ඇල්පිටිය ඉතිහාසයේ විශාලතම දේශපාලන රැළියක් මා දුටුවේ 1994 දී ය. ඒ දකුණු පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් පැහැර ගැනීමෙන් පසුව ඇතිවූ නොසන්සුන්තාව මැඩපැවැත්වීමට පැවැත් වූ අතුරු මැතිවරණයේ දී ය. ඒ වනවිට එජාප දාහත්වසරක පාලනය සමාජයට එපා වී තිබූ අතර ” චන්ද්රිකා දිනනවා” යන දේශපාලන සංකල්පය ජනතාව අතර තහවුරු වී තිබුණි. එනිසා හාඩ්කො යූඑන්පීකාරයන් හැර සෙසු ජනයා පොදු ජන එක්සත් පෙරමුණට සහායදීමට ඉදිරිපත් විය.
අද දින ඇල්පිටියේ දී පැවැති ජාතික ජන බලවේගයේ රැළිය 1994 දී පැවැති මා මුලින් කී පොදු ජන එක්ස්ත් පෙරමුණේ රැළියට පසුව පැවැති විශාලතම රැළිය විය යුතූය. ඡායාරූප, වීඩියෝ දර්ශන, ඩෝන කැමරා ඡායාරූප හා එහි සිටින මිත්රයන් පවසන තොරතුරු අනුව විශාල ජන රැල්ලක් ජාතික ජන බලවේගය වටා රොක් වී සිටී. වෙන දා ජවිපෙ රැස්වීම් වලට සහභාගී වන සම්ප්රදායික ජේවීපි සාමාජිකයන්ගේ ශරීර භාෂාවට වඩා වෙනස් වූ ශරීර භාෂාවකින් යුතු වාමාංශික ජනතාවක් රැස් කකා බලාපොරොත්තු සහගතව එම රැස්වීමේ සිටින අන්දම පුදුම එළවන සුළු ය.
බෙන්තර ඇල්පිටිය කොහොමත් වාමාංශික ප්රදේශයකි. එහි බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ 1977-1994 කාලය තුළ පමණි. 1977 මහ මැතිව්රණයේ දී එක්සත් ජාතික පක්ෂය ලැබූ වැඩි ඡන්ද එකොලොස් දහස ඊට පස් වසරකට පසුව පැවැති 1982 ජනාධිපතිවරණයේ දී වැඩි ඡන්ද එක්දහස් පන්සීයකට අඩුවිය. ඊට පසුව පැවැති සෑම මැතිවරණයක දී ම යූඑන්පිය ජයග්රහණය කළේ යන්තම් වැඩිඡන්ද දෙතුන් දහසකිනි. නමුත් 1994 දකුණු පළාත් සභා මැතිවරණයෙන් පසුව හිස එසවීමට එජාපයට නොහැකිවිය.
2005 ජනාධිපතිවරණයේ පටන් ඒ වාමාංශික බලය කොල්ල කා ගැනීමට රාජපක්ෂවරුන්ට හැකිවිය. 2019 දී ත් රාජපක්ෂවරුන් බෙන්තර ඇල්පිටිය ඉහළින්ම ජය ගත්තේය. නමුත් මෙවර ජනාධිපතිවරණයේ දී බෙන්තර ඇල්පිටියේ වමේ බලය ජාතික ජන බලවේගයට හිමිවන බව නම් ස්ථිර ය.
මෙවර මහ ජනයා තම ඡන්දය පාවිච්චි කරන්නේ ඒ ඒ පක්ෂයේ ප්රතිපත්තිය මත නොවේ. “රට අනුරට” යැයි සංකල්පයක් ජන ගත වී තිබේ. එය ජනමනසේ අධිපති ලෙස ස්ථාවර වී ඇත. ඊට බැහැරින් යන්නට කිසිම පක්ෂයක හාඩ් කෝ පාක්ෂිකයන්ට නොහැකිය.
සටහන –