෙවන්නේ නැත. ඒ සම්බන්ධයෙන් ජාල් සැලොන් ගොඩනැගිල්ල හිමි තෙන්නකෝන් දැන් අධිකරණයේ නඩු දමා ඇත.
නමක් ගමක් නොදන්නා අනුර කුමාරගේ බිරිඳ
එහෙත් අනුර කුමාරගේ බිරිඳ දේශපාලනයේ යෙදෙනු තබා ඇගේ නමක් ගමක්වත් අප්‍රකටය. එය යහපත් දේශපාලනකට මඟ කියන්නේය. අප හොඳින්ම දන්නා පරිදි අනුර කුමාර විවාහ කර ගත්තේ යුධ සෙබලෙකුව සිට ඊළාම් යුද්ධයේ දී මිය ගිය ඔහුගේ සහෝදරයෙකුගේ බිරිඳය. ඇයට මුල් විවාහයෙන් සිටි දරු දෙදෙනා සමඟම අනුර කුමාරගේ රැකවරනය ලැබුණි. මෙය පවුලක සොහොයුරෙකුට කළ හැකි බලවත්ම උපකාරයකි.
කැසිනෝකාරයන්, එතනෝල් අරක්කුකාරයන් සමඟ දේශපාලන ඩීල්වලට නොයන, සැමියාගේ හයියෙන් හිල්ටන් හෝටලයේ සැලොන් පවත්වාගෙන යන, තමන්ට අහම්බෙන් බලය ලබුණු පසු හතරවරිගෙන් දේශපාලන පවුල් ගසක් තනන දේශපාලන බිරිඳක් රටේ නායකයෙකුට නොසිටීම රටේ ජනයාට සහනයකි. එය අනාගත දේශපාලනයට වැදගත් පූර්වාදර්ශයකි. ‘මඟ සිටියෝත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී’ යන කරුමක්කාර දේශපාලනයෙන් නිදහස් වීමකි.